bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Numbers 2
Numbers 2
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 3 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙක් ම තම පිය පෙළපත්හි ලකුණු අනුව, තම ගෝත්රයේ ධජය සමීපයේ තම තමාගේ කූඩාරම ගැසිය යුතු වේ. එහෙත්, ඒවා ගැසිය යුත්තේ සම්මුඛ මණ්ඩපය ඉදිරියේ වටකරමින් ය.
3
පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.
4
ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාව ද හැත්තෑ හාරදාස් හයසියයක් වනු ඇත.
5
ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත.
6
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හතරදාස් හාරසියයක් වනු ඇත.
7
ඊළඟට සාබුලොන්ගේ ගෝත්රය විය යුතු ය. එහි ප්රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.
8
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හත්දාස් හාරසියයක් වනු ඇත.
9
ජුදාගේ කඳවුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදාස් හාරසියයක් වේ. මොවුන් පළමුවෙන් පිටත් ව යා යුතු ය.
10
දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්රයට අයිති වූවන්ගේ ප්රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.
11
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් හයදාස් පන්සියයක් වේ.
12
ඊට යාබද ව සිමියොන්ගේ ගෝත්රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්රධානියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වනු ඇත.
13
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් නවදාස් තුන්සියයක් වේ.
14
ඊළඟට ගාද්ගේ ගෝත්රය විය යුතු ය. මොවුන්ගේ ප්රධානියා රෙවුයෙල්ගේ පුත් එලියාසාප් වනු ඇත.
15
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් පන්දාස් හයසිය පණහක් වේ.
16
මෙලෙස රූබන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පණහක් වේ. මොවුන් දෙවනු ව පිටත් ව යා යුතු ය.
17
ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්රික ධජය සමීපයෙන් ය.
18
බටහිර දිශාවට එප්රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්රයට අයිති වූවන්ගේ ප්රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.
19
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ.
20
ඊට යාබද ව මනස්සේගේ ගෝත්රය විය යුතු ය. මොවුන්ගේ ප්රධානියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වනු ඇත.
21
ලියාපදිංචි කළ මොහුගේ හමුදාව තිස්දෙදාස් දෙසියයක් වේ.
22
ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්රය විය යුතු ය. මොවුන්ගේ ප්රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත.
23
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව තිස්පන්දාස් හාරසියයක් වේ.
24
මෙලෙස එප්රායිම්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අටදාස් එකසියයක් වේ. මොවුන් තුන්වනු ව පිටත් ව යා යුතු ය.
25
උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්රයට අයිති වූවන්ගේ ප්රධානියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් වනු ඇත.
26
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හැට දෙදාස් හත්සියයක් වේ.
27
ඊට යාබද ව ආෂෙර්ගේ ගෝත්රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්රධානියා ඔක්රාන්ගේ පුත් පගියෙල් වනු ඇත.
28
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් එක්දාස් පන්සියයක් වේ.
29
ඊළඟට නප්තලීගේ ගෝත්රය විය යුතු ය. මොවුන්ගේ ප්රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත.
30
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් තුන්දාස් හාරසියයක් වේ.
31
මෙලෙස දාන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස් හත්දාස් හයසියයක් වේ. මොවුන් තම තමන්ගේ ධජ අනුව අන්තිමට පිටත් ව යා යුතු ය.”
32
මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේ ම, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඉශ්රායෙල් ජනයාගේ මුළු ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් විය.
33
එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.
34
උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36