bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Mark 9
Mark 9
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 10 →
1
උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම, මම ඔබට කියමි; දෙවියන්වහන්සේගේ රාජ්‍යය, බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තුරු, දැන් මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.
2
දින හයකට පසු, යේසුස්වහන්සේ පේතෘස්, යාකොබ් හා යොහන් පමණක් වෙන් කොට කැඳවාගෙන උස් කන්දකට ගිය සේක. උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක.
3
උන්වහන්සේගේ වස්ත්‍ර දිදුලන තද සුදකින් බැබළුණේ, මෙලොව කිසි අපුල්ලන්නෙකුටවත් සුදු කළ නො හැකි තරමිනි.
4
තවද එහිදී එලියා හා මෝසෙස් ඔවුන්ට පෙනුණේ ය. ඔවුන් සිටියේ යේසුස්වහන්සේ සමඟ කතා කරමිනි.
5
පේතෘස්, යේසුස්වහන්සේට කතා කොට, “රබ්බී, මෙහි සිටීම අපට හොඳයි! අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝසෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.
6
මන්ද කුමක් කිව යුතු ද කියා ඔහු නො දත්තේ ය. ඔවුන් සිටියේ එතරම් ත්‍රස්තව ය.
7
එවිට වලාකුළක් පැමිණ ඔවුන් වසා ගත්තේ ය: “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආයේ ය.
8
සැණෙක අවට බැලූ කල, යේසුස්වහන්සේ හැර අන් කිසිවකු තමන් සමඟ සිටිනු ඔවුන් දුටුවේ නැත.
9
කන්දෙන් බැස එන කල ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුට නො කියන ලෙස අණ කළ සේක.
10
ඒ කාරණය තමන් අතරේ පමණක් තබාගත් ඔවුහු, මළවුන්ගෙන් නැගිටීම යනු කුමක් විය හැකිදැයි ඔවුනොවුන් අතරේ ප්‍රශ්න කර ගත්හ.
11
ඔවුහු උන්වහන්සේ අමතමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ.
12
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා පළමුවෙන් පැමිණ සියල්ල යළි පිහිටුවයි. එසේ නම්, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වේදනා විඳිය යුතු වගත්, ප්‍රතික්ෂේප කොට සලකනු ලැබිය යුතු වගත් ලියා ඇත්තේ කොහොම ද?
13
එහෙත් මා ඔබට කියන්නේ එලියා පැමිණි ඇති බවයි; ඔහු ගැන ලියා ඇති පරිදි, ඔවුන් තමන්ට කැමති හැම දෙයක්ම ඔහුට කළේ යැ” යි පැවසූ සේක.
14
ඔවුහු අනෙක් ගෝලයින් වෙත ආ කල, ඔවුන් වටා මහත් ජන සමූහයක් සිටිනු ද දහම් පඬිවරුන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනු ද දුටුවහ.
15
යේසුස්වහන්සේ දුටු ජන සමූහයා, එසැණේම මහත් සේ විස්මිතව උන්වහන්සේට ආචාර කිරීමට දිවූහ.
16
“ඔබ ඔවුන් සමඟ වාද කරන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
17
පිරිසෙන් කෙනෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, මාගේ පුතා මා ඔබ වෙත ගෙනාවා. ඔහු ගොළු කරවන ආත්මයක් ඔහුට වැහිලා.
18
ඒ ආත්මය ඔහු අල්ලාගත් හැම විටෙක, ඔහු බිම හෙළනු ලබයි; එවිට ඔහු කටින් පෙණ දමා, දත්මිටි කයි; දර දඬු වෙයි. ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත්, ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.
19
උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කල් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට ගෙනෙන්නැ” යි කී සේක.
20
ඔවුහු උන්වහන්සේ වෙත දරුවා ගෙනාවෝ ය. උන්වහන්සේ දුටු සැණෙක, ඒ ආත්මය කොලුවා වෙවුල වීය. බිම ඇද වැටුණු දරුවා කටින් පෙණ දමමින් පෙරළෙන්නට විය.
21
යේසුස්වහන්සේ පියා අමතා, “මොහුට මෙය සිදුවන්නට වී කොපමණ කාලයක් දැ?” යි ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “ළමා අවදියේ සිට ය.
