bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Kings 8
1 Kings 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 9 →
1
එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.
2
සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ සත්වෙනි මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේදී සාලමොන් රජු වෙතට රැස්වූවෝය.
3
ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල පූජකයෝ ගිවිසුම් පෙට්ටිය උසුලාගත්තෝය.
4
තවද ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ පෙට්ටියද රැස්වීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ බඩුද ගෙනාවෝය; පූජකයෝ සහ ලෙවීවරු ඒවා ගෙනාවෝය.
5
සාලමොන් රජද ඔහු වෙත රැස්ව සිටි මුළු ඉශ්රායෙල් සභාවද ගණින්ටවත් ගණන්කරන්ටවත් බැරිතරම් බැටළුවන් සහ ගවයින් පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.
6
පූජකයෝ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඒකේ ඉඩමෙහි තැබුවෝය.
7
මක්නිසාද පෙට්ටියේ ඉඩමට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.
8
ඒ පොලු ඒවායේ අග්ගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගව තිබුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.
9
ඉශ්රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ්හිදී තිබූ ගල්ලෑලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.
10
පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට ආ කල ස්වාමින්වහන්සේගේ ගෘහය වලාපටලයෙන් පිරුණේය.
11
වලාපටලය නිසා පූජකයන්ට සේවයකිරීම පිණිස සිටින්ට නොහැකි විය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ තේජසින් ස්වාමීන්වහන්සේ ගේ ගෘහය පිරුණේය.
12
එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ කීසේක.
13
මම ඔබට නිවාස ගෘහයක්ද සදාකාලේටම ඔබට වැඩ සිටීමට ස්ථානයක්ද සැබවින්ම ගොඩනැගීමියි කීවේය.
14
රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:
15
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්-
16
මා විසින් මාගේ සෙනඟවූ ඉශ්රායෙල් මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය තැබීමට ගෘහයක් ගොඩනගන පිණිස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරානොගෙන, මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි ප්‍රධානව සිටීමට දාවිත් තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් ඒක ඉෂ්ටකළසේක.
17
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය.
18
එහෙත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔබේ සිතේ තිබුණ කල්පනාව හොඳ කාරණයක්මය.
19
එසේවී නුමුත් ඔබ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; ඔබේ කටියෙන් නික්මෙන ඔබේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.
20
ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයට ගෘහය ගොඩනැඟුවෙමි.
21
තවද ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාකල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන පෙට්ටියට එහි ස්ථානයක් නියම කෙළෙමියි කීවේය.
22
එවිට සාලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය ඉදිරිපිට සිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගන මෙසේ කීවේය:
23
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඉහළ ස්වර්ගයෙහිවත් පහත පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වන සේක.
24
ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔහුට ඉෂ්ටකර දුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
25
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ කථාකොට: ඔබ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් ඔබේ දරුවෝ මා ඉදිරියෙහි හැසිරෙන පිණිස තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි ඔබට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ටකරදුන මැනව.
26
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කී ඔබගේ වචනය මෙසේ ස්ථිරවේවා.
27
නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?
28
එහෙත් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුවමැනව.
29
මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
30
ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.
31
යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරදකොට ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
32
ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.
33
ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔවුන් දෙවනු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
34
ඔබ ස්වර්ගයේ සිට අසා වදාරා ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල්වරුන්ගේ පාපයට කමාවී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
35
ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම්කරන බැවින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්ඇරියොත්,
36
ඔබ ස්වර්ගයේ සිට අසා ඔවුන් විසින් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නාදුන් කල, ඔබගේ මෙහෙකරුවන්ගේත් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේත් පාපයට කමාවී, උරුමයක් කොට ඔබගේ සෙනඟට ඔබ දී තිබෙන ඔබගේ දේශයට වර්ෂාව දුන මැනව.
37
දේශයෙහි සාගතයක් පැමිණෙන්ටවත් වංසගතය පැමිණෙන්ටවත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්ටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ටවත් යෙදුණු කල්හි;
38
කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟවූ ඉශ්රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,
39
ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව.
40
මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක.
41
තවද ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත.
42
එසේ ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවාවූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්,
43
ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිසද, මා විසින් ගොඩනැඟුවාවූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.
44
ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකළොත්,
45
ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා ඔවුන්ට යුක්තිය කළමැනව.
46
පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
47
ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්,
48
ඔවුන් වාලට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේදී තමුන්ගේ මුළු සිතින් ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැඟු ගෘහයද දෙස බලා ඔබට යාච්ඤා කළොත්,
49
ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කරමින්,
50
ඔබට විරුද්ධව පව්කළ ඔබගේ සෙනඟ ඔබට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අපරාධවලට ඔවුන්ට කමාවී, ඔවුන් වාලට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පාකරන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබාදුනමැනව.
51
මක්නිසාද ඔව්හු ඔබ විසින් මිසරයෙන් එනම් යකඩ උදුනෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්ය.
52
ඔබගේ මෙහෙකරුවාගේ කන්නලව්වද දෙස ඔබගේ ඇස් ඇරී තිබේවා; ඔවුන් ඔබගෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුනමැනව.
53
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනාවිට ඔබගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා කථාකෙරෙවු ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබම පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ඔවුන් වෙන් කරගත්සේකැයි කීවේය.
54
සාලමොන් ස්වාමීන්වහන්සේ ට මේ මුලු යාච්ඤාවද කන්නලව්වද ඔප්පුකර නිමකළ විට ඔහු ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගන දණගසා හිදීමෙන් නැගිට්ටේය.
55
තවද ඔහු නැගිට සිට මහත් හඬින් මුළු ඉශ්රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:
56
තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.
57
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් සමඟ සිටියාක් මෙන් අප සමඟත් සිටින සේක්වා. උන්වහන්සේ අප අත්නොහරිනසේක්වා, අප බැහැර නොදමනසේක්වා.
58
එසේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්ටත් උන්වහන්සේ අපේ පියවරුන්ට අණකළ උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයවල්ද පවත්වන්ටත් උන්වහන්සේ අපේ සිත් තමන් වෙතට නමාගන්නසේක්වා.
59
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙවිකෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස,
60
තමන්ගේ මෙහෙකරුවන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ටකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මා විසින් ඔප්පුකළ මේ කන්නලව් වචන රෑ දාවල් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සමීපයෙහි පවතීවා.
61
එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබ සැමගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය.
62
රජද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පුකළෝය.
63
සාලමොන් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ ගේ ගෘහය කැපකළෝය.
64
එම දවසේ රජ ස්වාමීන්වහන්සේ ගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය.
65
මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ.
66
අටවෙනිදා ඔහු සෙනඟ යන්ට හැරියේය, ඔව්හු රජුට ආශීර්වාද ඉල්ලා, ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22