bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Joshua 24
Joshua 24
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
1
පසුව යෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය.
2
යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-පූර්වකාලයෙහි ඔබ සැමගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය.
3
මම වනාහි ඒ ගංගාව එතරින් ඔබ සැමගේ පියවූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ඔහු ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩිකෙළෙමි, මම ඔහුට ඊසාක් දුනිමි.
4
ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.
5
මම මෝසෙස් සහ ආරොන් යවා මා විසින් මිසරය මධ්‍යයෙහි කළ ප්‍රකාරයටම ඊට පීඩාකෙළෙමි. පසුව ඔබ සැම පිටතට ගෙනායෙමි.
6
මා විසින් ඔබ සැමගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල ඔබ සැම මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව ඔබ සැමගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.
7
ඔවුන් ස්වාමීන්වහන්සේ ට මොරගැසූ කල උන්වහන්සේ ඔබ සැමටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි ඔබ සැම බොහෝ දවස් වාසයකළහුය.
8
තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ඔබ සැම ගෙනායෙමි; ඔව්හු ඔබ සැමට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් ඔබ සැම අතට පාවාදුනිමි, ඔබ සැම ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම ඔබ සැම ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි.
9
එකල ශිප්පෝර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක් නැගිට ඉශ්රායෙල්ට විරුද්ධව යුද්ධකර, ඔබ සැමට ශාපකරන පිණිස බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ට අඬගසා හැරියේය.
10
එහෙත් මා බාලාම්ට ඇහුම්කන්දෙන්ට නොකැමැතිවූ හෙයින් ඔහු ඔබ සැමට ආශීර්වාදම කෙළේය. මෙසේ මම ඔහුගේ අතින් ඔබ සැම ගැළවීමි.
11
ඔබ සැම යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද ඔබ සැමට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් ඔබ සැම අතට පාවාදුනිමි.
12
මම ඔබ සැමට පෙරටුව දෙබරුන් යැවීමි, උන් අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා ඔබ සැම ඉදිරියෙන් එළෙවුවෝය; ඒක වුණේ ඔබේ කඩුවෙන්වත් ඔබේ දුන්නෙන්වත් නොවේ.
13
මෙසේ ඔබ සැම වැඩ නොකර ලබාගත් දේශයක්ද ඔබ සැම ගොඩනොනැගූ නුවරවල්ද ඔබ සැමට දුනිමි, ඔබ සැම එහි වසන්නහුය; ඔබ සැම නොවැවූ මිදි වතුවලින්ද ඔලීව වතුවලින්ද ඔබ සැම ඵල කන්නහුයයි කීසේක.
14
එබැවින් ඔබ සැම ස්වාමීන්වහන්සේ ට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. ඔබ සැමගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේ ට සේවයකරන්න.
15
ස්වාමීන්වහන්සේ ට සේවයකිරීම ඔබ සැමට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය ඔබ සැමගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ ඔබ සැම වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ ඔබ සැම සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද- ස්වාමීන්වහන්සේ ට සේවයකරමුයයි කීවේය.
16
සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා;
17
මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේමය.
18
ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේ ට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය.
19
යෝෂුවා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ ට සේවයකරන්ට ඔබ සැමට බැරිය; මක්නිසාද උන්වහන්සේ ශුද්ධවූ දෙවිකෙනෙක්ය; ස්වකීය ගෞරවය රක්ෂාකරන දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ඔබ සැමගේ අපරාධද පාපද කමානොකරනසේක.
20
ඉදින් ඔබ සැම ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ ඔබ සැමට යහපත කළ නුමුත් හැරී ඔබ සැමට විපත්ති පමුණුවා ඔබ සැම විනාශකරනසේකැයි කීවේය.
21
සෙනඟද: නැත, අපි ස්වාමීන්වහන්සේ ට සේවයකරන්නෙමුයයි යෝෂුවාට කීවෝය.
22
යෝෂුවාද: ස්වාමීන්වහන්සේ ට සේවයකිරීමට ඔබ සැම විසින් උන්වහන්සේ තෝරාගත් බවට ඔබ සැම ඔබ සැමටම විපක්ෂ සාක්ෂිකාරයෝයයි සෙනඟට කීවේය. ඔව්හු: අපි සාක්ෂියයි කීවෝය.
23
එසේ වී නම් ඔබ සැම අතරෙහි ඇත්තාවූ අන්‍ය දෙවිවරුන් පහකර දමා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ සැමගේ සිත් යොමුකරන්නැයි ඔහු කීවේය.
24
සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය.
25
මෙසේ යෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හිදී සෙනඟ සමඟ ගිවිසුමක් කොට, ඔවුන්ට පනතක්ද නියෝගයක්ද නියමකෙළේය.
26
යෝෂුවා මේ වචන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලියා, මහත් ගලක් රැගෙන එය ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධස්ථානය ළඟ තිබුණු අලෝන ගස යට පිහිටුවා,
27
මුළු සෙනඟට කථාකොට: මෙන්න, මේ ගල අපට විරුද්ධව සාක්ෂියක් පිණිස තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට කී උන්වහන්සේගේ සියලු වචන ඊට ඇසුණේය. එබැවින් ඔබ සැම විසින් ඔබ සැමගේ දෙවියන්වහන්සේ එපානොකරන පිණිස ඒක ඔබ සැමට විරුද්ධව සාක්ෂියක් පිණිස වන්නේයයි කීවේය.
28
පසුව යෝෂුවා මුළු සෙනඟ තම තමුන්ගේ උරුම ප්‍රදේශවලට පිටත්කර හැරියේය.
29
මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය.
30
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.
31
ඉශ්රායෙල්වරු වනාහි යෝෂුවාගේ සියලු දවස්වලදීද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු ක්‍රියා දැනගන සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලදීද ස්වාමීන්වහන්සේ ට සේවයකළෝය.
32
තවද ඉශ්රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.
33
ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24