bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Kings 21
1 Kings 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 22 →
1
ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.
2
ආහබ් නාබොත්ට කථාකොට: ඔබේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට එලවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් ඔබට දෙන්නෙමි. නොහොත් ඔබ කැමතිනම් එය වටිනා මිල ඔබට දෙන්නෙමියි කීවේය.
3
මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය.
4
එසේ යෙස්‍රෙයෙලිය නාබොත්: මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමියි කී වචනය නිසා ආහබ් ශෝකව අසන්තෝෂව තමාගේ ගෙට ගොස්; ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේය.
5
එවිට ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල් ඔහු ළඟට ඇවිත්: ඔබේ සිත අප්‍රසන්නව තිබෙන්නෙක් ඔබ කෑම නොකා සිටින්නෙක් මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවාය.
6
ඔහුද: මම යෙස්‍රෙයෙලිය නාබොත්ට කථාකොට-ඔබේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් ඔබ කැමති නම් මම ඒක වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නුමුත් ඔහු මට උත්තරදෙමින්-මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවේයයි ඈට කීය.
7
ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල්: දැන් ඉශ්රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ ඔබ නොවේද? නැගිට කෑම කා ඔබේ සිත ප්‍රීතිකරගන්න. මම යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත ඔබට දෙන්නෙමියි ඔහුට කීවාය.
8
ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රයෙන් මුද්‍රාකොට නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ වැඩිමහල්ලන්ටත් උත්තමයන්ටත් ඒ ලියුම් යැවුවාය.
9
ඈ ලියුම්වල ලියූ වගන්තිය නම්: ඔබ සැම උපවාසයක් ප්‍රකාශකොට, නාබොත් සෙනඟ අතරේ උස් තැනක සිටුවා, ඔහු ඉදිරියෙහි දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙකු සිටුවන්න.
10
ඔව්හු-ඔබ දෙවියන්වහන්සේටත් රජුටත් ශාප කෙළෙහියයි ඔහුට විරුද්ධව සාක්ෂි දෙත්වා. පසුව ඔහු පිටතට ගෙනගොස් ගල්ගසා මරන්නය යනුය.
11
ඔහුගේ නුවර මනුෂ්‍යයෝ වන ඒ නුවර විසූ වැඩිමහල්ලෝද උත්තමයෝද යෙසෙබෙල් තමුන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝය.
12
ඔව්හු නිරාහාරව සිටීමක් ප්‍රකාශකොට නාබොත් සෙනඟ ඉදිරිපිට උසක සිටෙවුවෝය.
13
දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:
14
නාබොත් ගල්ගසනු ලැබ මළේයයි යෙසෙබෙල්ට කියා යැවුවෝය.
15
තවද නාබොත් ගල්ගසනු ලැබ මළ බව යෙසෙබෙල් ඇසූ විට ඈ ආහබ්ට කථාකොට: යෙස්‍රෙයෙලිය නාබොත් ඔබට විකුණන්නට අකැමැතිවූ ඔහුගේ මිදිවත්ත ඔබ ගොස් හිමිකරගන්න. මක්නිසාද නාබොත් ජීවත්ව නැත, ඔහු මැරිලායයි කීවාය.
16
නාබොත් මළ බව ආහබ් ඇසූ විට ඔහු යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්න පිණිස එහි යන්ට පිටත්වුණේය.
17
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය තිෂ්බිය එලියා වෙතට පැමිණ:
18
ඔබ පිටත්ව සමාරියේ වසන ඉශ්රායෙල් රජවූ ආහබ් රජ සම්මුඛවෙන්ට යන්න. ඔහු නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්ට එහි ගොස් සිටියි.
19
ඔබ ඔහුට කථාකොට-ඔබ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද-බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ ඔබේ ලේ, එසේය ඔබේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.
20
ආහබ්ද: අහෝ මාගේ සතුර, ඔබ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: ඔබ සොයාගත්තෙමි. මක්නිසාද ඔබ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට ඔබම භාරවී සිටිනෙහිය.
21
බලව, මම ඔබ පිටට විපත පමුණුවා ඔබ සහමුලින්ම අහකට පිසදමා ආහබ්ගේ සියලු පිරිමින් ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳදමා,
22
ඔබ මා කෝපකරවමින් ඉශ්රායෙල්ට පව්කරන්ට සලස්වමින් කළ ක්‍රියාව නිසා ඔබේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද කරන්නෙමියි කියනසේකැයි කීවේය.
23
ස්වාමීන්වහන්සේ යෙසෙබෙල් ගැනද කථාකොට: බල්ලෝ යෙසෙබෙල් යෙස්‍රෙයෙල්හි පවුර ළඟදී කන්නෝය.
24
ආහබ්ගේ වංශයෙන් නුවරදී මැරෙන අය බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන අය පක්ෂීහු කන්නෝයයි කීවේය.
25
(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.
26
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)
27
ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.
28
එකල්හි ස්වාමීන්වහන්සේ ගේ වචනය තිෂ්බිය එලියා වෙතට පැමිණ:
29
ආහබ් මා ඉදිරියෙහි යටත්වුණ බව ඔබ දුටුවෙහිද? ඔහු මා ඉදිරියෙහි යටත්වුණ බැවින් ඒ විපත ඔහුගේ දවස්වලදී නොව ඔහුගේ පුත්‍රයාගේ දවස්වලදී ඔහුගේ වංශය පිටට පමුණුවන්නෙමියි කීසේක.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22