bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Corinthians 7
2 Corinthians 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 8 →
1
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.
2
ඔබ සැමගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව.
3
මා එසේ කියන්නේ ඔබ සැමට වරද තබන පිණිස නොවේ. මක්නිසාද ඔබ සැම එක්ව මැරෙන්ටත් එක්ව ජීවත්වෙන්ටත් ඔබ සැම අපේ සිත්වල දරමුයයි පළමුවෙන්ම කීවෙමි.
4
ඔබ සැම කෙරෙහි තිබෙන මාගේ විශ්වාසය මහත්ය, ඔබ සැම ගැන මාගේ පාරට්ටුකිරීම මහත්ය. සැනසිල්ලෙන් පූර්ණව සිටිමි, අපේ සියලු දුක්වලදී ප්‍රීතියෙන් පිනමි.
5
මක්නිසාද අප මකිදෝනියට ආ කල පවා අපේ මාංසයට කිසි පහසුවක් නැතුව හැම අතින්ම දුක්වින්දෙමුව; පිටතින් විරුද්ධකම්ද ඇතුළතින් භයද විය.
6
නුමුත් යටහතුන් සනසන්නාවූ තැනන්වහන්සේ එනම් දෙවියන්වහන්සේ තීතස්ගේ ඊමෙන් අප සැනසූසේක;
7
ඔහුගේ ඊමෙන් පමණක් නොව ඔබ සැම ගැන ඔහු ලැබූ සැනසිල්ලත් කරණකොටගෙනය; ඔබ සැමගේ මහත් ආශාවද ඔබ සැමගේ වැලපීමද මා උදෙසා ඔබ සැමගේ ජ්වලිතකමද ගැන ඔහු දැන්වූ කල, මම තව වඩා ප්රීතිවීමි.
8
මෙසේ මම ඒ ලියුමෙන් ඔබ සැම ශෝකයට පැමිණෙවු නිසා කනගාටුවූ නුමුත්, දැන් කනගාටු නොවෙමි; කලකට පමණක් වුවත් ඒ ලියුම ඔබ සැම ශෝකයට පැමිණෙවු බව මට පෙනේ.
9
ඔබ සැම ශෝකයට පමුණුවනු ලැබූ නිසා නොව පසුතැවිලිවීම සඳහා ඔබ සැම ශෝකයට පමුණුවනු ලැබූ බැවින් දැන් ප්‍රීතිවෙමි. එසේය, කොයි ප්‍රකාරයකින්වත් ඔබ සැම අපෙන් අලාභ නොවිඳින පිණිස දේවකැමැත්තේ හැටියට ඔබ සැම ශෝකවුණහුය.
10
මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.
11
එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් ඔබ සැම තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව ඔබ සැම නිදොස් බව ඔබ සැම සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය.
12
ඉතින් මා ඔබ සැමට ලියා එවූ නුමුත් එසේ ලියුවේ අයුතුකම කළ අය නිසාවත් අයුතුකම වින්ද අය නිසාවත් නොව, අප ගැන ඔබ සැමගේ ඇති මහත් සැලකිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමටම ප්රකාශවන පිණිසය.
13
එහෙයින් අපි සැනසීම ලබා සිටිමුව. නුමුත් අපේ සැනසිල්ලේදී අප වඩාම ප්‍රීතිවුණේ තීතස්ගේ ප්‍රීතිය නිසාය, මක්නිසාද ඔහුගේ ආත්මයට ඔබ සැම සියල්ලන්ගෙන් පහසුව ලැබී තිබේ.
14
එසේය, මම ඔබ සැම ගැන පාරට්ටුකර ඔහුට යමක් කීවෙම් නම්, මම ලජ්ජාවට පමුණුවනු නොලැබුවෙමි; එහෙත් අප ඔබ සැමට සැබෑකමින් සියල්ල කී හැටියටම තීතස් ඉදිරියෙහි අප විසින් ඔබ සැම ගැන කළ පාරට්ටුවත් සැබෑවුණේය.
15
තවද ඔබ සැම සියල්ලන්ගේ කීකරුකම, එනම් භයත් වෙවුලුමත් ඇතුව ඔහුව පිළිගත් හැටි ඔහු සිහිකරන කල, ඔහුගේ මෘදු ප්‍රේමය ඔබ සැම කෙරෙහි වඩාත් අධිකවන්නේය.
16
සියලු කාරණාවලදී මම ඔබ සැම ගැන නිසැකව සිටින බැවින් ප්‍රීතිවෙමි.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13