bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Kings 11
1 Kings 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
1
සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.
2
සැබවින්ම ඔවුන් ඔබ සැමගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් ඔබ සැම ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට ඔබ සැම අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය.
3
ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.
4
එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.
5
මක්නිසාද සාලමොන් ශීදොන්වරුන්ගේ දේවතාවීවූ අෂ්ටාරොත්ද අම්මොන්වරුන්ගේ පිළිකුලවූ මිල්කොම්ද අනුව ගොස්,
6
ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් ස්වාමීන්වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ගියේ නැත.
7
එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැඟුවේය.
8
තමුන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම්ද පූජාද ඔප්පුකළාවූ තමාගේ සියලු අන්‍ය ජාතික භාර්යාවන්ටත් ඔහු එසේම සාදා දුන්නේය.
9
මෙසේ සාලමොන් තමාට දෙවරක් පෙනී, අන් දෙවිවරුන් පසුව නොයන ලෙස තමාට අණකළාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් තමාගේ සිත අහක්කරගත් බැවින්,
10
ස්වාමීන්වහන්සේ ඔහුට උදහස්වූසේක. ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ දේ ඔහු පැවැත්තුවේ නැත.
11
එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: ඔබ මාගේ ගිවිසුමද මා ඔබට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය ඔබෙන් උදුරා ඔබේ මෙහෙකරුවාට දෙන්නෙමි.
12
එහෙත් ඔබේ පියවූ දාවිත් නිසා මම ඔබේ දවස්වලදී ඒක නොකොට ඔබේ පුත්‍රයාගේ අතින් ඒක පැහැරගන්නෙමි.
13
නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් ඔබේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක.
14
තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.
15
එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.
16
(මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඒදොම්හි සියලු පිරිමින් සිඳදමනතුරු එහි හමාසයක් නැවතුණෝය.)
17
නුමුත් හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලාගියෝය; මෙකල හදද් කුඩා ළමයෙක්ව සිටියේය.
18
ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.
19
ඵාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිය බැවින් තමාගේ භාර්යාවගේ සහෝදරී වන තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහුට භාර්යාකොට පාවාදුන්නේය.
20
තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්‍රයා වැදුවාය, තාපෙනෙස් ඵාරාවෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ඵාරාවෝගේ ගෘහයෙහි ඵාරාවෝගේ පුත්‍රයන් අතරේ සිටියේය.
21
දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපුණු බවත් යෝවාබ් සේනාපතියා මළ බවත් හදද් මිසරයේදී අසා: මාගේ රටට යන්ට මා හැරිය මැනවයි ඵාරාවෝට කීවේය.
22
එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: ඔබේ රටට යන්ට හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.
23
දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය.
24
ඔහු දාවිත් ශෝබායේ මනුෂ්‍යයන් මරාදමන කල තමා ළඟට මිනිසුන් රැස්කරගන හමුදාවක අධිපතියා වුණේය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසයකරමින් දමස්කයෙහි රජකම්කළෝය.
25
හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය.
26
තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.
27
ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.
28
යෙරොබොවම් වනාහි බලසම්පන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය.
29
ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය.
30
අහියා තමා ඇඳගන සිටිය අලුත් සළුව අල්වා කෑලි දොළොසකට ඉරා,
31
යෙරොබොවම්ට කථාකොට: ඔබ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
32
(එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් ඉශ්‍රායෙල්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගත් නුවර වන යෙරුසලම නිසාත් ඔහුට වන්නේය.)
33
මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය.
34
එහෙත් මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගත්තාවූ, මාගේ ආඥාද පනත්ද පැවැත්තුවාවූ, මාගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල අධිපතියාව සිටින්ට ඔහුට ඉඩහැර,
35
ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන, ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.
36
මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.
37
ඔබේ සිත ආසාවෙන සියල්ල කෙරෙහි ඔබ රජකම්කරමින් ඉශ්රායෙල් කෙරෙහි රජ වෙන පිණිස ඔබ පිළිගන්නෙමි.
38
මාගේ මෙහෙකරුවූ දාවිත් කළාක්මෙන් ඔබ මාගේ පනත්ද ආඥාද පවත්වමින්, මා විසින් ඔබට අණකරන සියල්ලට ඇහුම්කන්දී, මාගේ මාර්ගවල හැසිර, මාගේ ඇස් හමුවෙහි හරිවූ දේ කරන්නෙහි නම්, මම ඔබ සමඟ සිට දාවිත්ට ස්ථිරවූ ගෘහයක් ගොඩනගාදුන්නාක් මෙන් ඔබටත් ගොඩනගාදී, ඉශ්රායෙල්වරුන් ඔබට භාරදෙන්නෙමි.
39
දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය.
40
ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්ට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂීෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.
41
සාලමොන්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහුගේ ප්‍රඥාවද සාලමොන්ගේ පවත් සඳහන්වූ පොතේ ලියා තිබෙනවා නොවේද?
42
සාලමොන් යෙරුසලමේ මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දක්ය.
43
සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22