bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Joshua 1
Joshua 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
1
ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට කථාකොට කියනසේක්:
2
මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් ඔබත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.
3
ඔබ සැම අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස ඔබ සැමට දුනිමි.
4
කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තීවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහමුහුද දක්වාද ඔබ සැමගේ සීමාව වන්නේය.
5
ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි. ඔබෙන් අහක්ව නොයන්නෙමි, ඔබ අත්නාරින්නෙමි.
6
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය ඔබ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.
7
මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. ඔබ යන සෑමතැනදීම ඔබට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
8
මේ ව්‍යවස්ථා පොත ඔබේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාව ල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට ඔබේ මාර්ගය සඵලවී ඔබට ශුභ සිද්ධවන්නේය.
9
මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.
10
එවිට යෝෂුවා සෙනඟගේ මුලාදෑනීන්ට අණකරමින් කියනුයේ:
11
ඔබ සැම කඳවුර මුළුල්ලෙහි ගොස් සෙනඟට කථාකර-හිමිකරගැනීමට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශය හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ සැම තව තුන් දවසකින් මේ යොර්දානෙන් එතරට යන නිසා කෑම සූදානම්කරගන්නය කියා අණකරන්නැයි කීවේය.
12
යෝෂුවා රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධ ගෝත්‍රයටද කථාකොට:
13
ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකර කී දෙය සිහිකරන්න; ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට විශ්‍රාම දී මේ දේශය ඔබ සැමට දෙනසේක.
14
ඔබ සැමගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මෝසෙස් යොර්දානෙන් මෙගොඩ ඔබ සැමට දී තිබෙන දේශයෙහි සිටිත්වා; නුමුත් ස්වාමීන්වහන්සේ ඔබ සැමට මෙන් ඔබ සැමගේ සහෝදරයන්ට විශ්‍රාම දෙනතෙක්ද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් විසිනුත් හිමිකර ගන්නා තෙක්ද,
15
ඔබ සැමගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව ඔබ සැමගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි ඔබ සැමට දුන් ඔබ සැමගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.
16
ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: ඔබ අපට අණකළ සියල්ල කරන්නෙමුව, ඔබ අප යවන කොතැනට නුමුත් යන්නෙමුව.
17
අප විසින් සියලු කාරණාවලදී මෝසෙස්ට කීකරුවුණාක් මෙන් ඔබටත් කීකරුවන්නෙමුව. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ සිටි ලෙසම ඔබ සමඟත් සිටිනසේක්වා.
18
ඔබ අපට අණකරන සියල්ල ගැන ඔබේ වචන නාසා ඔබේ අණට විරුද්ධව කැරළිගසන කවරෙක් වුවත් මරණයට පත්කරනු ලබන්නේය. ඔබ වනාහි ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නැයි කීවෝය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24