bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 6
2 Chronicles 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 7 →
1
එවිට සලමොන් කතා කොට, සමිඳාණන් වහන්සේ වැඩ විසීමට වලාපටල හා ඝනාන්ධකාරය තෝරා ගත් සේක.
2
එහෙත්, මම ඔබට නිවාසයක් ද සදහට ම ඔබට වැඩ සිටීමට ස්ථානයක් ද ගොඩනැඟුවෙමි”යි කීවේ ය.
3
රජ තෙමේ සෙනඟ දෙසට හැරී මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී මුළු සභාවට ආශීර්වාද කෙළේ ය.
4
ඔහු කතා කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කොට,
5
‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි.
6
එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
7
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මාගේ පිය වූ දාවිත්ගේ සිතේ අදහසක් තිබිණි.
8
එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න නුඹේ සිතේ අදහසක් තිබිණි. එය හොඳ දෙයකි.
9
එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.
10
“සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කර තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි.
11
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය.
12
එවිට සලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහාගත්තේ ය.
13
මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය:
14
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.
15
ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
16
එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වකීය මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පිළිපදින හැටියට තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැති ව නොයන්නේ ය’යි ඔබ වදාළ කාරණා ඔහුට ඉෂ්ට කළ මැනව.
17
එබැවින් දැන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවා වූ දාවිත්ට ඔබ වදාළ ඔබේ වචනය ස්ථිර වේ වා!
18
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!
19
එහෙත්, මාගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා, ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම ද යාච්ඤාව ද ඇසුව මැනව.
20
ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.
21
ඔබේ මෙහෙකරුවා ද ඔබේ සෙනඟ ද වන ඉශ්රායෙල්වරුන් ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්වට කන් දුන මැනව. එසේ ය, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමා කළ මැනව.
22
“යමෙකු තමාගේ අසල්වැසියාට විරුද්ධ ව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු අවුත් මේ ගෘහයේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළහොත්,
23
ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරු හට ඔහුට නිසි විපාකය අනුව දඬුවම් කළ මැනව; නිවැරැදිකරු හට ඔහුගේ නිදොස්කම අනුව විපාක දුන මැනව.
24
“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර මේ මාලිගාවෙහි දී ඔබට යාච්ඤා කොට කන්නලව් කරන්නෝ නම්,
25
ඔබ ස්වර්ගයෙහි සිට එය අසා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපය කමා කොට, ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
26
“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින්, අහස පිය වී වර්ෂාව නැති ව ගොස්, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන කල, ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට, ඔබේ නාමය ප්‍රකාශ කර, තමන්ගේ පාපය අත්හරින්නෝ නම්, ඔබ ස්වර්ගයෙහි සිට අසා,
27
ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන් හා ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන දේශයට වර්ෂාව එවුව මැනව.
28
“දේශයට සාගතයක් නොහොත් වසංගතයක් පැමිණියොත්, වැසි නැත්නම්, ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය, පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණීම සිදු වුවහොත්, ඔවුන්ගේ දේශයේ නගර ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගනු ලබන්න හෝ යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ පමුණුවනු ලබන්න යෙදුණොත්,
29
කොයි මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල් විසින් හෝ තම තමන්ගේ සිත්වල සෝදුකින් මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කරනු ලැබුවහොත්,
30
ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඒවා අසා කමා වුව මැනව: සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක. ඔබ එකිනෙකාට සුදුසු පරිදි ඒවා ඉෂ්ට කර දුන මැනව.
31
එවිට ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි බිය වී ඔබේ මාර්ගවල ගමන් කරන්නෝ ය.
32
“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන විදේශිකයෙකු ඔබේ උතුම් නාමයත්, ප්‍රබල බාහුවත්, දිගු කළ හස්තයත් නිසා, දුර රටක සිට අවුත් මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,
33
ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් පොළොවේ සියලු සෙනඟ ද ඔබේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය දක්වන පිණිසත්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිසත් ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශිකයා ඔබෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට ඉටු කළ මැනව.
34
“ඔබේ සෙනඟ තමන්ගේ සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ඔබ විසින් යවනු ලබන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔබට යාච්ඤා කරන්නෝ නම්,
35
ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව ද කන්නලව්ව ද අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
36
“තවද, පව් නොකරන කෙනෙකු නැති බැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළොත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දී ඔවුන් වහල්කමට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබූ පසු,
37
ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයෙහි දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන එම දේශයේ දී ඔබට කන්නලව් කර, ‘අපි පව් කෙළෙමු; අපි හිතුවක්කාරකම් කොට දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු’යි කියමින්,
38
ඔවුන් වහල්කමට ගෙන ගිය අයගේ දේශයෙහි දී ඔවුන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔව්හු යාච්ඤා කරන්නෝ නම්,
39
ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව ද කන්නලව්ව ද අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව, ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට කමා වුව මැනව.
40
“දැන්, මාගේ දෙවියන් වහන්ස, මේ ස්ථානයෙහි දී කරන යාච්ඤාවට ඔබේ ඇස් ඇරී, ඔබේ කන් යොමු වී තිබේ වා!
41
ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!
42
දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36