bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Numbers 8
Numbers 8
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 9 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2
“ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක.
3
ආරොන් ද එසේ කරමින්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පහන්වල එළිය, පහන් රුක ඉස්සරහට වැටෙන සේ ඒවා දැල්විය.
4
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පෙන්නූ සැලැස්ම අනුව, ඔහු විසින් එය සාදා තිබිණි. එය තැළූ රනින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැළූ රනින් සාදා තිබිණි.
5
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
6
“ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්‍ර කරන්න.
7
ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.
8
ඉන්පසු ඔවුන් ගොන් වස්සෙකු ද, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ද ගත යුතු ය. නුඹ පාප පූජාවක් සඳහා තවත් ගොන් වස්සෙකු ගත යුතු ය.
9
මෙසේ ඔවුන් ගත් පසු, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට නුඹ ඔවුන් කැඳවිය යුතු ය. තවද, නුඹ මුළු ඉශ්රායෙල් ජනතාව ම එක්වන සේ කැඳවිය යුතු ය.
10
මෙසේ නුඹ ලෙවීවරුන් සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙනා පසු ඉශ්රායෙල් ජනතාව ඔවුන් මත තම අත් තැබිය යුතු වේ.
11
ඉන්පසු ආරොන් ඉශ්රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස, ලෙවීවරුන් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.
12
එවිට ලෙවීවරුන් ගොන් වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතු ය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස, නුඹ එක ගොන් වස්සෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
13
“නුඹ ලෙවීවරුන් විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේට කැප කළ පසු ඔවුන් පිළිබඳ වගකීම ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පැවරිය යුතු ය.
14
මෙසේ නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. ඔවුන් මගේ ම වනු ඇත.
15
නුඹ ඔවුන් පවිත්‍ර කොට විශේෂ පඬුරක් මෙන් කැප කළ පසු, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ට එහි ඇතුළු විය හැකි ය.
16
මුළු ඉශ්රායෙල් ජනයා අතර උපදින කුලුඳුලන් වෙනුවට මම මට ම ඔවුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔව්හු මට මුළුමනින් ම කැප කරන ලද්දෝ ය.
17
මිසර දේශයෙහි සියලු කුලුඳුලන් මරණයට පත් කළ දිනයෙහි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් මිනිසෙක් හෝ සතෙක් හෝ වේ වා, මම මට ම කැප කොටගතිමි.
18
මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරාගතිමි.
19
ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.”
20
මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.
21
ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය.
22
ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.
23
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
24
“පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය.
25
වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය.
26
එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36