bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Mark 10
Mark 10
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 11 →
1
එතැනින් නික්මුණු උන්වහන්සේ යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. යළි යළිත් ජන සමූහයා උන්වහන්සේ වෙත එක්රොක් වූහ. පුරුදු පරිදි උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ සේක.
2
පරිසිවරු පැමිණ උන්වහන්සේ පරීක්ෂා කරන අටියෙන්, “මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ප්‍රශ්න කළහ.
3
උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබට අණ කර ඇත්තේ කුමක් දැ?” යි ඇසූ සේක.
4
ඔවුහු පිළිතුරු දෙමින්, “දික්කසාද සහතිකයක් ලියා දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් මිනිසකුට ඉඩ දී ඇතැ” යි කීහ.
5
ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔහු මේ ආඥාව ඔබට ලියා ඇත්තේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි.
6
එහෙත් මැවීමේ ආරම්භයේ සිට, ‘දෙවියන්වහන්සේ ඔවුන් මැවුවේ, පිරිමියා හා ගැහැනිය ලෙසයි.’
7
‘මිනිසෙක් තම පියා හා මව අත්හැර තම භාර්යාවට බැඳෙන්නේ මේ නිසා ය.
8
මෙසේ තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති.’
9
එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් නො කෙරේවා” යි පැවසූ සේක.
10
ඔවුන් නිවස තුළ සිටියදී, ගෝලයෝ නැවතත් මේ කාරණය උන්වහන්සේගෙන් ඇසූහ.
11
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, ඇයට විරුද්ධව පරදාර සේවනයේ යෙදෙයි.
12
තවද ඈ තම ස්වාමියා අත්හැර, අන් පුරුෂයකු විවාහ කරගනී නම්, ඈ පරදාර සේවනයේ යෙදෙන්නී යැ” යි පැවසූ සේක.
13
දරුවන් පිට උන්වහන්සේ අත් තබන පිණිස, ජනයා කුඩා දරුවන් රැගෙන උන්වහන්සේ වෙත ආහ. එහෙත් ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ.
14
ඒ දැක උරණ වූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.
15
සැබවින් ම මා ඔබට කියන්නේ, යමකු දරුවකු සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගන්නේ නැතිනම්, ඔහු එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.
16
උන්වහන්සේ කුඩා දරුවන් දෑතින් තුරුල් කරගෙන, ඔවුන් පිට අත් තබා, ආශිර්වාද කළ සේක.
17
උන්වහන්සේ ගමන් අරඹත්ම, එක් මිනිසෙක් දුවගෙන අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.
18
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ.
19
ආඥා, ඔබ දනී: ‘මිනී නො මරනු, පරදාර සේවනයේ නො යෙදෙනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, වංචා නො කරනු, තම පියාට හා මවට ගරු කරනු යන දෑ’ යි” පැවසූ සේක.
20
ඔහු පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.
21
යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේම කොට, “ඔබට තව එක් දෙයක් අඩුයි. ගොස්, ඔබ සතු හැම දෙයක්ම විකුණා, දිළිඳුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
22
ඒ ඇසූ කල, ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහු දැඩි සොවින්, පිට වී ගියේ ය. මන්ද ඔහුට මහ ධනයක් තිබිණ.
23
යේසුස්වහන්සේ අවට සිසාරා බලා, තම ගෝලයින් අමතමින්, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු දැ!” යි පැවසූ සේක.
24
ගෝලයෝ ඒ වචන අසා විස්මපත් වූහ. එහෙත් යේසුස්වහන්සේ නැවත කතා කරමින්, “දරුවනි, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද?
25
ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.
26
මින් වඩාත් විස්මිත වූ ඔවුහු ඔවුනොවුන්ට කතා කරමින්, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.
27
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට මෙය කොහෙත්ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේ සමඟ එසේ නො වේ; දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි කී සේක.
28
පේතෘස් උන්වහන්සේට කතා කොට, “බලන්න; අප හැම දෙයක්ම අත්හැර ඔබ අනුගමන කළා” යි කීවේ ය.
29
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, මා උදෙසාත්, ශුභාරංචිය උදෙසාත්, තම ගේ-දොර, සහෝදර-සහෝදරියන් හෝ මව, පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් අත්හළ කවරෙක් වුව ද
30
මේ කාලයේදී සිය ගුණයකින් ගේ-දොර ද සහෝදර-සහෝදරියන් ද මව්වරුන් හා දරුවන් හා ඉඩ කඩම් ද සමඟ පීඩා ද මතු උදා වන යුගයේදී සදාතන ජීවනය ද ලබන බව ය.
