bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Kings 16
1 Kings 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 17 →
1
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය බාෂාට විරුද්ධව හනානීගේ පුත්රවූ යේහු වෙතට පැමිණ කථාකොට:
2
මම දූවිල්ල කෙරෙන් ඔබ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් ඔබ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්,
3
මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, ඔබේ වංශය නෙබාත්ගේ පුත්රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි.
4
නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවේය.
5
බාෂාගේ අනික් කාරණාද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවන්තකම්ද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
6
බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තිර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය.
7
ඇරත් හනානීගේ පුත්රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේ ගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.
8
යුදාහි රජවූ ආසාගේ විසි හවෙනි අවුරුද්දේදී බාෂාගේ පුත්රවූ ඒලා ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම්කෙළේය.
9
ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,
10
සිම්රි ඇතුල්වී යුදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී ඔහුට පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
11
තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය.
12
මෙසේ සිම්රි බාෂාගේ මුළු වංශය විනාශකළේ බාෂාද ඔහුගේ පුත්රවූ ඒලාද තමන්ගේ නිරර්ථක රූපවලින් ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවමින් ඔවුන් විසින් කළාවූද,
13
ඉශ්රායෙල්ට කරන්ට සැළැස්සුවාවූද ඔවුන්ගේ සියලු පාපවල් නිසා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යේහු ලවා බාෂාට විරුද්ධව කියෙවූ උන්වහන්සේගේ වචනයේ හැටියටය.
14
ඒලාගේ අනික් ක්රියාද ඔහු කළ සියල්ලද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
15
යුදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.
16
සිම්රි කුමන්ත්රණයකොට රජුටත් පහරදුන්නේය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට සියලු ඉශ්රායෙල්වරු සේනාපතිවූ ඔම්රී ඒ දවසේ කඳවුරේදී ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත්කළෝය.
17
ඔම්රීද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරුද ගිබ්බෙතෝන් සිට ගොස් තිර්ශා වටලාගත්තෝය.
18
තවද නුවර අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මළේය.
19
එසේ වුණේ ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්රායෙල්ට පව්කරන්ට සලස්වන ලෙස ඔහු කළාවූ පාපයේ හැටියටද හැසිරෙමින් ඔහු කළාවූ පාපවල් නිසාය.
20
සිම්රිගේ අනික් ක්රියාද ඔහු කළ ද්රෝහිකම්ද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
21
එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත්රවූ තිබ්නී රජකරගන්ට ඔහුට එකතුවුණේය; අනික් කොටස ඔම්රීට එකතුවුණේය.
22
නුමුත් ඔම්රීට එකතුවුණ සෙනඟ ගීනත්ගේ පුත්රවූ තිබ්නීට එකතුවුණ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නී මළේය, ඔම්රී රජවුණේය.
23
යුදාහි රජවූ ආසාගේ තිස් එක්වෙනි අවුරුද්දේදී ඔම්රී ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජවී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම්කෙළේය.
24
ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්රකාර සමාරිය යන නම තැබුවේය.
25
ඔම්රී ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්රියාකෙළේය.
26
මක්නිසාද ඔහු නෙබාත්ගේ පුත්රවූ යෙරොබොවම්ගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක රූපවලින් ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට ඉශ්රායෙල්ට පව් කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපවල හැටියටද හැසුරුණේය.
27
ඔම්රී කළාවූ අනික් ක්රියාද ඔහු කළ බලවන්තකම්ද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
28
ඔම්රී තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය.
29
යුදාහි රජවූ ආසාගේ තිස් අටවෙනි අවුරුද්දේදී ඔම්රීගේ පුත්රවූ ආහබ් ඉශ්රායෙල් කෙරෙහි රජ වී, සමාරියේ විසි දෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.
30
ඔම්රීගේ පුත්රවූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑමදෙනාට වඩා ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
31
තවද ඔහු නෙබාත්ගේ පුත්රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.
32
තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය;
33
ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය.
34
ඔහුගේ කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූන්ගේ පුත්රවූ යෝෂුවා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුලාවූ අබීරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්රවූ සෙගුබ්ද නැසුණෝය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22