bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Joshua 9
Joshua 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 10 →
1
යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,
2
ඔව්හු එක් සිත්ව යෝෂුවාට සහ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට එකට රැස්වූවෝය.
3
නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට,
4
ඔව්හු ප්‍රයෝගයෙන් හැසිරෙමින්, තානාපතීන් මෙන් පිටත්ව, පරණ ගෝණිද පැළී පිළියම්කළ පරණ සම් මුද්‍රිකපාන භාජනද තමුන්ගේ කොටළුවන් පිට පටවාගෙන,
5
අණ්ඩ දැමූ පරණ වහන් පයලාගෙන, පරණ වස්ත්‍ර හැඳගන ගියෝය; ඔවුන්ගේ කෑමට ගත් රොටි සියල්ලද වේළී පුස්බැඳී තිබුණේය.
6
ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.
7
ඉශ්රායෙල් මනුෂ්‍යයෝද: ඔබ සැම අප අතරේ වසනවා වෙන්ට පුළුවන; කෙසේ අපි ඔබ සැම සමඟ ගිවිසුමක් කරමුදැයි හිවීවරුන්ට කීවෝය.
8
ඔව්හු: අපි ඔබවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: ඔබ සැම කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
9
ඔව්හු උත්තරදෙමින්: ඔබවහන්සේගේ දාසයෝවූ අපි ඔබවහන්සේගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිසා බොහෝ දුර රටකින් ආවෙමුව. මක්නිසාද උන්වහන්සේගේ කීර්තියද උන්වහන්සේ විසින් මිසරයෙහි කළ සියල්ලද,
10
යොර්දානෙන් එගොඩ සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙන්නා වන හෙෂ්බොන්හි රජවූ සීහොන්ටත් අෂ්ටාරොත්හි සිටි බාෂාන්හි රජවූ ඕග්ටත් කළ සියල්ලද ඇසීමුව.
11
එබැවින් අපේ වැඩිහිටි මහල්ලෝද අපේ රට වැසි සියල්ලෝද අපට කථාකොට: ඔබ සැමගේ ගමනට ආහාර රැගෙන ඔවුන් සම්මුඛවෙන්ට ගොස්-අපි ඔබවහන්සේලාගේ දාසයෝය කියාද අප සමඟ ගිවිසුමක් කළ මැනවියි කියාද ඔවුන්ට කියන්නැයි අපට කීවෝය.
12
ඔබවහන්සේලා ළඟට එන්ට අප පිටත්වුණ දවසේදී අපේ ආහාර පිණිස මේ රොටි උනුහුම්ව තිබෙද්දීම අපේ ගෙවලින් ගතිමුව; නුමුත් දැන් මේවා වේළී පුස්බැඳීතිබේ.
13
අප විසින් පිරෙවු මේ මුද්‍රිකපාන සම්භාජන අලුත්ව තිබුණේය; දැන් මේවා ඉරී තිබේ. මේ අපේ වස්ත්‍රද වහන්ද ගමන ඉතා දුර නිසා පරණ වී තිබෙනවායයි කීවෝය.
14
ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ගෙන් දැනුමැතිකම් නොවිචාරා ඔවුන්ගේ ආහාරවලින් පිළිගත්තෝය.
15
යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.
16
එහෙත් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමුන්ගේ අසල්වාසීන් බවත් තමුන් අතරෙහි වාසයකරන බවත් ඔවුන්ට ආරංචිවුණේය.
17
ඉශ්රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිර්යත්-යෙයාරීම් යන මේවාය.
18
සභාවේ අධිපතීන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුරුම්දී තිබුණු නිසා ඉශ්රායෙල් පුත්‍රයෝ ඔවුන්ට පහර නුදුන්නෝය. මුළු සභාව අධිපතීන්ට විරුද්ධව කොඳුළෝය.
19
නුමුත් සියලු අධිපතීහු කථාකොට: අපි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුළෙමුව, එබැවින් ඔවුන්ට අත ගසන්ට නොහැකිවමුව.
20
අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.
21
තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.
22
යෝෂුවා ඔවුන් කැඳවා: ඔබ සැම අප අතරේ වාසයකරද්දී-අපි ඔබවහන්සේලාට බොහෝ දුරින් සිටිමුව කියා අප රැවටුවේ මක්නිසාද?
23
ඉතින් ඔබ සැම ශාපලද්දෝය, ඔබ සැමගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.
24
ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය ඔබවහන්සේලාට දෙන්ටත් ඔබවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් ඔබවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි ඔබවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.
25
ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය.
26
ඔහු ඔවුන්ට එලෙසම කොට, ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ඔවුන් මරානොදමන ලෙස ඔවුන් අතින් ගළවාගත්තේය.
27
අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24