bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 38
Jeremiah 38
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 39 →
1
එකල මත්තාන්ගේ පුත් ෂෙපතියා ද පෂ්හුර්ගේ පුත් ගෙදලියා ද ෂෙලෙමියාගේ පුත් ජුකල් ද මල්කියාගේ පුත් පෂ්හුර් ද ජෙරමියා සියලු සෙනඟට කී වචන ඇසූ හ.
2
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.
3
සැබැවින් මේ නගරය බබිලෝනියේ රජුගේ සේනා අතට අසු වී ඔහු ඒක අල්ලාගන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
4
එවිට අධිපතීහු කතා කොට, “මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.
5
ශෙදෙකියා රජ ද, “මෙන්න, ඔහු ඔබේ අතෙහි ය. ඔබට විරුද්ධ ව කිසිවක් කරන්නට රජුට බැරි ය”යි කීවේ ය.
6
එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.
7
ජෙරමියා ළිඳේ දැමූ බව ඇසූ රජ ගෙදර සිටි නපුංසකයෙකු වූ කුෂිය ජාතික එබෙද්-මෙලෙක් රජ ගෙදරින් නික්ම, බෙන්ජමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙත ගොස්,
8
රජුට කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ මනුෂ්‍යයන් විසින් ළිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල කෲරතර ය. ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද, නගරයෙහි තවත් කෑමට රොටි නැතැ”යි කී ය.
9
***
10
එවිට රජ කුෂිය ජාතික එබෙද්-මෙලෙක්ට අණ කරමින්, “ඔබ, සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු කැඳවාගෙන ගොස්, දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ඔහු ළිඳෙන් ගොඩට ගන්නැ”යි කීවේ ය.
11
එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.
12
කුෂිය ජාතික එබෙද්-මෙලෙක්, “මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලණු යට තබාගන්නැ”යි ජෙරමියාට කීවේ ය. ජෙරමියා එසේ කෙළේ ය.
13
එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.
14
එවිට ශෙදෙකියා රජ දිවැසිවර ජෙරමියා කැඳවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තුන් වන දොරටුවට පිළිගෙන, ඔහුට කතා කොට, “මම ඔබෙන් කාරණයක් අසමි. කිසිවක් මාගෙන් නොසඟවන්නැ”යි කී ය.
15
ජෙරමියා පිළිතුරු දෙමින්, “මම ඔබට දැන්නුවොත් සැබැවින් ඔබ මා නොමරන්නෙහි ද? මා ඔබට දැනුමැතිකම් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ”යි ශෙදෙකියාට කීවේ ය.
16
එවිට ශෙදෙකියා රජ, “මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.
17
එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.
18
එහෙත්, නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර නුවූවොත්, මේ නුවර බබිලෝනිවරුන් අතට පාවා දෙනු ලබන්නේ ය. ඔවුන් එය ගිනිබත් කරනු ඇත. නුඹ ද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැ”යි කී ය.
19
එවිට ශෙදෙකියා කතා කරමින්, “බබිලෝනිවරුන්ට එකතු වූ ජුදෙව්වරුන් ගැන මම බිය වෙමි. මට වද වේදනා කරන පිණිස ඔවුන් අතට මා පාවා දෙනු ලැබේ දැ යි මට සැක ය”යි කී ය.
20
ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.
21
එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක.
22
බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”
23
තවදුරටත් ජෙරමියා කතා කරමින්, “ඔබේ සියලු භාර්යාවෝ ද දරුවෝ ද බබිලෝනිවරුන් වෙත ගෙනයනු ලබන්නෝ ය. ඔබත් ඔවුන්ගේ අතින් බේරෙන්නේ නැත. බබිලෝනියේ රජු විසින් ඔබ හිර අඩස්සි කරනු ලබන්නෙහි ය. මේ නගරයත් ගින්නෙන් දවාලනු ලබන්නේ ය”යි කී ය.
24
ශෙදෙකියා පිළිතුරු දෙමින්, “මේ වචන කිසිවෙක් දැන නොගනිත් වා! එවිට ඔබ මරණයට පත් වන්නේ නැත.
25
එහෙත්, මා ඔබ සමඟ කතා කළ බව අධිපතීන් අසා, ඔබ ළඟට අවුත්, ‘ඔබ රජුට කීවේ කුමක් ද’ කියාත්, ‘අපෙන් නොසඟවා අපට දන්වන්න. එවිට අපි ඔබ නොමරන්නෙමු’යි කියාත් ඔබට කීවොත්,
26
‘මා ජොනතන්ගේ ගෙයි නසින්නට එහි මා නැවත නොඅරින ලෙස මාගේ බැගෑපත් කන්නලව්ව රජු ඉදිරියෙහි ඔප්පු කෙළෙමි’යි කියන්නැ”යි ජෙරමියාට කීවේ ය.
27
එවිට සියලු අධිපතීහු ජෙරමියා ළඟට අවුත් ඔහුගෙන් ඒ ගැන විචාළෝ ය. රජු ඔහුට අණ කළ ලෙස ජෙරමියා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය. ඔව්හු නිශ්ශබ්ද වී යන්නට ගියෝ ය. මන්ද, රජු සමඟ කෙරුණු කතාව කිසිවෙකුට නොඇසුණේ ය.
28
මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52