22
ඔහු විනාශ කරන පිණිස ආත්මය ඔහු නිතර ගින්නේ ද වතුරේ ද හෙළයි. එහෙත්, ඔබට යමක් කළ හැකි නම් අපට අනුකම්පා කර, උපකාර කරන්නැ” යි කීවේ ය.
23
“ඔබට හැකි නම්!” කී යේසුස්වහන්සේ, “විශ්වාස කරන්නාට සියල්ල හැකි යැ” යි පැවසූ සේක.
24
එවිට, “මම විශ්වාස කරමි; මගේ විශ්වාසය නැතිකම ගැන මට පිහිට වුව මැනව” යි දරුවාගේ පියා මොර ගා කීවේ ය.
25
සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.
26
එවිට ඌ කෑ ගසා, සැහැසිව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළ කඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ.
27
එහෙත් යේසුස්වහන්සේ ඔහුගේ අතින් අල්ලා, එසවූ කල ඔහු සිට ගත්තේ ය.
28
උන්වහන්සේ නිවසට පිවිසි කල ගෝලයෝ, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඇසූහ.
29
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වර්ගය යාච්ඤාවෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.
30
ඔවුහු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගමන් ගත්හ. ඒ වග කිසිවකුත් දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ සේක.
31
මන්ද උන්වහන්සේ තම ගෝලයින්ට උගන්වමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පවසමින් සිටි බැවිනි.
32
එහෙත් උන්වහන්සේ කී දේ ඔවුන්ට වැටහුණේ නැත. ඒ කියමන ගැන උන්වහන්සේගෙන් අසන්නට ද ඔවුහු බය වූහ.
33
ඔවුහු කපර්ණවුමට පැමිණියහ. නිවසේ සිටියදී උන්වහන්සේ ඔවුන් අමතමින්, “මඟදී ඔබ වාද කළේ කුමක් ගැන දැ?” යි ඇසූ සේක.
34
එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එසේ කළේ තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි මඟදී ඔවුන් වාද කළ බැවිනි.
35
යේසුස්වහන්සේ වාඩි වී, දොළොස් දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “යමකුට ප්‍රථමයා වන්නට ඕනෑ නම්, ඔහු සියල්ලන්ගේ අන්තිමයා ද සැමගේ සේවකයා ද විය යුතු යැ” යි පැවසූ සේක.
36
උන්වහන්සේ කුඩා දරුවකු ඔවුන් අතරේ සිටුවා, ඔහු වඩාගෙන, ඔවුන් අමතා,
37
“මාගේ නාමයෙන් මේ දරුවන්ගෙන් කෙනකු පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි. මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු පිළිගන්නේ මා නො ව මා එවූ තැනැන්වහන්සේ යැ” යි පැවසූ සේක.
38
යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්මයන් දුරු කරනු අප දැක්කා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වන නිසා අප ඔහු වළක්වන්න හැදුවා” යි කීවේ ය.
39
එවිට යේසුස්වහන්සේ, “ඔහු නවතන්න එපා! මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරකුට වුව ඊළඟ මොහොතේ මා ගැන නරකක් කියන්නට නුපුළුවන.
40
මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය.
41
සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්වහන්සේට අයිති නිසා, යමෙක් ඔබට බොන්නට වතුර කෝප්පයක් දුන්නේ නම්, එහි පල විපාක ඔහුට නැති නො වන්නේ යැ” යි පැවසූ සේක.
42
“තවද මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවන කෙනෙක් වේ ද, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩාත් හොඳ ය.
43
ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාතව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇතිව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය.
44
එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.
45
එසේම ඔබගේ පය, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද කොරකු සේ ජීවනයට ඇතුළු වීම, දෙපා ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.
46
එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.
47
එසේම ඔබගේ ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය ගලවා දමන්න. මන්ද එක ඇසක් ඇතිව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම, දෑසම ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.
48
“ ‘එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.’
49
හැම කෙනකුම ලුණෙන් මෙන් ගින්නෙන් පවිත්‍ර කරනු ලැබේ.
50
“ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි ඔබ එය ලුණු රස ගන්වන්නේ කෙසේ ද? ඔබ තුළ ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සමඟියෙන් සිටින්නැ” යි පැවසූ සේක.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16