bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Corinthians 3
2 Corinthians 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 4 →
1
අපි නැවත අප ගැනම සාක්ෂි දෙන්ට පටන්ගනිමුද? නොහොත් සාක්ෂිපත්‍ර ඔබ සැමට දෙන්ට හෝ ඔබ සැමගෙන් ගන්ට හෝ සමහරුන්ට මෙන් අපට ඕනෑකරනවාද?
2
අපගේ පත්‍රය නම් ඔබ සැමය; එය අපේ සිත්වල ලියා තිබේ, සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවති.
3
මක්නිසාද ඔබ සැම අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නැමති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ.
4
එබඳු විශ්වාසයක් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇත්තේය.
5
එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.
6
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.
7
ඉදින් ඉශ්රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්,
8
ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද?
9
මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ.
10
එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ.
11
මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ.
12
එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව.
13
පහවීයන්නාවූ දෙයේ අවසානය දෙස ඉශ්රායෙල් පුත්‍රයන් ඇස් හෙළාගන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව.
14
ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය.
15
අද දක්වා මෝසෙස්ගේ ලියවිලි කියවන කල වැස්මක් ඔවුන්ගේ සිත් පිට තිබේ.
16
එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක්කරනු ලැබේ.
17
ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.
18
අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13