bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Job 23
Job 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 24 →
1
එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2
අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය.
3
අහෝ උන්වහන්සේගේ ආසනය ළඟටම පැමිණ, උන්වහන්සේ සම්බවෙන්ට පුළුවන් තැන දැනගන්ට ඇත්නම්!
4
එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.
5
උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි.
6
උන්වහන්සේ තමන් බලයේ මහත් කරමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
7
එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන; මෙසේ මාගේ විනිශ්චයකාරයාණන්ගෙන් සදාකාලයටම මිදෙන්ට මට පුළුවන්වන්නේය.
8
නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි.
9
වම් පැත්තෙහි උන්වහන්සේ ක්රියා කරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.
10
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
11
මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි.
12
උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
13
එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.
14
එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.
15
එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි.
16
දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක. සර්වපරාක්රමයාණෝ මා කැලඹූසේක.
17
ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42