bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Mark 6
Mark 6
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 7 →
1
යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තම ගම් පෙදෙසට පැමිණි සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද උන්වහන්සේ සමඟ ගියහ.
2
සබතේදී උන්වහන්සේ සිනගෝගයට ගොස්, ඉගැන්වීමට පටන් ගත් සේක. ඒ ඇසූ බොහෝ දෙනෙක් විස්මිත වූහ. “කොහෙන් ද මේ මිනිසා මේ දෑ ලබා ගත්තේ? කුමක් ද මොහුට දී ඇති මේ ප්‍රඥාව? මොහු අතින් කරන බලවත් ක්‍රියා කෙසේ ද?
3
මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.
4
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමේදීත්, තම නෑයින් අතරින් හා ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.
5
තම අත තබා එහි සිටි රෝගී ස්වල්ප දෙනකු සුව කිරීම හැර, වෙන කිසි ප්‍රබල ක්‍රියාවක් එහිදී උන්වහන්සේට කළ නො හැකි විය.
6
ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ ගමින් ගම සැරි සරමින් ඉගැන්වූ සේක.
7
උන්වහන්සේ දොළොස් දෙනා කැඳවා, දෙදෙනා බැගින් ඔවුන් යවමින්, අපවිත්‍ර ආත්ම කෙරෙහි ඔවුන්ට බලය දුන් සේක.
8
උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැරයටියක් මිස රොටීවත්, ගමන් මල්ලක් හෝ ඉඟ පටියේ මුදල් හෝ නො ගෙන යෑමටත්,
9
පාවහන් පැලඳ, එහෙත් අමතර ඇඳුමක්වත් නො ගෙන යෑමටත්” අණ කළේ ය;
10
තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ නිවසකට ඇතුළු වන කල, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
11
යම් තැනක ඔබ නො පිළිගැනේ නම් හෝ ඔබට සවන් නො දේ නම්, එතැනින් ඉවත්ව යද්දී, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක.
12
එබැවින් ඔවුහු පිටත්ව ගොස්, ජනයා පසුතැවිලි විය යුතු යැයි ප්‍රකාශ කළහ.
13
ඔවුහු යක්ෂාත්මයන් බොහෝ දෙනකු දුරු කර, රෝගීන් බොහෝ දෙනකු තෙලින් ආලේප කර සුව කළහ.
14
යේසුස්වහන්සේගේ නාමය ප්‍රසිද්ධ වූයෙන්, හෙරෝද් රජුට ද එය සැල විණි. ඇතැම් දෙනෙක්, “යොහන් බව්තීස්ත මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි කීහ.
15
එහෙත් ඇතැම්හු, “ඔහු දිවැසිවර එලියා” යැයි කීහ. අන් සමහරු, “ආදියේ විසූ දිවැසිවරුන් මෙන් මොහුත් දිවැසිවරයෙකැ” යි ද කීහ.
16
එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය.
17
මන්ද යොහන් අල්ලා, සිරගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කරගෙන සිටියේ ය.
18
එබැවින්, “ඔබගේ සහෝදරයාගේ භාර්යාව ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් හෙරෝද්ට පවසා තිබිණි.
19
එහෙයින් හෙරෝදියස්, යොහන් ගැන කේන්තියෙන් ඔහු මරා දැමීමට ඉටාගත්තා ය. එහෙත් ඇයට එය කළ නො හැකි වූයේ,
20
යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බයව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය.
21
හෙරෝද් තම උපන් දින, තම අධිපතීන්ට ද හමුදාපතීන්ට හා ගලීලයේ ප්‍රභූවරුන්ට ද සාදයක් පැවැත්වූ කල අවස්ථාව එළැඹිණි.
22
හෙරෝදියස්ගේ දියණිය පැමිණ, නටා, හෙරෝද් හා සාදයට ආ ඔහුගේ අමුත්තන් පිනවූවාය. රජු දැරිය අමතමින්, “කැමති ඕනෑම දෙයක් මගෙන් ඉල්ලන්න. එය මා ඔබට දෙනවා” යි කීවේ ය.
23
තවද ඔහු දිවුරමින්, “ඔබ ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් භාගයක් වුවත් මා ඔබට දෙනවා” යි කීවේ ය.
24
පිටතට පැමිණි ඕ, “මා කුමක් ඉල්ලන්න දැ?” යි තම මවගෙන් ඇසුවා ය. “යොහන් බව්තීස්තගේ හිස” යයි ඈ කීවා ය.
25
එකෙණෙහි විගස රජු ඉදිරියට පැමිණි ඈ, “මට ඕනෑ මේ දැන් යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා ඔබ මට දීමයැ” යි ඉල්ලා සිටියා ය.
