bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Joshua 23
Joshua 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
1
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,
2
යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා ඔවුන්ට කථාකොට: මම මහලුව වයෝවෘද්ධවසිටිමි.
3
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම උදෙසා මේ සියලු ජාතීන්ට කළ සියල්ල ඔබ සැම දුටුවහුය; මක්නිසාද ඔබ සැම උදෙසා යුද්ධ කෙළේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මය.
4
ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා ඔබ සැමගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා ඔබ සැමට බෙදාදුනිමි.
5
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් එළවා ඔබ සැම ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; ඔබ සැමද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.
6
එබැවින් ඔබ සැම අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස,
7
මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.
8
ඔබ සැම අද දවස දක්වා කළ හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ම ඇලුම්ව සිටින්න.
9
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් ඔබ සැමට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත.
10
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් ඔබ සැමගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.
11
එහෙයින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.
12
මක්නිසාද ඔබ සැම යම් හෙයකින් හැරී ගොස්, ඔබ සැම ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, ඔබ සැම ඔවුන් අතරෙහිද ඔවුන් ඔබ සැම අතරෙහිද ගැවසුණොත්,
13
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවී යන තුරු, ඔවුන් ඔබ සැමට මලපතක්ද උගුලක්ද ඔබ සැමගේ ඇලපත්වලට කසයක්ද ඔබ සැමගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.
14
බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ සැම දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම ඔබ සැමට පැමුණුණේය.
15
තවද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ ඔබ සැම කෙරෙහි පැමුණුණාක් මෙන්ම, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ තමන්ගේ ගිවිසුම ඔබ සැම කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල,
16
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවීයන තුරු, සියලු නරක දේවල් ඔබ සැම පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ ගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ ඔබ සැමට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් ඔබ සැම නැතිකර දමනවා ඇතැයි කීවේය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24