bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Job 41
Job 41
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 42 →
1
කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් ඔබට පුළුවන්ද?
2
උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් ඔබට පුළුවන්ද?
3
ඌ ඔබට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන ඔබට කියනවා ඇද්ද?
4
ඔබ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ ඔබ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?
5
පක්ෂියෙකු සමඟ මෙන් ඔබ ඌ සමඟ සෙල්ලම්කරනවාද? නොහොත් ඔබේ තරුණියන්ට ඌ බැඳ දෙනවාද?
6
මසුන් අල්ලන්නෝ උගෙන් වෙළඳාම්කර, වෙළඳුන් අතරේ ඌ බෙදන්නෝද?
7
උගේ හමට හෙල්ලවලින්වත් උගේ ඔළුවට මස් හෙල්ලවලින්වත් අනින්ට ඔබට පුළුවන්ද?
8
ඔබේ අත ඌ පිට තබා, සටන සිහිකරන්න, තවත් එසේ නොකරන්න.
9
අන්න, ඌ ගැන බලාපොරොත්තුවීම නිෂ්ඵලය. යමෙක් ඌ දුටු පමණින් වැටෙනවා නොවේද?
10
ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත. එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද?
11
පළමුකොට මට යමක් දුන්නේ කවුද? දුන්නානම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි. මුළු අහස යට තිබෙන සියල්ල මාගේය.
12
උගේ ගාත්රාද බලයේ ශක්තියද නිසි ශරීර ලක්ෂණද ගැන නිශ්ශබ්දව නොසිටින්නෙමි.
13
උගේ පිට වස්ත්‍රය ගළවන්ට කාට පුළුවන්ද? උගේ දත් දෙපේළියට ළංවන්නේ කවුද?
14
උගේ මුහුණේ දොරවල් අරින්ට පුළුවන් කාටද? උගේ දත් අවටින් භීතිය තිබේ.
15
තද මුද්‍රාවකින් වැසුවාක්මෙන්වූ උගේ ශක්තිමත් කොරපොතු උගේ පාරට්ටුවය.
16
ඒවා අස්සට හුළඟ ඇතුල් නොවෙන හැටියට ඒවා එකිනෙකට යාව තිබේ.
17
ඒවා එකිනෙකට ඇලී, වෙන්කරන්ට බැරි ලෙස එකිනෙකට සම්බන්ධව තිබේ.
18
උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි; උගේ ඇස් අලුයම නමැති ඇසිපිය වැනිය.
19
උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය.
20
ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය.
21
උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය. ගිනිදැලක්ද උගේ කටින් නික්මෙන්නේය.
22
උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය.
23
උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ.
24
උගේ සිත ගලක් මෙන් තදය; එසේය, යට ඇඹරුම් ගල මෙන් තදය.
25
ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.
26
කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි.
27
යකඩ පිදුරු මෙන්ද පිත්තල දිරාගිය ලී මෙන්ද ඌ ගණන්ගන්නේය.
28
ඊගස කෙරෙන් ඌ පලා නොයන්නේය; පටියෙන් ගසන ගල් ඌට ඉපනැලිමෙන් වේ.
29
පොලු ඉපනැල්ල මෙන් ඌ ගණන්ගන්නේය; කුඩා හෙල්ලය සොලවන විට ඌ සිනාසෙන්නේය.
30
උගේ යටිපැත්ත තියුණු කැබලිති වැනිය. මඩින යන්ත්‍රයක් මෙන් ඌ මඩේ ඇදෙන්නේය.
31
සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය. මුහුද තෛලයක් මෙන් කරන්නේය.
32
ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි.
33
ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත; භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය.
34
ඌ උසස්ව තිබෙන සියල්ල බලන්නේය. ඌ සියලු චණ්ඩ මෘගයන් කෙරෙහි රජ ව සිටින්නේයයි කීසේක.
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 42 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42