bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 22
2 Chronicles 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 23 →
1
ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව රජුගේ සියලු වැඩිමහල් පුත්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය.
2
අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි.
3
ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.
4
ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.
5
ඔහුත් ඔවුන්ගේ අවවාද ලෙස හැසිර, ආහබ්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝරාම් සමඟ සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධයට ගියේ ය. සිරියන්වරු ජෙහෝරාම්ට තුවාළ කළෝ ය.
6
ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.
7
ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.
8
තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය.
9
ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.
10
එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.
11
එහෙත්, රජුගේ දූ වන ජෙහෝෂබත් මරන්න නියම රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහු ද ඔහුගේ කිරි මව ද යහන් ගබඩාවෙහි සඟවා තැබුවා ය. මෙසේ ජෙහෝරාම් රජගේ දූ වූ, ජෙහෝයාදා පූජකයාගේ භාර්යාව වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂබත්, අතලියා විසින් නොමරනු ලබන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවා ය.
12
ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36