bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Mark 7
Mark 7
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 8 →
1
පරිසිවරු හා යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත රැස් වූ කල,
2
උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතැම් දෙනකු අපවිත්‍ර අත්වලින්, එනම් අත් නො සෝදා අහර ගන්නා වග දුටුවහ.
3
පරිසිවරුන් හා සියලු යුදෙව්වන්, වැඩිහිටියන්ගේ සම්ප්රදාය අනුව තම අත් සෝදා මිස, අහර ගන්නේ නැත.
4
තවද වෙළඳ පොළේ සිට ආ විටෙක සෝදා මිස, ඔවුන් අහර ගන්නේ නැත. කෝප්ප, වළං හා ලෝහ භාජන සේදීම වැනි ඔවුන් පිළිපදින තවත් සම්ප්රදායයන් බොහොමයක් වෙයි.
5
එහෙයින් පරිසිවරු හා දහම් පඬිවරු උන්වහන්සේ අමතමින්, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්රදායයන් අනුව නො පැවත, අපවිත්‍ර අත්වලින් අහර ගන්නේ ඇයි දැ?” යි ප්‍රශ්න කළහ.
6
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වංචනිකයින් වූ නුඹලා ගැන යෙසායා දිවැසි වැකියෙන් කියා ඇති දෑ අගෙයි; එය ලියවී ඇත්තේ මෙසේයි: “ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති; එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.
7
මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’
8
නුඹලා දෙවියන්වහන්සේගේ ආඥා ඉවත ලා, මිනිසුන්ගේ සම්ප්‍රදායයන්වල එල්ලෙනවා යැ” යි පැවසූ සේක.
9
තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබේ සම්ප්රදායයන් ස්ථාපිත කර ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ප්‍රතික්ෂේප කිරීමට අපූරු මාර්ගයක්නේ ඔබට තියෙන්නේ.
10
මන්ද මෝසෙස් පවසා ඇත්තේ, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න’ කියා හා ‘තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු ය’ කියා ය.
11
එහෙත් නුඹලා කියන්නේ මිනිසකු තම පියාට හෝ මවට කතා කොට, ‘ඔබට දෙන්නට තිබෙන යමක් වේ ද, එය කොර්බාන්’ (එනම් දෙවියන්වහන්සේට කැප කළ පඬුරකි) කියයි නම්,
12
එතැන් පටන් ඔහුගේ පියාට හෝ මවට කිසිම දෙයකින් උදවු කිරීමට නුඹලා ඉඩ දෙන්නේ නැත.
13
මෙලෙස නුඹලාම පවරනු ලබන නුඹලාගේ සම්ප්රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.
14
යළි ජන සමූහයා තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ සැවොම මට සවන් දී, මෙය තේරුම් ගන්න!
15
පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසි දෙයකට ඔහු අපවිත්‍ර කළ නො හැක. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ, ඔහු තුළින් පිටවන දෙයිනි.
16
අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”යි පැවසූ සේක.
17
උන්වහන්සේ ජනයා වෙතින් ඉවත්ව, නිවසට ඇතුළු වූ පසු, ගෝලයෝ උන්වහන්සේගෙන් එම උපමාව ගැන විමසූහ.
18
එවිට උන්වහන්සේ, “තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසිවකට ඔහු අපවිත්‍ර කළ නො හැකි වග ඔබට පෙනෙන්නේ නැති ද?
19
ඒවා ඇතුළු වන්නේ ඔහුගේ හදවතට නො ව, උදරයටයි; පසුව එය වැසිකිළියට බැහැරව යතැ” යි ඔවුන්ට කී සේක. (මෙසේ කීමෙන් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ සෑම ආහාරයක් ම පවිත්‍ර බව ය.)
20
තවද උන්වහන්සේ, “කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඔහු තුළින් පිටවන දෙයින්ම ය.
