bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Joshua 3
Joshua 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
1
යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.
2
තවද තුන් දවසකට පසු මුලාදෑනීහු කඳවුර මුළුල්ලෙහි ගොස්,
3
සෙනඟට කථාකොට: ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් ඔබ සැම දකින විට ඔබ සැමගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.
4
එහෙත් මිම්මෙන් රියන් දෙදහසක් පමණවූ ඉඩක් ඔබ සැමටත් ඊටත් අතරේ තිබිය යුතුය. මීට පළමුවෙන් ඔබ සැම මේ මාර්ගයෙහි නොගිය බැවින් ඔබ සැම යන්ට ඕනෑ මාර්ගය දැනගන්න පිණිස ඊට ළංනොවී සිටින්නැයි අණකළෝය.
5
යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය.
6
යෝෂුවා පූජකයන්ටද කථාකොට: ඔබ සැම ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය.
7
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔබ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.
8
ඔබ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ට අණකොට: ඔබ සැම යොර්දාන් ජලය අද්දරට පැමුණුණාම යොර්දානේ නැවතී සිටින්නය කියා ඔවුන්ට කියන්නැයි කීවේය.
9
යෝෂුවාද: ඔබ සැම මෙහි ළංවී ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ වචන අසන්නැයි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේය.
10
යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ ඔබ සැම අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම ඔබ සැම ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් ඔබ සැම මෙයින් දැනගන්නහුය.
11
බලව, මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ඔබ සැමට පෙරටුව යොර්දානට යන්නේය.
12
එබැවින් එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඉශ්රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගන්න.
13
මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.
14
සෙනඟ යොර්දානෙන් එතරට යන්ට තමුන්ගේ කූඩාරම්වලින් නික්මගිය විට ගිවිසුම් පෙටිටිය ගෙනයන පූජකයෝ සෙනඟට පෙරටුවෙන් සිටියෝය.
15
පෙට්ටිය ගෙනයන්නන් යොර්දානට පැමිණි විටද පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පාද ජලයේ අද්දර ගැලුණු විටද (ගොයම් කපන කාලය මුළුල්ලෙහි යොර්දානේ ජලය එහි සියලු ඉවුරු ඉක්මවා උතුරායයි)
16
ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.
17
ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්රායෙල්වරු වියලි බිම පිට ගියෝය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24