bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Acts 5
Acts 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 6 →
1
එහෙත්, අනනියස් නම් වූ මිනිසෙක් තම භාර්යාව වූ සපිරා සමඟ ඉඩම් කැබැල්ලක් විකුණා,
2
තම භාර්යාවගේ ද අනුදැනුම ඇතිව, විකුණූ මිලෙන් කිසියම් කොටසක් තමන්ටම තබාගෙන, කොටසක් පමණක් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.
3
එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?
4
විකිණීමට පෙර ඉඩමේ අයිතිය ඔබේම නො වේ ද? එය විකුණා ලැබුණු මුදලත් ඔබේ මනාපය යටතේ නො වේ ද? මෙහෙම දෙයක් කරන්නට ඔබේ හදවත පෙලඹුණේ කෙසේ ද? ඔබ බොරුකර ඇත්තේ මිනිසුන්ට නො වෙයි; දෙවියන්වහන්සේට” යැයි කීවේ ය.
5
අනනියස් ඒ ඇසූ කල, ඇද වැටී, මළේ ය. ඒ වග ඇසූ සියල්ලන් පිට මහා බයක් පැමිනුණේ ය.
6
තරුණයෝ නැගිට, ඔහුගේ මිනිය ඔතා, එය පිටතට ගෙන ගොස්, ඔහු වළ දැමූහ.
7
පැය තුනක පමණ විරාමයකින් පසු ඔහුගේ භාර්යාව එතැනට ආවේ සිදු වූ කිසිවක් නො දැන ය.
8
පේතෘස් ඇය අමතමින්, “මට මේක කියන්න; ඉඩම විකිණීමෙන් ඔබ දෙපොළ ලැබූ මුදල මෙපමණ දැ?” යි ඇසී ය. “එසේය, මුදල එපමණකි” යි ඕ පිළිතුරු දුන්නා ය.
9
එවිට පේතෘස්, “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ දෙපොළ එකඟ වූයේ කෙසේ ද? අන්න! නුඹේ ස්වාමි පුරුෂයා භූමදාන කළ අය ආපසු දොරකඩටම ඇවිදින්; ඔවුන් නුඹත් එලෙසම ගෙන යනු ඇතැ” යි කීවේ ය.
10
එකෙණෙහිම ඔහුගේ පාමුල ඇද වැටුණු ඕ මළා ය. එවිට ඇතුළට පිවිසි තරුණයෝ ඈ මිය ගොස් සිටිනු දැක, ඇගේ මිනිය පිටතට ගෙන ගොස්, ඇගේ ස්වාමි පුරුෂයා පසෙකින් ඇය වළ දැමූහ.
11
මුළු සභාව ද සිදු වූ දෑ ඇසූ සියල්ලෝ ද මහා භීතියකින් වෙළී ගියෝ ය.
12
අපෝස්තුලුවරුන්ගේ අත්වලින් ජනයා අතරේ දක්වන ලද අනුහස් ලකුණු ද හාස්කම් ද බොහෝ ය. සියලු ඇදහිලිවත්හු දේව මාලිගයේ සලමොන්ගේ මණ්ඩපයේ එක්රැස් වීම සිරිතක් කොට ගත්හ.
13
ඔවුන් හා එක්වීමට සෙසු කිසිවකුටත් ධෛර්යය තිබුණේ නැත. එහෙත් ජනයා ඔවුන් ඉතා උසස් කොට සැලකූහ.
14
තවද ස්ත්‍රී-පුරුෂ දෙගොල්ලෙන් යුතු ජන සමූහයෝ වඩ වඩා ස්වාමින්වහන්සේ අදහා ගනිමින් ඇදහිල්ලට එකතු වූහ.
15
පේතෘස් යන එන අතරේ, අඩු වශයෙන් ඔහුගේ සෙවණැල්ලවත් යමකු පිට වැටෙන පිණිස ජනයා මං මාවත්වලට රෝගීන් ගෙනවුත්, යහන් හා පැදුරු මත ඔවුන් තැබූහ.
16
තවද යෙරුසලම අවට නගරවල ජනයා, රෝගීවූවන් ද අශුද්ධාත්මවලින් පීඩා විඳින්නවුන් ද ගෙනවුත්, රැස් වී සිටියහ. ඒ සියල්ලෝ සුව කරන ලද්දෝ ය.
17
එබැවින් උත්තම පූජකයා ද සද්දුසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඔහුගේ හවුල්කරුවෝ සියලු දෙනා ද අපෝස්තුලුවරුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පිරී,
18
ඔවුන් අත්අඩංගුවට ගෙන, පොදු සිරගෙයි දැමූහ.
19
එහෙත් එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිරගෙයි දොරටු හැර, ඔවුන් පිටතට ගෙනවුත්, කතා කොට,
20
“ගොස්, දේව මාලිග මළුවේ සිටගෙන, මේ නව ජීවනය පිළිබඳ සම්පූර්ණ පණිවුඩය ජනතාවට පවසන්නැ” යි කීවේ ය.
21
ඒ අනුව ඔවුහු දවස උදා වෙත්ම, දේව මාලිගයට පිවිස, ජනතාවට උගන්වන්නට වන්හ. ඒ අතර උත්තම පූජකයා, තම හවුල්කරුවන් ද සමඟ පැමිණ, ඉශ්රායෙල් මුළු වැඩිහිටි සමාජය වන මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුලුවරුන් ගෙන ඒමට සිර ගෙදරට මිනිසුන් යැවී ය.
