bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Chronicles 9
2 Chronicles 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 10 →
1
ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.
2
සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා දුන්නේ ය. ඈට තෝරා දිය නොහැකි කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය.
3
සලමොන්ගේ ප්‍රඥා මහිමය ද ඔහු විසින් ගොඩනඟන ලද මාලිගාව ද ඔහුගේ මේසයේ කෑම ද,
4
ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.
5
ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී මා ඔබේ ප්‍රඥා මහිමය ද ඔබ ද ගැන ඇසූ ප්‍රවෘත්තිය සැබෑ ය.
6
එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය.
7
ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය.
8
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින්, ඔවුන් සදහට ම ස්ථිර කරන පිණිස ඔවුන්ට විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්න උන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
9
තවද, ෂෙබාහි රැජින රන් කිලෝග්‍රෑම් හාරදහසක් පමණ ද සුගන්ධ ද්‍රව්‍ය මහා රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍යවලට සමාන ඒවා තවත් නොලැබුණේ ය.
10
ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයෝ ද හඳුන් ලී සහ මැණික් ගල් ගෙනාවෝ ය.
11
රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරෙහිත් පඩිපෙළවල් ද ගායකයන්ට වීණා සහ කුඩා වීණා ද සෑදෙව්වේ ය. ඊට කලින් එබඳු ඒවා ජුදා දේශයේ නොදක්නා ලදී.
12
ෂෙබාහි රැජින සලමොන් රජුට ගෙනා දේවල් වෙනුවට දුන් ඒවා හැර, ඈ සිතූපැතූ සියල්ලත් රජතුමා ඈට දුන්නේ ය. ඉන්පසු ඇගේ සේවකයෝත්, ඈත් හැරී තමන්ගේ දේශයට යන්නට ගියෝ ය.
13
සලමොන් රජුට ව්‍යාපාරික වෙළෙන්දන්ගෙන් ද වෙනත් වෙළෙන්දන්ගෙන් ද ලැබුණු රත්රන් හැර, අවුරුද්දකට ලැබුණු රත්රන්වල බර කිලෝග්‍රෑම් විසිතුන්දහසක් පමණ වේ.
14
අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.
15
සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය.
16
ඔහු කුඩා පලිස් තුන්සියයක් ද තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහක රන් කිලෝග්‍රෑම් තුනක් විය. රජ ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි ඒවා තැබී ය.
17
තවද, රජ ඇත් දත්වලින් විශාල සිංහාසනයක් සාදා තනිකර රනින් එය ආලේප කෙළේ ය.
18
සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි.
19
පඩිවල පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක් ද විය. කිනම් රාජ්‍යයකට වත් එයාකාර සිංහාසනයක් නො වී ය.
20
සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි සියලු භාජනත් තනිකර රනින් විය. සලමොන්ගේ කාලයේ දී රිදී අගය නොකරන ලදී.
21
මන්ද, හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබිණි. ඒ තර්ෂිෂ් නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් ද රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද බැවිනි.
22
මෙසේ සලමොන් රජ ධන සම්පතින් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.
23
දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කර තිබූ ප්‍රඥාව අසන පිණිස මිහි පිට සියලු රජවරු ඔහු වෙත පැමිණියහ.
24
ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන ද රන් භාජන ද වස්ත්‍ර ද යුද්ධායුධ ද සුගන්ධ ද්‍රව්‍ය ද අශ්වයන් ද කොටළුවන් ද නියම ගණනක් ගෙනාවෝ ය.
25
සලමොන් රජුට අශ්වයන් සහ රථ සඳහා ගාල් හාරදහසක් තිබිණි. අසරුවෝ දොළොස්දහසකුත් සිටියෝ ය. රජ ඒවා රථ නවත්වන නගරවල ද තමා ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය.
26
ඔහු යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටි සියලු රජවරුන් පාලනය කෙළේ ය.
27
තවද, රජ ජෙරුසලමෙහි රිදී ගල් මෙන් ද, කිහිරි ලී පහත රටේ තිබෙන අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩිවන්නට සැලැස්සුවේ ය.
28
මිසරයෙනුත්, සියලු දේශවලිනුත් සලමොන් වෙත අශ්වයෝ ගෙනෙන ලදහ.
29
සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද?
30
සලමොන් මුළු ඉශ්රායෙල් ජාතිය හතළිස් අවුරුද්දක් ජෙරුසලමෙහි පාලනය කෙළේ ය.
31
සලමොන් මියගොස් තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36