26
රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද අමුත්තන් නිසාත්, තම දිවුරුම් නිසාත් ඇයට දුන් වචනය ප්‍රතික්ෂේප කරන්නට අකමැති විය.
27
ඔහු එකෙණෙහිම යොහන්ගේ හිස ගෙනෙන ලෙස අණ දී, වධකයකු පිටත් කළේ ය. ඔහු ගොස්, සිරගෙයිදී යොහන්ගේ හිස ගසා,
28
ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත් දැරියට දුන්නේ ය. ඈ එය තම මවට දුන්නා ය.
29
සිදු වූ දෑ ඇසූ යොහන්ගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.
30
අපෝස්තුලුවරු යේසුස්වහන්සේ වෙත රැස්ව, තමන් කළ දෑ හා ඉගැන්වූ දෑ යන සියල්ල උන්වහන්සේට පැවසූහ.
31
ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදෙකලා තැනකට ඇවිත් මඳක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතරම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වීය.
32
එවිට ඔවුහු පමණක් පිටත්ව ඔරුවක නැගී හුදෙකලා තැනකට ගියහ.
33
එහෙත් ඔවුන් පිටත්ව යනු දුටු බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සෑම නගරයකම සිට දුව ගොස්, ඔවුන්ට කලින් එහි ළඟා වූහ.
34
උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, ඒ විශාල ජනකාය දැක, ඔවුන්ට දයානුකම්පා කළ සේක; මන්ද ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් වැනි වූ බැවිනි. එබැවින් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ උගන්වන්නට වන් සේක.
35
දවස ගෙවී යමින් තිබියදී, උන්වහන්සේ වෙත පැමිණි ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්, දැනටත් හොඳටම පමා වෙලා;
36
එනිසා අවට පෙදෙස් හා ගම්වලට ගොස්, කෑමට යමක් මිලදී ගන්නට මේ ජනයා පිටත් කර හරින්නැ” යි කීවෝ ය.
37
එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “එසේ නම් අප ගොස්, ඩිනාරි දෙසියයක රොටි මිලයට ගෙන, ඔවුන්ට කෑම සපයා දිය යුතු දැ?” යි ඇසූහ.
38
එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ.
39
එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳ වූ සේක.
40
ඔවුහු පනහ හා සියය බැගින් කණ්ඩායම් වශයෙන් හිඳ ගත්හ.
41
ඉන්පසු යේසුස්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, රොටි කඩා, රැස්ව සිටි අය ඉදිරියේ ඒවා තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. උන්වහන්සේ මසුන් දෙදෙනා ද ඔවුන් සැමට බෙදා දුන් සේක.
42
සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ.
43
ඉන්පසු රොටි හා මාළු කැබලිවලින් ඔවුහු කූඩ දොළහක් පිරවූහ.
44
එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ.
45
එකෙණෙහි යේසුස්වහන්සේ, තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.
46
ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.
47
අඳුර වැටුණු කල ඔරුව මුහුද මැද වූ අතර, උන්වහන්සේ තනිව ගොඩබිමේ වූ සේක.
48
ගෝලයින් ඔරුව පැදීමට වෙහෙස දරන වග උන්වහන්සේ දුටු සේක; මන්ද සුළඟ හැමුවේ ඔවුන්ට එරෙහිව ය. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන, ඔවුන් වෙත ආ සේක. උන්වහන්සේ ඔවුන් පසුකර යන්නට වූ කල,
49
උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ඔවුහු ඒ අවතාරයකැයි සිතා කෑ ගසන්නට වන්හ.
50
මන්ද උන්වහන්සේ දුටු ඒ සැවොම ත්‍රස්තව සිටියහ. එකෙණෙහිම ඔවුන්ට කතා කළ උන්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.
51
උන්වහන්සේ ඔවුන් සමඟ ඔරුවට ගොඩ වූ කල සුළඟ නැවතිණි. ගෝලයෝ මහත් සේ විස්මිත වූහ.
52
මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි.
53
මෙතෙර වූ ඔවුහු ගෙන්නසරෙත් පෙදෙසට පැමිණ ඔරුව වෙරළේ නැංගුරම් ලූහ.
54
ඔවුන් ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි ජනයා යේසුස්වහන්සේ හැඳින ගත්හ.
55
ඔවුහු මුළු පෙදෙස පුරා දුව ඇවිද, උන්වහන්සේ යම් තැනකට ගියායැයි සැල වූ හැම තැනකට, රෝගීන් සිටි යහන් පිටින් ඔවුන් රැගෙන ගියහ.
56
යේසුස්වහන්සේ ගිය යම් ගමක්, නගරයක් හෝ පෙදෙසක් වී ද, ජනයා රෝගීන් කඩ-මණ්ඩිවල තබා, උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16