bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Joshua 10
Joshua 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 11 →
1
යෝෂුවා හායි නුවර අල්වා ඒක සිඳදමා, ඔහු යෙරිකෝවටත් එහි රජුටත් කළ හැටියට හායිටත් එහි රජුටත් කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන් අතරේ සිටින බවත් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක් ඇසූ කල,
2
ඔව්හු ඉතා භයවූවෝය, මක්නිසාද ගිබියොන් රාජකීය නුවරක් මෙන් මහත් නුවරක්ව තිබුණේය; ඒක හායිට වඩා මහත් විය, එහි සියලු මනුෂ්‍යයෝද බලවන්තයෝ වූහ.
3
එබැවින් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක්: ගිබියොන්වරුන් යෝෂුවාද ඉශ්රායෙල් පුත්‍රයන්ද සමඟ සමාදානවූ නිසා අප ඊට පහරදෙන පිණිස මා වෙතට අවුත් මට උපකාර කරන්නැයි
4
හෙබ්‍රොන්හි රජවූ හෝහාම්ටද යර්මුත්හි රජවූ පීරාම්ටද ලාකීෂ්හි රජවූ යපියාටද එග්ලොන්හි රජවූ දෙබීර්ටද කියා යැවීය.
5
එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය.
6
එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.
7
එවිට යෝෂුවා මුළු යුද්ධ හමුදාවද සියලු බලවන්ත යුද්ධකාරයන්ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැගී ගියේය.
8
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් ඔබ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඔබ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක.
9
යෝෂුවා ගිල්ගාල්හි සිට රාත්‍රිය මුළුල්ලේ නැගී ගොස් හදිසියෙන් ඔවුන් ළඟට පැමිණියේය.
10
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.
11
තවද ඔවුන් ඉශ්රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.
12
ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේ ට කථාකොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.
13
එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.
14
ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් උදෙසා සටන්කළසේක.
15
ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ගියෝය.
16
ඒ රජවරුන් පස්දෙනා පලාගොස් මක්කේදාහි ගුහාවේ සැඟවුණාහ.
17
රජවරුන් පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී ඉන්නවා සම්බවීයයි යෝෂුවාට දන්වනලද්දේය.
18
යෝෂුවාද: ඔබ සැම ගුහාවේ කටට ලොකු ගල් පෙරළා තබා, ඔවුන් මුරකරන්ට මිනිසුන් සිටුවන්න.
19
එහෙත් ඔබ සැම වනාහි නැවතී නොසිටින්න; ඔබ සැමගේ සතුරන් පස්සේ එළවාගෙන ගොස් ඔවුන්ගෙන් පස්සේ සිටින්නන්ට පහර දෙන්න; තමුන්ගේ නුවරවලට ඇතුල්වෙන්ට ඉඩනාරින්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ සැම අතට දී තිබේ යයි කීවේය.
20
යෝෂුවා සහ ඉශ්රායෙල් පුත්‍රයන් ඔවුන් විනාශවනතෙක් ඉතා මහත් මැරීමකින් ඔවුන් මරා නිමකළ පසුද, ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නුවරවලට ඇතුල්වූ පසුද,
21
මුළු සෙනඟ මක්කේදාහි කඳවුරට යෝෂුවා වෙතට සුවසේ හැරී ආවෝය. ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය.
22
එවිට යෝෂුවා කථාකොට: ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැයි කීය.
23
ඔව්හු එසේ කොට ඒ රජවරුන් පස්දෙනා එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද ගුහාවෙන් ඔහු ළඟට ගෙනාවෝය.
24
තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී ඔබ සැමගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.
25
යෝෂුවා ඔවුන්ට කථාකොට: භයනොවී නොකැලඹී සිටින්න, ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද ඔබ සැමට විරුද්ධව යුද්ධකරන ඔබ සැමගේ සියලු සතුරන්ට ස්වාමීන්වහන්සේ මෙසේ කරනසේකැයි කීවේය.
26
ඉන්පසු යෝෂුවා ඔවුන්ට පහරදී මරා, ගස් පහක එල්ලුවේය. ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තබා තිබුණේය.
27
ඉර බසින වේලාවේ යෝෂුවාගේ අණ පිට ඔව්හු ඔවුන් ගස්වලින් බා ඔවුන් සැඟවී සිටිය ගුහාවේ දමා, අද දක්වාම තිබෙන මහත් ගල් ඒ ගුහා කටෙහි තැබුවෝය.
28
ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.
29
මක්කේදාහි සිට යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාට ගොස් ලිබ්නාට විරුද්ධව යුද්ධකෙළේය.
30
ස්වාමීන්වහන්සේ ඒකත් එහි රජුත් ඉශ්රායෙල්වරුන් අතට පාවාදුන්සේක; ඔව්හු එහි සිටිය එක්කෙනෙක්වත් ඉතුරු නොකොට එයටත් එහි සිටිය සියලු ප්රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, යෙරිකෝවේ රජුට කළාක් මෙන් එහි රජුටත් කළෝය.
31
ලිබ්නාහි සිට යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලාකීෂ්ට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ, ඊට විරුද්ධව යුද්ධකෙළේය.
32
ස්වාමීන්වහන්සේ ලාකීෂ්ද ඉශ්රායෙල්වරුන් අතට පාවාදුන්සේක, ඔහු දෙවෙනි දවසේදී එය අල්ලාගන ලිබ්නාට කළ සියල්ල ලෙස ඊටත් එහි සිටිය සියලු ප්රාණීන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.
33
එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය.
34
ලාකීෂ්හි සිට යෝෂුවා ඉශ්රායෙල්වරුන් සමඟ එග්ලොන්ට ගොස් එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධකෙළේය;
35
ඔව්හු ඒ දවසේදී එය අල්ලාගෙන, ඊට කඩු මුවහතින් පහරදී, ලාකීෂ්ට කළ සියල්ල ලෙස එහි සිටි සියලු ප්‍රාණීන්ද ඒ දවසේදී මුළුමනින්ම විනාශකර දැමුවෝය.
36
එග්ලොන්හි සිට යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ හෙබ්‍රොන්ට ගොස් ඊට විරුද්ධව යුද්ධකොට එය අල්ලාගෙන,
37
ඊටත් එහි රජුටත් ඊට අයිති සියලු නුවරවලටත් එහි සිටි සියලු ප්රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, එග්ලොන්ට කළ සියල්ල ලෙස එක්කෙනෙකුවත් ඉතුරුනොකොට එයද එහි සිටි සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකර දැමුවේය.
38
යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර්ට හැරී ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට,
39
එය සහ එහි රජුද ඊට අයිති සියලු නුවරවල්ද අල්ලාගෙන, කඩු මුවහතින් පහරදී, එක්කෙනෙකුවත් ඉතුරුනොකර එහි සිටිය සියලු ප්‍රාණීන් මුළුමනින්ම විනාශකර දැමුවේය; ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන්ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන්ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේය.
40
මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.
41
කාදේෂ්-බර්නේය පටන් ගාසා දක්වාද මුළු ගෝෂෙන් රටෙහි ගිබියොන් දක්වාද යෝෂුවා ඔවුන්ට පහරදුන්නේය.
42
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් උදෙසා සටන් කළ බැවින් යෝෂුවා ඒ සියලු රජුන්ද ඔවුන්ගේ දේශයද එකවිටම අල්ලා ගත්තේය.
43
ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ආවෝය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24