bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Corinthians 10
2 Corinthians 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
1
ඉදිරියෙහි සිටින කල ඔබ සැම අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල ඔබ සැම කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා ඔබ සැමගෙන් ඉල්ලීමක් කරමි.
2
එසේය, අප මාංසාකාරයෙන් හැසිරෙන්නන් කොට ගණන්ගන්නා සමහරුන්ට විරුද්ධව පාන්නට මා සිතන විශ්වාසයෙන්, ඔබ සැම වෙත සිටින විට මට නිර්භීතවෙන්ට නොසලස්වන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.
4
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)
5
අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
6
ඔබ සැමගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව.
7
ඔබ සැම පෙනීමේ හැටියට කාරණා බලන්නහුද? යමෙක් තමා ක්රිස්තුස්වහන්සේට අයිතියයි සිතාගන සිටින්නේ නම්, තමා ක්රිස්තුස්වහන්සේට අයිතිවා සේම අපිත් අයිති බව තමාම කල්පනාකරගනීවා.
8
මක්නිසාද (ඔබ සැම බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.
9
[එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් ඔබ සැම භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය.
10
මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති.
11
මෙන්න, අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා.
12
මක්නිසාද තමුන් ගැනම සාක්ෂිදෙන්නාවූ සමහරුන් සමඟ අප ගණන්ගන්ට නොහොත් ඔවුන්ට අපම සමානකරගන්ට අපට ධෛර්යය නැත. නුමුත් තමුන්ගේම මිම්මෙන් තමුන්ම මැනගන්නාවූ, තමුන්ටම තමුන් සමානකර බලන්නාවූ ඔව්හු තේරුම් නැතුව සිටිති.
13
නුමුත් අපි ප්රමාණයට වඩා නොව, ඔබ සැම ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන්වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්රමාණයේ හැටියට පාරට්ටුකරගන්නෙමුව.
14
මක්නිසාද අප ඔබ සැම ළඟට නොපැමුණුණාක්මෙන්, [අපේ මේ කීමෙන්] අපේ මායිමෙන් එපිට යනවා නොවේ. එසේය, ඔබ සැම දක්වාත් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඇතුව ආවෙමුව.
15
අපේ පමණට වඩා, එනම් අනුන්ගේ වැඩ ගැන, අපි පාරට්ටු නොකරමුව.
16
නුමුත් ඔබ සැමගේ ඇදහිල්ල වැඩිවන විට, අපේ අත්වලට සූදානම්ව තිබෙන අනුන්ගේ මායිමේ වැඩ ගැන පාරට්ටු නොකොට, ඔබ සැමට එහායින් තිබෙන පළාත්වලත් ශුභාරංචිය දේශනාකරන පිණිස වර්ධනයවීමට ඇත්තාවූ අපේ මායිමේ ප්රමාණයලෙස ඔබ සැම නිසා විශාලකමක් ලබන්නෙමුයයි බලාපොරොත්තුවෙමුව.
17
නුමුත් පාරට්ටුකරගන්නා ස්වාමීන්වහන්සේ තුළ පාරට්ටුකරගනීවා.
18
මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13