bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 34
2 Chronicles 34
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 35 →
1
ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.
2
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.
3
ඔහු රජකමට පත් වූ අට වන අවුරුද්දේ, බාල වියේ සිටිය දී ම, තමාගේ පිය වූ දාවිත්ගේ දෙවියන් වහන්සේ සොයන්න පටන්ගෙන, දොළොස් වන අවුරුද්දේ දී ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද පහකර ජුදා සහ ජෙරුසලම පිරිසිදු කරන්න පටන් ගත්තේ ය.
4
ඔහු බලාගෙන සිටිය දී බාල් පූජාසන කඩා දමන ලද්දේ ය. ඒවාට උඩින් තිබුණු සුවඳ දුම් පුදන පූජාසන ඔහු කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද බිඳ කුඩු කොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඔහු ඒවා ඉස්සේ ය.
5
ඔහු පූජකයන්ගේ ඇටකටු ඔවුන්ගේ පූජාසන පිට පුළුස්සා, ජුදා ද ජෙරුසලම ද පිරිසිදු කෙළේ ය.
6
තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය.
7
ඔහු ඉශ්රායෙල් දේශය මුළුල්ලෙහි තිබූ පූජාසන කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද බිඳ දමා, ඒවා කුඩුකර, සියලු සුවඳ දුම් පූජාසන වනසා ජෙරුසලමට හැරී ආයේ ය.
8
තවද, ඔහු රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී දේශයත්, දේව මාලිගාවත් පවිත්‍ර කළ පසු, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස, අසලියාගේ පුත් ෂාපාන් ද නුවර අධිපතියා වූ මයසේයා ද වාර්තාකරුවා වන ජෝවාහාස්ගේ පුත් ජෝවා ද යැවී ය.
9
ඔව්හු උත්තම පූජකයා වූ හිල්කියා ළඟට පැමිණ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන් ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරු ව සිටි සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද සියලු ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද ජෙරුසලමේ වාසීන්ගෙන් ද එකතු කර ගන්න ලද මුදල් භාරගෙන,
10
සමිඳාණන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමටත්, අලුත්වැඩියා කිරීමටත් මාලිගාවේ වැඩ කරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, උන් වහන්සේගේ මාලිගාවේ වැඩ කිරීමට පත් වී සිටින තැනැත්තන් අතට ඒවා දුන්නෝ ය.
11
ඔව්හු කැපූ ගල් ද ජුදා රජුන් විසින් නැති කරන ලද ගෙවල යටලීවලට සහ බාල්කවලට ලී ද මිලේට ගන්න පිණිස වඩුවන්ටත්, ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝ ය.
12
ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ.
13
ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත්, එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් නිලධාරීන් ව සිටියෝ ය. ලෙවීවරුන්ගෙන් සමහරු ලිපිකරුවන් ව, නිලධාරීන් ව, දොරටු පාලකයන් ව සිටියෝ ය.
14
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් ඔවුන් එළියට ගන්න කල මෝසෙස් මඟින් දෙන ලද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත හිල්කියා පූජකයාට සම්භ විය.
15
හිල්කියා තෙමේ ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී මට සම්භ වී ය”යි කියා ඒ පොත ෂාපාන්ට භාර දුන්නේ ය.
16
ෂාපාන් ද පොත ගෙන නැවත රජු ළඟට ගෙන ගොස්, “ඔබේ මෙහෙකරුවන්ට භාර දුන් සියල්ල ම ඔව්හු කරති.
17
සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය.
18
තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, “පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය.
19
රජ වනාහි ඒ ව්‍යවස්ථාවේ වචන ඇසූ විට ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය.
20
තවද, රජ හිල්කියාට ද ෂාපාන්ගේ පුත් අහිකාම්ට ද මීකාගේ පුත් අබ්දොන්ට ද ලේකම් වන ෂාපාන්ට ද රජුගේ සේවකයා වන අසායාට ද අණ කොට,
21
“ඔබ ගොස් මා උදෙසාත්, ඉශ්රායෙල්වරුන්ගෙන් ද ජුදාවරුන්ගෙන් ද ඉතුරු ව සිටින්නන් උදෙසාත් සම්භ වූ පොතේ වචන ගැන සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින්, අප පිට වගුරුවා තිබෙන උන් වහන්සේගේ උදහස මහත් ය”යි කීවේ ය.
22
එවිට හිල්කියා ද රජුගේ ආඥාව ලැබූ අනික් අය ද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත් පූජක වස්ත්‍ර භාරකාරයා වූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය වෙත ගොස් මේ ගැන ඈට කතා කළෝ ය. හුල්දා ජෙරුසලමේ දෙ වන කොටසෙහි විසුවා ය.
23
ඈ ඔවුන්ට මෙසේ කීවා ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න.
24
‘බලන්න, මම මේ දේශය පිටත්, මෙහි වැසියන් පිටත් විපත්තියක් වන ජුදා රජු ඉදිරියෙහි කියෙවූ පොතෙහි ලියා තිබෙන සියලු සාප පමුණුවන්නෙමි.
25
ඔවුන් මා අත්හැර තමන්ගේ සියලු හස්ත කර්මාන්තවලින් මා කෝප කරවන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ දේශය පිට වගුරුවා තිබේ. එය නිවෙන්නේ නැත.’
26
එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඔබ එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
27
මේ දේශයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව දෙවියන් වහන්සේ වදාරා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබ සිත මොළොක් වී ඔබ උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, ශෝකයෙන් ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ බැවිනුත්, මමත් ඔබට කන් දුනිමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
28
මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ “ ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.
29
එවිට රජ, පණිවුඩකාරයන් යවා ජුදා සහ ජෙරුසලමේ සියලු ප්‍රජා මූලිකයන් රැස් කරවාගෙන,
30
ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය.
31
රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියන ලද ගිවිසුමේ වචන ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ අනුව යන හැටියටත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා පද ද පණත් ද තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු ආත්මයෙන් ද පවත්වන හැටියටත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේ ය.
32
ඔහු ජෙරුසලමෙහි ද බෙන්ජමින්ගේ දේශයෙහි ද සිටි සියල්ලන් ඊට එකඟ වන්නට සැලැස්සුවේ ය. ජෙරුසලමේ වැසියෝ ද දෙවියන් වහන්සේගේ එනම්, තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම ලෙස කළෝ ය.
33
ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36