bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Numbers 1
Numbers 1
Sinhala SNRV (New Revised Version 2018)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 2 →
1
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.
3
එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය.
4
නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය.
5
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
6
සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය.
7
ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.
8
ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත් නෙතනේල් ය.
9
සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය.
10
ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය.
11
බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය.
12
දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය.
13
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත් පගියෙල් ය.
14
ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය.
15
නප්තලීගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරා ය.”
16
මෙකී ගෝත්‍රික නායකයන් වන ඉශ්රායෙල් ජනයාගේ ප්‍රධානීහු, ජනතාව අතරෙන් තෝරාගන්නා ලදහ.
17
මෝසෙස් සහ ආරොන්, නම් කරන ලද මේ මිනිසුන් කැඳවා,
18
දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී.
19
මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.
20
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
21
ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ.
22
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
23
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් නවදාස් තුන්සියයක් විය.
24
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ගාද්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
25
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය.
26
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජුදාගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
27
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැත්තෑ හාරදාස් හයසියයක් විය.
28
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ඉස්සාකර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
29
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් හාරදාස් හාරසියයක් විය.
30
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සාබුලොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
31
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් හත්දාස් හාරසියයක් විය.
32
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
33
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස්දාස් පන්සියයක් විය.
34
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් මනස්සේගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
35
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස්දෙදාස් දෙසියයක් විය.
36
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
37
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස් පන්දාස් හාරසියයක් විය.
38
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, දාන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
39
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැට දෙදාස් හත්සියයක් විය.
40
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ආෂෙර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
41
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් එක්දාස් පන්සියයක් විය.
42
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, නප්තලීගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
43
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් තුන්දාස් හාරසියයක් විය.
44
මෝසෙස් හා ආරොන් විසින් ද එක එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඉශ්රායෙල් සෙනඟගේ නායකයන් දොළොස් දෙනා විසින් ද මේ සියලු දෙන ලියාපදිංචි කරන ලදහ.
45
මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව,
46
ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පනස් දෙනෙක් විය.
47
එහෙත්, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.
48
මන්ද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාරා තිබිණි:
49
“නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය.
50
තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.
51
මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු විට, එය ගැලවිය යුත්තෝ ද වෙන තැනක එය සවි කළ යුත්තෝ ද ඔව්හු ය. අන් කිසිවෙකු ඊට ළං වුවහොත් ඔහු මරණයට පත් කළ යුතු ය.
52
ඉතිරි ඉශ්රායෙල් ජනයා කඳවුර ළඟ කණ්ඩායම් වශයෙන් එක් එක්කෙනා තම තමන්ගේ ධජය යට තම තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.
53
ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”
54
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36