bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 1
2 Chronicles 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 2 →
1
දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
2
සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.
3
ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි.
4
එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට දාවිත් ඊට සූදානම් කළ ස්ථානයට ඔහු විසින් ගෙනෙනු ලැබ තිබිණි. එසේ වූයේ, ඔහු ජෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණ නිසා ය.
5
තවද, හූර්ගේ පුත්රයා වන උරීගේ පුත් බෙශලෙල් සෑදූ ලෝකඩ පූජාසනය සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට විය. සලමොන් ද සභාව ද ඊට ළඟා වූ හ.
6
එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.
7
එදා රාත්රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක.
8
සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක.
9
දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක.
10
එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
11
දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,
12
ප්රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.
13
එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය.
14
තවද, සලමොන් රථ ද අසරුවන් ද රැස් කරගත්තේ ය. ඔහුට එක්දහස් හාරසියයක් රථ ද දොළොස්දහසක් අසරුවෝ ද වූ හ. ඔහු ඒවා රථ නවතන නුවරවල ද රජු ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය.
15
ඇරත්, රජ රන් රිදී ජෙරුසලමෙහි ගල් මෙන් ද කිහිරි ගස් පාත රටෙහි අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩි වන්න සැලැස්සුවේ ය.
16
සලමොන්ට සිටි අශ්වයෝ මිසර හා කූවේ දේශයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් නියමිත මිලකට ලබාගත්හ.
17
ඔව්හු රථයකට රිදී කාසි හයසියය බැගින් ද අශ්වයෙකුට එකසියපණහ බැගින් ද ගෙවා මිසර දේශයෙන් ගෙනාවෝ ය. එසේ ම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් ගෙනවුත් දුන්නෝ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36