bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Acts 23
Acts 23
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 24 →
1
මන්ත්රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින්ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය.
2
එවිට උත්තම පූජක අනනියස්, පාවුල්ගේ කටට ගසන ලෙස ඔහු ළඟ සිටියවුනට අණ කළේ ය.
3
එකල ඔහු ඇමතූ පාවුල්, “සුදු හුණු ගෑ බිත්තියක් වැනි ඔබට දෙවියන්වහන්සේ පහර දෙනු ඇත. දහම් නීතිය අනුව මා විනිශ්චය කරන්නට හිඳ, නුඹම ඒ දහම් නීතියම කඩ කරමින්, මට ගසන්නට අණ දෙනවා දැ?” යි ඇසී ය.
4
“දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ?” යි පාවුල් අසල සිටි අය ප්රශ්න කළහ.
5
පාවුල් පිළිතුරු දෙමින්, “සහෝදරයිනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැහැ. මන්ද ‘ඔබේ ජනයාගේ පාලකයා ගැන අගුණ නො කියන්නැ’ කියා ලියා ඇතැ” යි පැවසී ය.
6
මන්ත්රණ සභාවේ කොටසක් සද්දුසිවරුනුත්, අනෙක් කොටස පරිසිවරුනුත් බව දුටු පාවුල්, “සහෝදරවරුනි, මම පරිසියෙක්මි; පරිසිවරයකුගේම පුත්රයෙක්මි. ඔබ ඉදිරියේ මා මෙසේ විනිශ්චයට ලක්ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ මගේ බලාපොරොත්තුව නිසා” යි උස් හඬින් පැවසී ය.
7
ඔහු එසේ කී හේතුවෙන් පරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ මත-භේදයක් පැන නැඟිණි; සභාව දෙපිලකට බෙදිණි.
8
(සද්දුසිවරුන් කියන්නේ මරණයෙන් නැවත නැගිටීමක් නැත; දේව දූතයින් ද නැත; ආත්මයක් ද නැත කියා ය; එහෙත් පරිසිවරු ඒ සියල්ලම ඇතැයි කියති.)
9
ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොකදැ?” යි ඇසූහ.
10
දෙපිලේ විවාදය කෙතරම් සැහැසි වී ද යත්, ඔවුහු පාවුල් කීතු කීතුවලට ඉරා දමතියි සෙන්පතියා බය විය. එබැවින් ඔහු ඔවුන් අතරට ගොස්, බලයෙන්ම ඔවුන් වෙතින් පාවුල් ඉවත් කරගෙන, කඳවුරට ගෙන යන ලෙස හේවායිනට අණ දුන්නේ ය.
11
එදින රාත්රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.
12
යුදෙව්වෝ පසු දින උදෑසන එක්ව කුමන්ත්රණ කරමින්, පාවුල් මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ස්වයං දිවුරුමකින් බැඳුණහ.
13
මෙසේ කුමන්ත්රණ කළෝ හතළිස් දෙනකුටත් වැඩි ය.
14
ඔවුහු නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, ඔවුනට කරුණු සැල කරමින්, “පාවුල් මරා දමන තුරු කිසිවක් කන්නේවත්, බොන්නේවත් නැතිව, උපවාස කිරීමට අපි දැඩි ගිවිසුමකට බැඳුණා;
15
එබැවින් පාවුල් ගැන වඩා නිවැරදි විභාගයක් පවත්වන්නට ඕනෑ වග අඟවා, මන්ත්රණ සභාව වෙත යළි ඔහු ගෙන එන ලෙස ඉල්ලා, මන්ත්රණ සභිකයිනුත්, ඔබත් සෙන්පති වෙත ආයාචනයක් කරන්න. ඔහු මෙතැනට එන්නට පළමු අපි ඔහු මරා දමන්නට සූදානම්” යැයි කීහ.
16
එහෙත් පාවුල්ගේ සහෝදරියගේ පුත්රයාට මෙම කුමන්ත්රණය ගැන අසන්නට ලැබුණෙන්, ඔහු කඳවුරට ගොස්, පාවුල්ට ඒ වග දැනුම් දුන්නේ ය.
17
එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය.
