bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Kings 12
1 Kings 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 13 →
1
රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය.
2
තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවිය.
3
ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තෝය. යෙරොබොවම්ද මුළු ඉශ්රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
4
ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය.
5
ඔබ සැම ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. සෙනඟ පිටත්ව ගියෝය.
6
රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස ඔබ සැම මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය.
7
ඔව්හු: ඔබ අද මේ සෙනඟට සේවකයෙක් වී, ඔවුන්ට සේවයකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකර උත්තරදෙන්නෙහි නම්, ඔවුන් සෑමකල්ම ඔබගේ සේවකයන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය.
8
එහෙත් වැඩිමහල්ලන් ඔහුට කීවාවූ දැනමුතුකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටියාවූ තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,
9
ඔවුන්ට කථාකොට: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලුකළමැනවැයි මට කීවාවූ මේ සෙනඟට අප විසින් උත්තර දෙන පිණිස ඔබ සැම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය.
10
ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබූහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළමැනවැයි කියා ඔබට කීවාවූ මේ සෙනඟට ඔබ මෙසේ කිය යුතුය-මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළගිල්ල ලොකුය.
11
එසේය, මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම් කළාහ, මම ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඬුවම්කරන්නෙමියි කියා ඔවුන්ට කිය යුතුයයි කීවෝය.
12
තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය.
13
තවද රජ සෙනඟට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනමිතිකම අත්හැර,
14
තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් ඔබ සැමට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඬුවම් කරන්නෙමියි කීවේය.
15
මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේ ගෙන් විය.
16
සියලු ඉශ්රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබ සැමගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, ඔබ ඔබේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
17
නුමුත් යුදා නුවරවල විසූ ඉශ්රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම් කෙළේය.
18
එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ අදොරාම් යැවීය; සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.
19
මෙසේ අද දක්වා තිබෙන ප්‍රකාරයට ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසුවෝය.
20
යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යුදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.
21
රෙහොබොවම් යෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධව යුද්ධකොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට රාජ්‍යය නැවත ගෙනදෙන පිණිස ඔහු මුළු යුදා වංශයද බෙන්යමින් ගෝත්‍රයද වූ තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූ දහසක් රැස්කෙළේය.
22
එහෙත් දෙවියන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:
23
ඔබ සාලමොන්ගේ පුත්‍රවූ යුදාහි රජවූ රෙහොබොවම්ටත් මුළු යුදා වංශයටත් බෙන්යමින් වංශයටත් ඉතිරි සෙනඟටත් කථාකොට මෙසේ කියන්න-
24
ඔබ සැම නොයන්න, ඉශ්රායෙල් පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. මෙසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේ ගේ වචනය ලෙස හැරී ගියෝය.
25
යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැඟුවේය.
26
තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.
27
මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යුදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යුදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.
28
එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම ඔබ සැමට අමාරු වැඩිය; ඉශ්රායෙල්වරුනි, ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.
29
ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.
30
ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියේය.
31
ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.
32
තවද යුදාහි පවත්වන මංගල්‍යය මෙන් යෙරොබොවම් අටවෙනි මාසයේ පසළොස්වෙනි දා මංගල්‍යයක් නියමකොට පූජාසනය පිට පූජා ඔප්පුකෙළේය; ඔහු බෙතෙල්හිදීත් එසේම කරමින් තමා සෑදූ වස්සන්ට පූජාකෙළේය. තමා සෑදූ උස් තැන්වල පූජකයන් ඔහු බෙතෙල්හි සිටෙවුවේය.
33
ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22