bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Job 38
Job 38
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 39 →
1
(තමන්වහන්සේගේ බලය හා ප්‍රඥාව ස්වකීය මැවිලිවලින් දැක්වීම.) එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් මෙසේ කීසේක:
2
අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
3
ඉතින් පුරුෂයෙකු මෙන් ඔබේ ඉඟටිය බැඳගෙන, මා ඔබෙන් අසන විට මට කියන්න.
4
මා පොළොව පිහිටෙවු කල ඔබ කොතැන සිටියෙහිද? ඔබ දන්නෙහිනම් කියන්න.
5
ඒකේ මිමි නියමකළේ කවුද? ඔබ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද?
6
ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්,
7
දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
8
මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද?
9
මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා,
10
ඊට මාගේ මායිම නියමකර, අගුල් සහ දොරවල්ද තබා:
11
මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; ඔබේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
12
එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට,
13
ඔබේ සෑම දවස්වල ඔබ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?
14
එය මුද්‍රා තබනලද මැටි මෙන් සියල්ල වෙනස්වී, වස්ත්‍රයකින් පැළදී තිබෙන්නාක්මෙන් පෙනෙන්නේය.
15
එවිට දුෂ්ටයන්ගේ එළිය ඔවුන්ගෙන් පහවන්නේය, එසෙවූ හස්තයද බිඳදමනු ලබන්නේය.
16
ඔබ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද? නොහොත් ගැඹුරේ රහස් තැන්වල ඇවිද්දෙහිද?
17
මරහුගේ දොරටු ඔබට ප්රකාශවීද? නොහොත් මරණ සෙවණේ දොරටු ඔබ දුටුවෙහිද?
18
ඔබ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.
19
ඔබ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් ඔබ විසින් තේරුම්ගන්නා පිණිසත්.
20
එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?
21
ඔබ එවකට ඉපිද සිටිය බැවින්ද ඔබේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව ඔබ දන්නෙහිය!
22
කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන
23
හිම ගබඩා ළඟට ඔබ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද?
24
එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?
25
මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,
26
වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට,
27
වර්ෂාවට පාරවල්ද අකුණුවල විදුලියට මාර්ගයක්ද විවරකළේ කවුද?
28
වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද?
29
හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිදු හිම ජනිතකළේ කවුද?
30
ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.
31
හත්දින්නේ තරුවැළ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද?
32
මස්සරොත් ඒවායේ නියම කාලයට නික්මවන්ට ඔබට පුළුවන්ද? පිරිවර සහිත මහ වලසා ගෙනයන්ට ඔබට පුළුවන්ද?
33
ඔබ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට ඔබට පුළුවන්ද?
34
වතුර රාශියක් ඔබ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට ඔබේ හඬ නගන්ට පුළුවන්ද?
35
විද්යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට ඔබට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි ඔබට කියනවා ඇද්ද?
36
අධ්‍යාත්මයෙහි ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට නුවණ දුන්නේ කවුද?
37
ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,
38
ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?
39
ඔබ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද? තරුණ සිංහයන් උන්ගේ ගුහාවල ලැග,
40
කැලෑවේ සැඟවී බලා සිටින විට, ඔබ උන්ගේ ආශාව සංසිඳවනවාද?
41
කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42