bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Corinthians 2
2 Corinthians 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 3 →
1
මක්නිසාද ඔබ සැම පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය, ශෝකයෙන් යුක්තව ඔබ සැම ළඟට නැවත නොඑන්ට මම මාගේ සිතින් නියමකරගතිමි.
2
මක්නිසාද මම ඔබ සැම ශෝකයට පත්කරම් නම්, මා විසින් ශෝකයට පත්කරන අයම මිස මා සන්තෝෂකරන්නේ වෙන කවුද?
3
මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය ඔබ සැම සියල්ලන්ගේ ප්‍රීතියයයි ඔබ සැම සියල්ලන් ගැන විශ්වාසකරමින්, මා ආවාම මා ප්‍රීතිකරන්ට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය.
4
මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව ඔබ සැමට ලිවීමි. එසේ කළේ ඔබ සැම ශෝකයට පත්කරන්ට නොව ඔබ සැම කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය ඔබ සැම විසින් දැනගන්නා පිණිසය.
5
එහෙත් යමෙක් ශෝක ඉපදෙවුවේ නම් ඔහු මට නොව, පමණක් දුරට ඔබ සැම සියල්ලන්ටම ශෝක ඉපදෙවුවේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය.
6
බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත.
7
අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා ඔබ සැමට යුතුය.
8
එබැවින් ඔහු කෙරෙහි තිබෙන ඔබ සැමගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
9
තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී ඔබ සැම කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය.
10
ඔබ සැම යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි. මම යමක් ගැන කමාවීම් නම්, එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය,
11
ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.
12
තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,
13
මාගේ සහෝදරවූ තීතස් සම්බ නූවූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ, ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි.
14
තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
15
මක්නිසාද ගැළවෙන්නවුන් කෙරෙහිද විනාශවන්නන් කෙරෙහිද අපි දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව;
16
එක පක්ෂයකට මරණය පිණිස මරණයේ සුවඳක්ය; අනික් පක්ෂයට ජීවනය පිණිස ජීවනයේ සුවඳක්ය. ඉතින් මේ දේවලට සමර්ථ කවුද?
17
මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13