bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Job 36
Job 36
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 37 →
1
එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2
මා ඔබට පෙන්වාදෙන පිණිස මා ගැන ටිකක් ඉවසන්න; මක්නිසාද දෙවියන්වහන්සේ උදෙසා තවත් දේ කියන්ට තිබේ.
3
මාගේ දැනගැන්ම දුර සිට ගෙනැවිත්, මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ධර්මිෂ්ඨ බව පෙන්වන්නෙමි.
4
මක්නිසාද සැබවින්ම මාගේ වචන බොරු නැත. හරි දැනගැන්ම ඇත්තෙක් ඔබ වෙත සිටින්නේය.
5
මෙන්න, දෙවියන්වහන්සේ බලවත්ය, එහෙත් කිසිවෙකු සුළු නොකරනසේක. උන්වහන්සේ ඥානශක්තියෙන් බලවත්ය.
6
උන්වහන්සේ දුෂ්ටයන් ආරක්ෂා නොකරනසේක. නුමුත් අසරණවූ අයට යුක්තිය ඉෂ්ටකරදෙනසේක.
7
උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.
8
ඔව්හු විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති බැඳුම්වලට අසුවී සිටිත්නම්,
9
උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවද ඔවුන්ගේ අපරාධ එනම් ඔවුන් උඩඟුකම් කළ බවද ඔවුන්ට පෙන්වා,
10
දැනමුතුකමට ඔවුන්ගේ කන් අරවා, අයුතුකමෙන් හැරෙන්ට කියා ඔවුන්ට අණකරනසේක.
11
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.
12
නුමුත් නාසා සිටියොත්, ඔව්හු කඩුවෙන් විනාශවන්නෝය, අනුවණකමින් නසින්නෝය.
13
නුමුත් අභක්තික සිත් ඇත්තෝ උදහස රැස්කරගනිති. උන්වහන්සේ ඔවුන් බඳිනකල ඔව්හු කන්නලව් නොකරති.
14
ඔව්හු යෞවන වයසේදී නසිති; ඔවුන්ගේ ජීවිතය දූෂ්‍යවූවන් අතරේ විනාශවෙයි.
15
උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක.
16
එසේය, උන්වහන්සේ ඔබ විපත්තිවලින් මුදා අවහිරකමක් නැති විශාල තැනකට පමුණුවනසේක; ඔබේ මේසයෙහි භෝජනයද තරකමින් පූර්ණවන්නේය.
17
නුමුත් ඔබ දුෂ්ටයාගේ දඬුවමින් පිරී සිටින්නෙහිය. විනිශ්චය හා යුක්තිය ඔබ අල්වාගන්නේය.
18
එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න; මිදීමේ මිලයේ මහත්කම නිසා මුළා නොවෙන්න.
19
දුකට පත් නොවෙන ලෙස ඔබේ වස්තුවවත් ඔබේ ශක්තියේ මුළු බලයවත් සෑහෙන්නේද?
20
ජනයන් තමුන්ගේ ස්ථානයෙන් සිඳිනු ලබන රාත්‍රියට ආශා නොවෙන්න.
21
ප්‍රවේසම්වෙන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න. මක්නිසාද පීඩාවට වඩා ඔබ ඒක තෝරාගත්තෙහිය.
22
බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද?
23
උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේට නියමකෙළේ කවුද? නොහොත්: ඔබ අධර්මිෂ්ඨකම් කළසේකැයි කියන්ට පුළුවන් කාටද?
24
මනුෂ්‍යයන් ගීයෙන් ප්‍රශංසාකළාවූ උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්ට සිහිකරගන්න.
25
සියලු මනුෂ්‍යයෝ ඒ දෙස බැලුවෝය; මනුෂ්‍යයා දුර සිට බලන්නේය.
26
බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.
27
උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.
28
ඒවා වලාකුල්වලින් වැගිරී බොහෝසේ මනුෂ්‍යයන් පිටට වහින්නේය.
29
නුමුත් වලාපටලයේ පැතිර යාම වන උන්වහන්සේගේ මණ්ඩපයේ ගර්ජනා යමෙකුට තේරුම්ගත හැක්කේද?
30
බලව, උන්වහන්සේ තමන් ආලෝකය තමන් වටකර විහිදුවා, මුහුදේ පතුළ වසනසේක.
31
මක්නිසාද එයින් උන්වහන්සේ ජනයන්ට දඬුවම්කරනසේක; ආහාරද බොහෝසෙයින් දෙනසේක.
32
උන්වහන්සේ ස්වකීය අත් විදුලියෙන් පුරවාගෙන, නියම ලකුණට වදින ලෙස ඊට අණකරනසේක.
33
ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය. පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 37 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42