bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Corinthians 13
2 Corinthians 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
1
මේක මා ඔබ සැම ළඟට එන තුන්වෙනි වතාවය. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේවත් තුන්දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථිරකරනු ලැබේ.
2
මම නැවත ආවොත් මේ දක්වා පව්කළවුන්ටද අනික් සියල්ලන්ටද අච්චු නොකර නාරින්නෙමියි කියා මම දෙවෙනි වතාවේ ළඟ සිටියදී කලින් කී ලෙස, දැන් ඈත්ව සිටියදීත් කලින් කියමි.
3
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා තුළ කථාකරන බවට ඔබ සැම ඔප්පුවක් සොයන්නහුය; උන්වහන්සේ ඔබ සැම කෙරෙහි දුර්වලව නොව ඔබ සැම අතරෙහි බලවත්ව සිටිනසේක.
4
මක්නිසාද උන්වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණගසනු ලැබූ නුමුත් දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත්වනසේක. එසේම අපිද උන්වහන්සේ තුළෙහි දුර්වලව සිටින නුමුත් උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් ඔබ සැම උදෙසා ජීවත්වන්නෙමුව.
5
ඔබ සැම ඇදහිල්ලෙහි සිටිනවාද කියා ඔබ සැමම පරීක්ෂාකර බලන්න; ඔබ සැමවම සෝදිසිකර බලන්න. නොහොත්, ඔබ සැම එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම තුළෙහි වසන බව ඔබ සැමම නොදනිවුද?
6
නුමුත් අප එපාකරනලද තැනැත්තන් නොවන බව ඔබ සැම දැනගන්නවා ඇතැයි බලාපොරොත්තුවෙමි.
7
නුමුත් ඔබ සැම කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන්වහන්සේට යාච්ඤාකරමුව. එසේ කරන්නේ අපි ඒත්තුගත් තැනැත්තන් බව පෙනෙන පිණිස නොව, අපි එපාකරනලද තැනැත්තන් මෙන් වූ නුමුත්, ඔබ සැම විසින් ගරුකටයුතු දේ කරන පිණිසය.
8
මක්නිසාද සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.
9
අප දුර්වලව ඔබ සැම බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද ඔබ සැමගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.
10
මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා ඔබ සැම ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.
11
ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න, සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ වනසේක.
12
ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
13
සියලු ශුද්ධවන්තයෝ ඔබ සැමට ආචාර කරති.
14
ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකමද ඔබ සැම සියල්ලන් හා සමඟ වේවා.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13