bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Corinthians 6
2 Corinthians 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
1
තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, ඔබ සැම උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.
2
මක්නිසාද- පිළිගත යුතුවූ කාලයකදී ඔබට ඇහුම්කන්දුනිමි, ගැළවීමේ දවසකදී ඔබට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.
3
අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී,
4
බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද,
5
පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද;
6
පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්‍රේමයෙන්ද;
7
සත්‍යතාවේ වචනයෙන්ද දෙවියන්වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද.
8
ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;
9
නාඳුනනු ලබන්නන් මෙන් පෙනෙන නුමුත් හොඳට අඳුනනු ලබන්නන් මෙන්ද, මැරෙන්නාක්මෙන් පෙනෙන නුමුත්, බලව, ජීවත්වෙන්නන් මෙන්ද, දඬුවම් ලබන්නාක්මෙන් පෙනෙන නුමුත් මරනු නොලබන්නන් මෙන්ද;
10
ශෝකවෙන්නන් මෙන් පෙනෙන නුමුත් නිතර ප්‍රීතිවෙන්නන් මෙන්ද, දිළින්දන් මෙන් පෙනෙන නුමුත් බොහෝ දෙනෙක් ධනවන්ත කරන්නන් මෙන්ද, කිසිවක් නැත්තන්මෙන් පෙනෙන නුමුත් සියල්ල ඇත්තවුන් මෙන්ද යන මේ සියල්ලෙන් අපි දෙවියන්වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමුව.
11
එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය ඔබ සැමට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.
12
ඔබ සැම හිරවී සිටින්නේ අප තුළ නොවේ, ඔබ සැමගේ ම සිත් තුළ ඔබ සැම හිරවී සිටිහුය.
13
එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස ඔබ සැමත් සිතින් විශාලවෙන්න; දරුවන්ට මෙන් මෙසේ කියමි.
14
නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?
15
බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?
16
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
17
එබැවින්- ඔබ සැම ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම ඔබ සැම පිළිගෙන,
18
ඔබ සැමට පියෙක් වන්නෙමි, ඔබ සැමද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13