18
එබැවින් ඔහු තරුණයා සෙන්පති වෙත ගෙන ගියේ ය. සියයේ හේවාපන්න නිලධාරියා, “ඔබට දැන්විය යුතු යමක් මේ තරුණයාට ඇති නිසා, ඔහු ඔබට මුණ ගස්වන්නැයි සිරකාර පාවුල් මට අඬගසා, මගෙන් ඉල්ලීයැ” යි පැවසී ය.
19
සෙන්පති තැන තරුණයා අතින් ගෙන පසෙකට කැඳවා, “මොනවද මට කියන්නට ඔබට තියෙන්නේ?” යි ඇසී ය.
20
ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදිව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වන් එකඟතාවක් ඇති කර ගත්තා.
21
ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය.
22
“මෙය ඔබ මට දැන්වූ වග කිසිවකුට කියන්න එපා” යි තරුණයාට අවවාද කළ සෙන්පති, ඔහු යන්නට හැරියේ ය.
23
ඉන්පසු සියයේ හේවාපන්න නිලධාරීන් දෙදෙනකු කැඳවූ සෙන්පති, “අද රෑ තුන් වන පැයට කායිසාරියට යන පිණිස හේවායින් දෙසියයක්, අසරුවන් හැත්තෑවක් හා හෙල්ලකරුවන් දෙසීයක් ඇතුළත් සේනාංකයක් සූදානම් කරන්න.
24
පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිතව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.
25
ඔහු මෙලෙස ලිපියක් ලියුවේ ය:
26
ක්ලෝදියස් ලිසියස්ගෙන්, අතිගරු පීලික්ස් ආණ්ඩුකාර තුමන් වෙත, සෙත් වේවා!
27
යුදෙව්වෝ මේ මිනිසා අල්ලා, මරා දමන්නට සැරසුණහ. එවෙලේම මගේ හේවායින් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. මන්ද ඔහු රෝම පුරවැසියකු වග මම දැන සිටියෙමි.
28
ඔහුට එරෙහිව ඔවුන් නගන චෝදනා කවරේදැයි දැනගැනීමට මට වුවමනා වූ බැවින්, මම ඔවුන්ගේ මන්ත්රණ සභාව ඉදිරියට මොහු පැමිණෙවුවෙමි.
29
යුදෙව් දහම් නීති ගැන ඔවුන් යම් යම් චෝදනා නැගුවා විනා, මරණයට පත් කිරීමට හෝ සිරගත කිරීමට හෝ හේතු වන කිසි වරදක් ඔහුට විරුද්ධව නැති වග මට පෙනී ගියා.
30
පසුව මේ මිනිසාට විරුද්ධව කුමන්ත්රණයක් ඇති වග දැනගන්නට ලැබුණු විගස මා වහා ඔබ වෙත ඔහු එවන්නට සැලසුවෙමි. තවද ඔහුට එරෙහිව ඇති චෝදනා ඔබට ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවනට ද මම නියෝග කළෙමියි ඔහු ලියුවේ ය.
31
හේවායෝ තමන් ලද නියෝගයට අනුව ක්රියා කරමින්, ඒ රාත්රියේ අන්තිපත්රිස් නගරය දක්වා තමන් සමඟ පාවුල් ගෙන ගියහ.
32
පසු දා එතැන් සිට අසරුවන් සමඟ පාවුල් පිටත් කළ ඔවුහු කඳවුරට හැරී ගියහ.
33
කායිසාරිය වෙත සේන්දු වූ අසරු හමුදාව තමන් ගෙන ආ ලිපිය ආණ්ඩුකාරයාට පිළිගන්වා, පාවුල් ද ඔහුට භාර දුන්හ.
34
ලිපිය කියවූ ආණ්ඩුකාරයා, පාවුල් කවර ප්රාන්තයකට අයත්දැයි විමසී ය. ඔහු සිලිසියාවේ වැසියකු බව දැනගත් හෙතෙම,
35
පාවුල් අමතමින්, “පැමිණිලිකරුවන් පැමිණි පසු ඔබේ නඩුව අසන්නම්” යි කීවේ ය. හෙරෝද්ගේ මාලිගාවේ ඔහු රඳවා තබන ලෙස ඔහු නියෝග කළේ ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28