bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Numbers 32
Numbers 32
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 33 →
1
රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට
2
ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්:
3
“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,
4
ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති.
5
එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ.
6
එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද?
7
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද?
8
රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි.
9
ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ.
10
එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී,
11
‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත.
12
එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක.
13
මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක.
14
බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත.
15
ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.”
16
එවිට ඔව්හු මෝසෙස්ට ළං වී, ඔහුට කතා කොට, “අපි මෙහි අපේ බැටළුවන්ට ගාල් ද අපේ කුඩා අයට නගර ද ඉදි කරන්නෙමු.
17
එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය.
18
ඉශ්රායෙල් ජනයාගෙන් හැම කෙනෙකු ම තමාට හිමි උරුමය ලබාගන්න තෙක් අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමු.
19
ජොර්දාන් ගඟින් මෙගොඩ පෙරදිග අපට උරුම වන බැවින්, ගඟින් එගොඩ සහ ඉන් එහා ද කිසිවක් අපි ඔවුන් සමඟ උරුම කොට නොගන්නෙමු”යි කී හ.
20
එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මෙය කරමින්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සටනට සන්නාහ සන්නද්ධ ව,
21
උන් වහන්සේ සතුරන් පලවා හරින තෙක්, උන් වහන්සේගේ අණ පරිදි, ජොර්දානෙන් එගොඩ වී සටන් කොට,
22
රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත.
23
එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න.
24
ඔබේ කුඩා අය සඳහා නගර ද බැටළුවන් සඳහා ගාල් ද ඉදි කරන්න. ඔබ පොරොන්දු වූ පරිදි සියල්ල ඉටු කරන්නැ”යි කී ය.
25
ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු.
26
අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත.
27
එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය.
28
මෙලෙස මෝසෙස් ඔවුන් පිළිබඳ ව පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් ජෝෂුවාට හා ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල නායකයන්ට ද විධාන කෙළේ ය.
29
ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය.
30
එහෙත්, ඔව්හු ඔබ සමඟ සන්නාහ සන්නද්ධ ව ගඟින් එගොඩ නොවන්නෝ නම්, කානාන් දේශයේ දී ඔබ සමඟ ඔව්හු උරුමය ලබන්නෝ ය”යි කී ය.
31
එවිට ගාද්ගේ පරපුරේ අය සමඟ රූබන්ගේ පරපුරේ අය පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ සේවකයන් වන අපට දැන්වූ ලෙස අපි ඉටු කරන්නෙමු.
32
ජොර්දාන් ගඟින් මෙගොඩ උරුමය අපට අයිති වන පිණිස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අපි සන්නාහ සන්නද්ධ ව කානාන් දේශයට යන්නෙමු”යි කී හ.
33
මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය.
34
ගාද්ගේ පරපුරේ අය දීබොන්, අටාරොත් සහ අරෝයෙර්,
35
අත්රොත්-ෂොපාන්, ජාසෙර් සහ ජොග්බෙහා,
36
බෙත්-නිම්රා සහ බෙත්-හාරන් යන පවුරු සහිත නගර ද, බැටළුවන්ට ගාල් ද ඉදි කළහ.
37
රූබන්ගේ පරපුරේ අය හෙෂ්බොන්, එලෙයාලේ සහ කිරියතායිම් ද,
38
නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ.
39
මනස්සේගේ පුත් මාකීර්ගේ පරපුරේ අය ගිලියද් දේශයට ගොස් එය අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූ හ.
40
මෝසෙස් එම දේශය මනස්සේගේ පුත් මාකීර්ට දුන් පසු, ඔහු එහි විසී ය.
41
මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.
42
නොබා ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන, තමාගේ නමින් ඊට නොබා යයි නම් කෙළේ ය.
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36