bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 12
2 Chronicles 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 13 →
1
තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය.
2
ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝ‍්හිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය.
3
ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ.
4
ඔහු ජුදා දේශයෙහි බලකොටු නගර අල්ලා, පසු ව ජෙරුසලම දක්වා ආයේ ය.
5
එවිට දිවැසිවර ෂෙමායා රෙහොබෝවම් වෙතටත්, ෂීෂක්ට බියෙන් ජෙරුසලමෙහි රැස් ව සිටි ජුදාහි අධිපතීන් වෙතටත් අවුත්, ඔවුන්ට කතා කොට, “ ‘නුඹලා මා අත්හැරියහු ය. එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට පාවා දෙන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
6
එවිට ඉශ්රායෙල්හි අධිපතීහු ද රජු ද යටත් වී, “සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය”යි කීවෝ ය.
7
ඔවුන් යටත් වූ බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ෂෙමායාට කතා කොට, “ඔව්හු යටත් වූවෝ ය. මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි. මාගේ උදහස ද ෂීෂක් අතින් ජෙරුසලම පිට වගුරුවනු නොලබන්නේ ය.
8
එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක.
9
මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය.
10
රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ ගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට බාර දුන්නේ ය.
11
රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු අවස්ථාවන්හි දී මුරකාරයෝ ඒවා ඔසවාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.
12
තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය.
13
මෙසේ රෙහොබෝවම් රජ ජෙරුසලමෙහි ස්ථිර වී රජකම් කෙළේ ය. රෙහොබෝවම් තෙම රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ තමන්ගේ නාමයේ ගෞරවය රක්නා ස්ථානය වශයෙන් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වන ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය.
14
ඔහු සමිඳාණන් වහන්සේ සෙවීමට තම සිත යොමු නොකර නපුරුකම් කෙළේ ය.
15
මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය.
16
රෙහොබෝවම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජ විය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36