bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 30
2 Chronicles 30
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 31 →
1
ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය.
2
සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව,
3
දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ.
4
ඒ කරුණ රජුටත්, මුළු සභාවටත් සුදුසු යයි පෙනිණි.
5
බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත් වූ නිසා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝ ය.
6
මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත.
7
තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ ඔබේ පියවරුන්ටත්, සහෝදරයන්ටත් සමාන නොවන්න. ඔබට පෙනෙන හැටියට උන් වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවා දුන් සේක.
8
ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.
9
මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය.
10
මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ.
11
එසේ වුවත්, ආෂෙර්හි ද මනස්සේහි ද සාබුලොන්හි ද සමහරු අවනත වී ජෙරුසලමට ආවෝ ය.
12
සමිඳාණන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පිළිපදින පිණිස ජුදාවරුන් එක් සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිට ද වූයේ ය.
13
මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.
14
ඔව්හු පැමිණ ජෙරුසලමෙහි තිබූ පූජාසන පහකළෝ ය. සියලු දුම් පූජාසනත් පහකොට ඒවා කිද්‍රොන් ඔයට දැමුවෝ ය.
15
යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.
16
ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙළට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝ ය.
17
මන්ද, පවිත්‍ර නො වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස පිරිසිදු නො වූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටවුන් මැරීම ලෙවීවරුන්ට බාර විය.
18
මන්ද, ජනයාගෙන් විශාල සමූහයක් එනම්, එප්‍රායිම්ගෙන් ද මනස්සේගෙන් ද ඉස්සාකර්ගෙන් ද සාබුලොන්ගෙන් ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූ හ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කරමින්,
19
“ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය.
20
සමිඳාණන් වහන්සේ හෙසකියාට ඇහුම්කන් දී සෙනඟ සුව කළ සේක.
21
ජෙරුසලමෙහි සිටි ඉශ්රයෙල්වරු ද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය ඉමහත් ප්‍රීතියෙන් සත් දවසක් පැවැත් වූ හ. ලෙවීවරු ද පූජකයෝ ද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගයමින්, සමිඳාණන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝ ය.
22
හෙසකියා සමිඳාණන් වහන්සේගේ මෙහෙය ගැන දක්ෂතාව ඇති සියලු ලෙවීවරුන් දිරි ගන්වන ලෙස මිත්‍ර ලීලාවෙන් කතා කෙළේ ය. ඔව්හු සහභාගිකමේ පූජා ඔප්පු කරමින් ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් වැළඳුවෝ ය.
23
මුළු සභාව ද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්න සම්මත කරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත් වූ හ.
24
මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ.
25
ජුදාහි මුළු සභාව ද පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල් දේශයෙන් අවුත් සිටි නොහොත් ජුදාහි වාසය කළ විදේශිකයෝ ද ප්‍රීති වූ හ.
26
මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද, දාවිත්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ සලමොන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නො වී ය.
27
එවිට ලෙවීවරුන් වූ පූජකයෝ නැඟිට සෙනඟට ආශීර්වාද කළෝ ය. ඔවුන්ගේ හඬ අසනු ලැබී ය. ඔවුන්ගේ යාච්ඤාව උන් වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයෙහි පිළිගන්න ලදී.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36