bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 29
Jeremiah 29
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 30 →
1
අල්ලාගෙන යනු ලැබූ සෙසු නායකයන්ට ද පූජකයන්ට ද දිවැසිවරුන්ට ද නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් බබිලෝනියට හිරකරුවන් වශයෙන් ගෙනයනු ලැබූ සෙනඟට ද දිවැසිවර ජෙරමියා විසින් ලියා යවන ලද හසුන මෙය වේ.
2
ඔහු එය ලියුවේ ජෙකොනියා රජු ද මවු බිසව ද නපුංසකයන් ද ජුදා හා ජෙරුසලමේ අධිපතීන් ද කම්මල්කාරයන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් පිටත් ව ගිය පසු ය.
3
මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:
4
“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ හිරකරුවන් වශයෙන් ජෙරුසලමෙන් බබිලෝනියට ගෙන යන්නට ඉඩ හැරිය සියල්ලන්ට උන් වහන්සේ මෙසේ වදාරන සේක:
5
‘නුඹලා ගෙවල් ගොඩනඟා, එහි වාසය කරන්න; වතු වවා ඒවායින් ලැබෙන පල කන්න;
6
විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න.
7
මම නුඹලා හිරකරුවන් වශයෙන් යම් නගරයකට පැමිණෙවුවෙම් ද එහි යහපත පිණිස වැඩ කරන්න. ඒ උදෙසා මට යාච්ඤා කරන්න. ඒ නගරයේ සෞභාග්‍යය ඇති වුවහොත්, නුඹලාගේ සෞභාග්‍යයත් ඇති වන්නේ ය.’
8
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.
9
මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
10
“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.
11
නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
12
එවිට නුඹලා මට කන්නලව් කරන්නහු ය; අවුත් මට යාච්ඤා කරන්නහු ය; මම ද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.
13
නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත.
14
සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
15
“බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය.
16
දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.
17
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් අතරට යුද්ධය ද සාගතය ද වංසගතය ද පමුණුවා ඔවුන් කන්නට බැරි තරම් නරක් වී තිබෙන පිළිකුල් අත්තික්කා මෙන් කරන්නෙමි.
18
මම යුද්ධය ද සාගතය ද වසංගතය ද උපකරණ කරගෙන ඔවුන් ලුහුබැඳ ගොස්, පොළොවේ සියලු රාජ්‍යයන්ට ද භීතියක් වන සේ සලසා, මා විසින් ඔවුන් පන්නාදමන ලද සියලු ජාතීන් අතර ඔවුන් සාපයක් ද සියල්ලන්ට භීතියක් ද සරදමක් ද නින්දාවක් ද වන්නට සලස්වන්නෙමි.
19
මෙසේ කරන්නේ, මා නිරන්තරයෙන් මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත යැවූ නමුත්, ඔවුන් මාගේ වචනය නොඇසූ නිසා ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
20
එබැවින්, මා විසින් ජෙරුසලමෙන් බබිලෝනියට පලවා හරිනු ලැබූ විප්‍රවාසීන් සියල්ලෙනි, නුඹලාගේ සමිඳාණන් වහන්සේ වන මාගේ වචනයට සවන් දෙන්න.’
21
“සියලු බලැති සමිඳාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් බොරු දිවැස් වැකි ඔබ හැමට කියන කෝලායාගේ පුත් ආහබ් ද මයසේයාගේ පුත් ශෙදෙකියා ද ගැන උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතට පාවා දෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ම ඔවුන් මරන්නේ ය.
22
බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත.
23
මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ “
24
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියාට කතා කොට නෙහෙලාමියේ ෂෙමායාට මෙසේ කියන්නට වදාළ සේක: “නුඹ නුඹේ නාමයෙන් ජෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත්, මයසේයාගේ පූජක තනතුර දැරූ ශෙපනියාටත්, සියලු පූජකයන්ටත් ලියුම් ලියා මෙසේ දැන්වූයෙහි ය.
25
***
26
‘සමිඳාණන් වහන්සේ ජෙහෝයාදා පූජකයා වෙනුවට පූජකවරයා වශයෙන් ඔබ පත් කළ සේක. දැන් ඔබ දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා වන්නෙහි ය. දිවැස් වැකි කියන හැම පිස්සෙකු ම දඬුකඳේ ද විලංගුවල ද දැමීම ඔබේ යුතුකම ය.’
27
එසේ නම්, දිවැස් වැකි කියන අනාතොත්හි ජෙරමියාට නුඹ තරවටු නොකෙළේ මන් ද?
28
කුමක් නිසා ද, ඔහු බබිලෝනියේ සිටින සෙනඟ දීර්ඝ කාලයක් වහල්කමේ සිටින බවත්, ඔවුන් ගෙවල් ගොඩනඟා එහි වාසය කළ යුතු බවත්, වතු වවා ඒවායේ පල අනුභව කළ යුතු බවත් අපට ලියා එවූ නිසා ය.”
29
දිවැසිවර ජෙරමියාට ඇසෙන ලෙස පූජක ශෙපනියා මේ ලියුම් කියෙව්වේ ය.
30
එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,
31
“බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක.
32
කෙසේ ද යත්: “ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 30 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52