21
මන්ද දුෂ්ට සිතිවිලි, ලිංගික අපචාර, සොරකම්, මිනී මැරුම්, පරදාර සේවනය,
22
තණ්හාව, දුෂ්ටකම, වංචාව, අනුරාගය, ඊර්ෂ්‍යාව, නින්දා අපහාස, උඩඟුකම හා මෝඩකම යන දෑ පැමිණෙන්නේ ඇතුළාන්තයෙනි; මිනිසාගේ හදවතෙනි.
23
මේ සියලු නපුරු දෑ එන්නේ ඇතුළාන්තයෙන් ය; ඒවායින් මිනිසා අපවිත්‍ර වන්නේ යැ” යි පැවසූ සේක.
24
යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තීර් පෙදෙසට පැමිණි සේක්, නිවසකට පිවිසි සේක. කිසිවකුත් එය දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ නමුත්, සැඟවී සිටීමට උන්වහන්සේට නො හැකි විය.
25
අපවිත්‍ර ආත්මයක් ආවේශ වූ කුඩා දියණියක සිටි ස්ත්‍රියක් උන්වහන්සේ ගැන ඇසූ කෙණෙහි පැමිණ, උන්වහන්සේගේ පාමුල වැටුණා ය.
26
සිරෝ-පිනිසියානු ග්‍රීක ස්ත්‍රියක වූ ඕ, තම දියණියගෙන් යක්ෂාත්මය දුරු කරදෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියා ය.
27
ඇය ඇමතූ උන්වහන්සේ, “පළමුව දරුවෝ කා තෘප්තියට පැමිණෙත්වා. දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.
28
ඈ පිළිතුරු දෙමින්, “එසේය ස්වාමිනි, එහෙත් බල්ලෝ වුවත් දරුවන්ගෙන් වැටෙන අහර කැබලි මේසය යට සිට අවුලා කති” යි උන්වහන්සේට කීවා ය.
29
එවිට උන්වහන්සේ, “ඔබගේ ඒ කියමන නිසා යන්න; ඔබේ දියණිය වෙතින් යක්ෂාත්මය දුරුව ගියේ යැ” යි පැවසූ සේක.
30
ඈ පෙරළා නිවසට පැමිණි කල, ඇගේ දියණිය සයනයේ වැතිර සිටිනු දුටුවා ය. යක්ෂාත්මය දුරු වී තිබිණි.
31
ඉන්පසු උන්වහන්සේ තීර් පෙදෙසින් නික්ම, සීදොන් මැදින් ගොස්, දෙකපොලිස් පෙදෙසේ ගලීල මුහුද වෙත පැමිණි සේක.
32
ඔවුහු යේසුස්වහන්සේ වෙත, බිහිරි වූ ද කතා කිරීමට අපහසු වූ ද මිනිසකු ගෙනැවිත්, ඔහුට අත ගසන මෙන් අයැදියහ.
33
සමූහයා වෙතින් ඔහු වෙන් කර, ඉවතට ගත් උන්වහන්සේ ඔහුගේ කන් තුළ තම ඇඟිලි දමා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක්,
34
ස්වර්ගය දෙස බලා දිගු සුසුමක් හෙළා, “එප්පාතා!” යි ඔහුට පැවසූ සේක. එහි අරුත “විවර වනු!” යන්න ය.
35
එවිට ඒ මිනිසාගේ කන් ඇරුණේ ය. දිවේ ගොතය ලිහුණේ ය. ඔහු සාමාන්‍ය ලෙස කතා කරන්නට වන්නේ ය.
36
කිසිවකුට එය නො කියන ලෙස යේසුස්වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එහෙත් උන්වහන්සේ තහනම් කළ පමණට වඩා වැඩි උනන්දුවෙන් ඔවුහු එය පතළ කළහ.
37
මෙයින් අතිශය විස්මයට පත් ඔවුහු, “මෙතුමා කරන හැම දෙයක්ම අපූරුයි; එතුමා බිහිරන්ට ඇසෙන්නට සලස්වා, ගොළුවන්ට කතා කරන්නට සලස්වන සේකැ” යි පැවසූහ.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16