31
එහෙත් ප්‍රථමයින් බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් ප්‍රථමයින් ද වනු ඇතැ” යි කී සේක.
32
ඔවුහු යෙරුසලම බලා යමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් ගමන් ගත් සේක. ගෝලයින් පුදුමයට පත්ව සිටි අතර, පසුපස ගමන් කළ අය බය පත්ව සිටියහ. උන්වහන්සේ යළි දොළොස් දෙනා පසෙකට කැඳවා, තමාට සිදුවන්ට යන දේ ගැන ඔවුන්ට පැවසූ සේක.
33
“අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබයි. ඔවුහු, උන්වහන්සේ මරණයට තීන්දු කර, විදේශීන් අතට පාවා දෙනු ඇත.
34
ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.
35
සෙබදීගේ පුත්‍රයින් වූ යාකොබ් හා යොහන් උන්වහන්සේ වෙත පැමිණ, “ගුරුතුමනි, ඔබගෙන් අප ඉල්ලන කවර දෙයක් වුව ඔබ අපට කර දෙනවාට කැමැත්තෙමු” යි කීහ.
36
උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට ඕනෑ මා ඔබට කුමක් කර දෙනවාට දැ?” යි ඇසූ සේක.
37
එවිට ඔවුහු, “ඔබගේ තේජසේදී අපගෙන් කෙනකු ඔබගේ දකුණු පසින් ද අනෙකා වම් පසින් ද හිඳගන්නට වර දෙන්නැ” යි ඉල්ලූහ.
38
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන කුසලාන බොන්නට හෝ මා බව්තීස්ම කරනු ලබන බව්තීස්මයෙන් ඔබටත් බව්තීස්මය ලබන්නට පුළුවන් දැ?” යි ඇසූ සේක.
39
“අපට පුළුවනැ” යි ඔවුහු උන්වහන්සේට කීහ. යේසුස්වහන්සේ ඔවුන් අමතා, “මා බොන්නාවූ කුසලානෙන් ඔබත් බොනු ඇත. මා බව්තීස්ම කරනු ලබන්නා වූ බව්තීස්මයෙන් ඔබත් බව්තීස්ම ලබනු ඇත.
40
එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. ඒ ස්ථාන සූදානම් කර ඇත්තේ යමකුට ද ඒවා ඔවුනට යැ” යි පැවසූ සේක.
41
දහ දෙනා ඒ වග ඇසූ කල යාකොබ් හා යොහන් සමඟ උරණ වූහ.
42
යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ, ඔවුන් කෙරෙහි බලය පාන බව ඔබ දනී. ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාති.
43
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි.
44
ඔබ අතරේ මූලිකයා වෙන්නට කැමති තැනැත්තා, ඔබගේ දාසයා විය යුතුයි.
45
මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් පවා පැමිණියේ, සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් යැ” යි පැවසූ සේක.
46
ඔවුහු යෙරිකෝවට පැමිණියහ. උන්වහන්සේ තම ගෝලයින් හා විශාල පිරිසක් කැටිව නගරයෙන් නික්ම යන අතර, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ සිඟන්නෙක් පාර අයිනේ හිඳ සිටියේ ය.
47
ඒ නාසරෙත්හි යේසුස්වහන්සේ බව දැනගත් ඔහු, “යේසුනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට විය.
48
බොහෝ දෙනා ඔහුට තරවටු කරමින් නිශ්ශබ්ද වන්නට කීහ. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්නැ!” යි මොර ගැසී ය.
49
යේසුස්වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ” යි කී සේක. ඔවුහු අන්ධ මිනිසාට කතා කොට, “ධෛර්යය ගන්න; නැගිටින්න. අන්න එතුමා ඔබට හඬගසනවා” යි කීහ.
50
තම සළුව පසෙකට වීසි කරමින්, පැන නැගුණු ඔහු යේසුස්වහන්සේ ළඟට ආවේ ය.
51
“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. අන්ධ මිනිසා පිළිතුරු දෙමින්, “රබ්බී, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි කීවේ ය.
52
එවිට යේසුස්වහන්සේ, “යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි පැවසූ සේක. එකෙණෙහිම ඇස් පෙනීම ලද ඔහු, යේසුස්වහන්සේ අනුව ගියේ ය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16