22
එහෙත් සිර ගෙදරට ආ ඒ නිලධාරීන්ට එහිදී ඔවුන් හමු වුණේ නැත. එබැවින් ආපසු ගිය ඔවුහු කරුණු සැල කරමින්,
23
“සිරගෙයි දොරටු ආරක්ෂිත ව අගුළු ලා තිබෙනු ද මුර භටයින් දොරටු මුර කරමින් සිටිනු ද අප දුටු නමුත්, දොරටු ඇරිය විට ඇතුළේ කිසිවකුත් අපට දකින්නට ලැබුණේ නෑ” යි කීහ.
24
එපුවත ඇසූ දේව මාලිගයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද නායක පූජකවරු ද මෙයින් කුමක් වේ දෝයි සිතාගත නො හැකිව අන්ද මන්ද වූහ.
25
එවිට ම කෙනෙක් ඔවුන් වෙත පැමිණ, “අන්න! ඔබ සිරගෙයි දැමූ මිනිස්සු දේව මාලිගාවේ සිටගෙන, ජනතාවට උගන්වති” යි දැන්වී ය.
26
එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි.
27
මෙසේ අපෝස්තුලුවරුන් මන්ත්‍රණ සභාව ඉදිරියට පැනවූ පසු, උත්තම පූජකයා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය.
28
“මේ නාමයෙන් ජනතාවට නූගන්වන ලෙස අපි නුඹලාට තරයේම නියෝග කළෙමු. එහෙත් නුඹලා, නුඹලාගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලම් නගරයම පුරවා, මේ මිනිසාගේ ලේ ගැන අප වරදකරුවන් කරන්නට අදහස් කරති” යි කීවේ ය.
29
පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.
30
ඔබ විසින් ගසක එල්ලා මරා දමන ලද යේසුස්වහන්සේ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිට වූ සේක.
31
ඉශ්රායෙල් ජනයාට පසුතැවිල්ලත්, පාප කමාවත් දෙන පිණිස උන්වහන්සේ අධිපතියාණන් ද ගැලවුම්කරුවාණන් ද කොට දෙවියන්වහන්සේ ස්වකීය දකුණු පසට උන්වහන්සේ උසස් කළ සේක.
32
අපියි මේවාට සාක්ෂිකරුවෝ; තමන්වහන්සේට කීකරු වන්නන් හට දෙවියන්වහන්සේ ප්‍රදාන කළ ශුද්ධාත්මයාණෝත් සාක්ෂි වන සේකැ” යි කීහ.
33
ඒ ඇසූ ඔවුහු කෝපයෙන් වියරුව, ඔවුන් මරා දැමීමට අදහස් කළහ.
34
එහෙත් සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ දහම් නීති පඬිවරයකු වූ ගමාලියෙල් නම් පරිසිවරයා මන්ත්‍රණ සභාව ඉදිරියේ නැගිට, ඒ මිනිසුන් මද වේලාවකට පිටතට ගෙන යෑමට අණ කළේ ය.
35
අනතුරුව මන්ත්‍රණ සභාව ඇමතූ හෙතෙම, “ඉශ්රායෙල් මිනිසුනි, මේ මිනිසුන්ට ඔබ කරන්නට යන දේ ගැන පරිස්සම් වන්න.
36
කලකට ඉහත තෙවුදාස්, තමා සැලකිය යුතු කෙනෙකැයි කියා ගනිමින් නැගිට හිටියා. හාරසිය දෙනකු පමණ පිරිවරක් ඔහුට එක්වුණා. එහෙත් ඔහු මරා දමනු ලැබූ පසු, ඔහුගේ සහචරයින් විසිරවනු ලැබ, ඒ සියල්ල නැත්තටම නැති වී ගියා.
37
ඉන්පසු සංගණන දවස්වල ගලීලයකු වූ යූදස් කලඑළි බැස පිරිසකට තමන් පසුපස ඒමට සැලැස්සුවා. ඔහුත් මරා දමනු ලැබ, ඔහුගේ සහචරයෝ ද විසිරවනු ලැබුවා.
38
එබැවින් මේ වත්මන් සිද්ධිය ගැන ඔබට මා කරන අවවාදය මෙයයි: මේ මිනිසුන්ට කිසිවක් නො කරන්න! ඔවුන් යන්නට හරින්න! ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය, හුදු මිනිස් නිර්මාණයක් නම්, එය නිෂ්ඵල වනු ඇති.
39
එහෙත් එය දෙවියන්වහන්සේගෙන් නම්, මොවුන් මැඩලන්නට ඔබට නුපුළුවන. එයින් වන්නේ, ඔබ දෙවියන්වහන්සේට විරුද්ධව සටන් වැදීම පමණක් බව ඔබටම පෙනී යනු ඇතැ” යි කීවේ ය.
40
ඔහුගේ උපදෙස පිළිගනු ලැබිණි. ඉන්පසු අපෝස්තුලුවරුන් යළි කැඳවූ ඔවුහු ඔවුන්ට කස පහර දී, යේසුස්වහන්සේගේ නාමයෙන් මින් මතු කතා නො කරන ලෙස නියෝග කොට, ඔවුන් යන්නට හැරියහ.
41
අපෝස්තුලුවරු මන්ත්‍රණ සභාවෙන් පිටව ගියේ ඒ නාමය උදෙසා නින්දා විඳීමට තරම් තුමූ වටින්නන් සේ සලකනු ලැබීම ගැන ප්‍රීති වෙමිනි.
42
ඔවුන් දිනපතා දේව මාලිගයේ මෙන්ම නිවසක්, නිවසක් පාසා ගොස් ඉගැන්වීමත්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය යන ශුභාරංචිය ප්‍රකාශ කිරීමත් නැවැත් වූයේ නැත.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28