bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Numbers 35
Numbers 35
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 36 →
1
තවද, සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගං තෙර, ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ දී මෝසෙස්ට මෙසේ වදාළ සේක:
2
“ඉශ්රායෙල් ජනයාට උරුම වන කොටසින් ලෙවීවරුන්ට වාසය කිරීම පිණිස නගර දීමට ඔවුන්ට අණ කරන්න. තවද, ඉශ්රායෙල් ජනයා, නගර සිසාරා ඇති තණ බිම් ද ඔවුන්ට දිය යුතු ය.
3
ඒ නගර ඔවුන්ගේ වාසය පිණිසත්, තණ බිම් ගවමහිෂයන් ඇතුළු මුළු ගොවිසම්පත සඳහාත් විය යුතු ය.
4
නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්රමාණය නගර ප්රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය.
5
නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ.
6
ලෙවීවරුන්ට දෙන නගර අතර නගර හයක් අභය භූමි නගර වශයෙන් දිය යුතු ය. කෙනෙකු තව කෙනෙකු අදහස් නොකර මැරුවහොත්, එවිට ඔහුට එම නගරයට පලා යත හැක. ඒවාට අමතර ව තව නගර හතළිස්දෙකක් ද දිය යුතු ය.
7
මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත.
8
ඉශ්රායෙල් ජනයාගේ උරුම කොටසින් නගර දෙන විට, වැඩියෙන් ඇති අයට වැඩියෙන් ද, අඩුවෙන් ඇති අයට අඩුවෙන් ද දිය යුතු ය. සෑම කෙනෙකු ම තම තමාට උරුම වන කොටසේ ප්රමාණය අනුව ලෙවීවරුන්ට නගර දිය යුතු වේ.”
9
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
10
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: නුඹලා ජොර්දාන් නදියෙන් එතෙරට කානාන් දේශයට පැමිණි විට,
11
නුඹලාගේ යහපතට, අභය භූමි නගර නියම කළ යුතු ය. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඒ මිනීමරුවාට එවැනි නගරයකට පලා යත හැක.
12
එවිට පළිගන්නාගෙන් මිදී ඒ තැනැත්තාට පිහිට සොයා ඒ නගරවලට යත හැක. ප්රසිද්ධ ලෙස විනිශ්චය කරන තුරු මිනීමරුවා ලෙස සැලකෙන තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය.
13
නුඹලාට දෙන නගරවලින් නගර හයක් අභය භූමි මෙන් සැලකිය යුතු ය.
14
ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය.
15
මේ නගර හය, ඉශ්රායෙල් ජනයා සඳහා ද විදේශිකයන් සඳහා ද තාවකාලික ව පදිංචි වූ අය සඳහා ද අභය භූමි වනු ඇත. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඔහුට එහි පලා යත හැකි ය.
16
‘යමෙකු වැරෙන් යකඩ ආයුධයකින් වෙනත් අයෙකුට පහර දී මළොත් ඔහු මිනීමැරීම ගැන වරදකරුවෙකි. මිනීමරුවා මරණයට පත් කළ යුතු ය.
17
යමෙකු අනෙකකු මරන අදහසින් ගලකින් පහර දී, ඔහු මළොත් ඒ තැනැත්තා මිනීමැරීම ගැන වරදකරුවෙකි. මිනීමරුවා මරණයට පත් කළ යුතු ය.
18
යමෙකු අනෙකකු මරන අදහසින් ඔහුට ලී ආයුධයකින් ගසා ඔහු මැරුවොත්, ඔහු මිනීමැරීම ගැන වරදකරුවෙකි. එවැන්නෙකු මරණයට පත් කළ යුතු ය.
19
ඒ මැරීම ගැන පළිගන්න තැනැත්තා මිනීමරුවා මරණයට පත් කිරීම ගැන වගකිව යුතු ය. මිනීමරුවා සම්මුඛ වූ විට, ඔහු මරාදැමිය යුතු වේ.
20
‘යමෙකු අනෙකකු මරන අදහසින්, වෛරයෙන් ඔහු තල්ලු කොට හෝ රැක සිට ඔහු වෙත යමක් වීසි කොට හෝ
21
සතුරුකමින් ඔහුට අතින් බැට දී හෝ ඔහු මළොත් එවැන්නෙකු මිනීමැරීම ගැන වරදකරුවෙකු වන බැවින් ඔහු මරාදැමිය යුතු ය. මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ම ඥාතියාට මිනීමරුවා සම්මුඛ වූ විට ඔහු මරාදැමිය යුතු ය.
22
‘සතුරුකමක් නොමැති ව යමෙකු අනෙකකු හදිසියෙන් තල්ලු කොට හෝ රැක නොසිට යමක් ඔහු වෙත වීසි කරමින් හෝ
23
ඔහු ඉන්න බව නොදැන ගලක් ගසා හෝ ඔහු මළොත්, එවැනි අවස්ථාවක දී ඔහු සතුරුකම් නොපෙන්වූ බැවින් ද ඔහුට නපුරක් කිරීමට නොසෙවූ බැවින් ද
24
ජනතාව මිනීමරුවා සහ මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ඥාතියා අතර මෙලෙස විනිශ්චය කළ යුතු ය.
25
ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත.
26
එහෙත්, යම් දිනක මිනීමරුවා තමා පලා ගිය අභය භූමි නගරයේ සීමාවෙන් පිටතට පැමිණි පසු,
27
එහි දී, මරාදැමූ තැනැත්තාගේ කිට්ටු ඥාතියාට ඔහු සම්බවුණොත් මිනීමරුවා මරාදැමිය හැකි ය. ඥාතියා ඒ මැරීම ගැන වරදකරුවෙකු නොවනු ඇත.
28
මන්ද, මිනීමරුවා, නායක පූජකයාගේ මරණය දක්වා තම අභය භූමි නගරයෙහි සිටිය යුතු බැවිනි. ඔහුට තමාගේ ගෙදරට යත හැක්කේ නායක පූජකයාගේ මරණයට පසුව පමණකි.
29
නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.
30
‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ.
31
මිනීමැරීමක් සම්බන්ධ ව තීන්දු වූ වරදකරුවෙකු මරණයට පත් කළ යුතු ය. එවැන්නෙකුගේ පණ බේරාගැනීමට වන්දියක් නොගත යුතු ය.
32
අභය භූමි නගරයට පලා ගිය තැනැත්තා වෙනුවෙන් නායක පූජකයාගේ මරණයට කලින් ඔහුගේ රටට ම ආපසු පැමිණීම සඳහා වන්දියක් නොගත යුතු ය.
33
නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්ර කිරීමට අන් මගක් නැත.
34
එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ ”
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 36 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36