bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Numbers 7
Numbers 7
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 8 →
1
මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය.
2
එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ
3
සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ.
4
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
5
“සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා භාරගන්න. තවද, ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතු ය”යි වදාළ සේක.
6
එවිට මෝසෙස් ගැල් හා ගොනුන් භාරගෙන ලෙවීවරුන්ට ඒවා දුන්නේ ය.
7
ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද
8
පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි.
9
එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.
10
පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.
11
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “සෑම ප්‍රජා මූලිකයෙකු ම තමාට නියම දවසේ දී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතු ය”යි වදාළ සේක.
12
පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.
13
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
14
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද
15
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
16
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
17
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියන් පස්දෙනෙක් ද වූ හ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය.
18
දෙ වන දවසේ දී ශූවර්ගේ පුත් නෙතනේල් වන ඉස්සාකර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
19
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
20
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
21
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
22
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
23
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශූවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය.
24
තුන් වන දවසේ දී හේලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
25
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
26
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
27
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද
28
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
29
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය.
30
සතර වන දවසේ දී ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් වන රූබන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
31
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
32
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක් රන් පාත්‍රයක් ද,
33
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
34
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
35
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂෙදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය.
36
පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
37
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
38
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
39
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
40
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
41
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක් ද, බැටළු වස්සන් පස්දෙනෙක් ද, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුරු මේවා විය.
42
හය වන දවසේ දී දෙවුයෙල්ගේ පුත් එලියාසාප් වන ගාද්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
43
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
44
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
45
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
46
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
47
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. දෙවුයෙල්ගේ පුත් එලියාසාප්ගේ පඬුරු මේවා විය.
48
සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
49
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
50
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
51
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
52
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
53
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුරු මේවා විය.
54
අට වන දවසේ දී පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වන මනස්සේගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
55
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර හොඳ පිටිවලින් පිරී තිබිණි.
56
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
57
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
58
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
59
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. පෙදාශූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුරු මේවා විය.
60
නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
61
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
62
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
63
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
64
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
65
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය.
66
දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
67
ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
68
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
69
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
70
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
71
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිෂද්දයිගේ පුත් අහියේසර්ගේ පඬුරු මේවා විය.
72
එකොළොස් වන දවසේ දී ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වන ආෂෙර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
73
ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
74
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
75
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
76
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
77
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුරු මේවා විය.
78
දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
79
ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.
80
සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,
81
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
82
පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,
83
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුරු මේවා විය.
84
පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඉශ්රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවා ය. එනම්, රිදී බඳුන් දොළසකි, රිදී තැටි දොළසකි, රන් පාත්‍ර දොළසකි.
85
එක රිදී බඳුනක බර කිලෝග්‍රෑම් එකහමාරක් ද, එක රිදී තැටියක බර ග්‍රෑම් අටසියයක් ද වූයෙන් රිදී භාණ්ඩ සියල්ලේ බර කිලෝග්‍රෑම් විසිහතයි දශම හයක් විය.
86
තවද, ශුද්ධස්ථානයේ මිල අනුව, එක එකේ බර ග්‍රෑම් එකසිය දහයක් වූ රන් පාත්‍ර දොළසකි. මේ සියල්ලේ බර රිදී කාසි කිලෝග්‍රෑම් එකයි දශම තුනයි දෙකක් විය.
87
දවන යාග පූජාව සඳහා වස්සෝ දොළසකි, බැටළු වස්සෝ දොළසකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දොළසකි. මේවා සමඟ ධාන්‍ය පූජා ද පාප පූජා සඳහා එළුවෝ දොළසක් ද වූ හ.
88
සහභාගිකමේ පූජාව සඳහා ගොන් වස්සෝ විසිහතරකි, බැටළු වස්සෝ හැටකි, එළුවෝ හැටකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවු හැටකි. පූජාසනය ආලේප කොට කැප කළ දිනයෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවා ය.
89
මෝසෙස් සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ සැම විට ම, එහි ගිවිසුම් කරඬුව මත කෙරුබ්වරුන් දෙදෙනා මැද තිබූ කරුණාසනයෙන් නික්මුණු කට හඬක් ඔහුට ඇසිණි. ඔහු උන් වහන්සේ සමඟ කතා කෙළේ ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36