bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Job 19
Job 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 20 →
1
(තමාගේ මිදුම්කාරයා කෙරෙහි විශ්වාසය.) එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2
ඔබ සැම කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?
3
දැන් දස වරක් ඔබ සැම මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය.
4
මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය.
5
ඔබ සැම සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න.
6
ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න.
7
මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත.
8
මා පිටත නොයන හැටියට උන්වහන්සේ මාගේ පාර අහුරා, මාගේ මාවත්වල අන්ධකාරය තබා තිබේ.
9
උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ.
10
මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.
11
උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක.
12
උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති.
13
උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය.
14
මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය.
15
මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති, ඔවුන්ට මම විදේශියෙකු මෙන්ය.
16
මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ.
17
මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය.
18
බාලයෝ පවා මා හෙළාදකිති; මා නැඟිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති.
19
මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති.
20
මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය.
21
අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ හස්තය මට පහරදුන්නේය.
22
ඔබ සැම දෙවියන්වහන්සේ මෙන් මා පස්සේ එළවාගෙන එන්නෙත් මාගේ මාංසය කෑමෙන් තෘප්තියට නොපැමිණ සිටින්නෙත් මක්නිසාද?
23
අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්,
24
යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද!
25
එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.
26
මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි.
27
මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ.
28
කාරණාවේ මුල මා තුළ සම්බවූ හෙයින්, අපි ඔහුට කෙසේ පීඩාකරමෝදැයි ඔබ සැම කියන්නහු නම්,
29
කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව ඔබ සැම දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42