bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Kings 3
1 Kings 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 4 →
1
තවද සාලමොන් මිසරයේ රජවූ ඵාරාවෝ හා නෑකම් බැඳ ඵාරාවෝගේ දුව පාවාගෙන, තමාගේ ගෙයත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයත් යෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිමකරන තුරු ඈ දාවිත්ගේ නුවරට ගෙනාවේය.
2
ඒ දවස් වන තුරු ස්වාමීන්වහන්සේ ගේ නාමයට කිසි ගෘහයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනඟ උස් තැන්වල පූජා ඔප්පුකළෝය.
3
සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේ ට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.
4
ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය.
5
ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් ඔබට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක.
6
සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත් ඔබ ඉදිරියෙහි සැබෑකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්ට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්ට ඉතුරුකරගන සිටිසේක.
7
දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.
8
ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන්කරන්ටවත් ගණන කියන්ටවත් බැරි තරම් මහත් සමූහයක්වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනඟ මැද සිටියි.
9
එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය.
10
සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමීන්වහන්සේ ඊට ප්‍රසන්නවූ සේක.
11
දෙවියන්වහන්සේ කථාකොට: ඔබ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් ඔබේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්,
12
මම ඔබේ වචනය ලෙස කෙළෙමි. ඔබට සමාන කෙනෙක් ඔබට පළමුවෙන් සිටියේවත් ඔබට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් ඔබට දුනිමි.
13
ඇරත් ඔබේ සියලු දවස්වලදී රජවරුන් අතරේ ඔබට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන ඔබ නොඉල්ලූ දේත් ඔබට දුනිමි.
14
ඉදින් ඔබේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් ඔබ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් ඔබේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.
15
සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.
16
එකල වේශ්‍යා ස්ත්‍රීන් දෙදෙනෙක් රජු ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියෝය.
17
එක ස්ත්‍රියක් කියන්නී: අනේ, මාගේ ස්වාමිනි, මමත් මේ ස්ත්‍රීත් එක ගෙයක වසමුව; ඒ ගෙයි ඈ සමඟ සිටියදී මම දරුවෙකු බිහිකෙළෙමි.
18
තවද මා බිහිකර තුන් දිනකට පසු මේ ස්ත්‍රීද බිහිකළාය. අපි එකට සිටියෙමුව; ගෙයි උන් අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමඟ එහි සිටියේ නැත.
19
මේ ස්ත්‍රියගේ දරුවා රාත්රියේදී ඇගේ ඇඟට යටවීමෙන් මළේය.
20
ඈ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගන ඉන්දැද්දී මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, මළාවූ ඇගේ දරුවා මාගේ ළයෙහි තැබුවාය.
21
උදය මාගේ දරුවාට කිරිදෙන්ට නැගුටුණු විට ඔහු මැරී උන්නේය. නුමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා බිහිකළ මාගේ පුත්‍රයා නොවන බව දැනගතිමියි කීවාය.
22
අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා ඔබේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා ඔබේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.
23
එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්-මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා ඔබේය කියාත්, අනික් තැනැත්තී-නැත, මළ දරුවා ඔබේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය.
24
මට කඩුවක් ගෙනෙන්නැයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙනලද්දේය.
25
එවිට රජ කථාකොට-ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් භාගයක් අනික් තැනැත්තියටත් දෙවව්යයි කීවේය.
26
එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඈ රජුට කථාකොට: අනේ, මාගේ ස්වාමිනි, ජීවත්ව ඉන්න දරුවා ඈට දුනමැනවි, මරන්ට නම් එපායයි කීවාය. නුමුත් අනික් තැනැත්තී: ඔහු මටවත් ඔබටවත් නොවේවා, කපත්වයි කීවාය.
27
එවිට රජ උත්තරදෙමින්: ජීවත්ව ඉන්න දරුවා මරන්ට එපා, අර තැනැත්තීට දෙන්න, ඈ ඔහුගේ මවුයයි කීවේය.
28
රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22