bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 32
Jeremiah 32
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 33 →
1
ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
2
ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.
3
ශෙදෙකියා රජු ඔහු හිරඅඬස්සි කෙළේ, ඔහු ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි මෙසේ කී බැවිනි. “බලන්න, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු එය අල්ලාගන්නේ ය.
4
ජුදාහි රජු වන ශෙදෙකියා බබිලෝනිවරුන්ගේ අතින් නොගැළවෙන්නේ ය. සැබැවින් ම ඔහු බබිලෝනියේ රජුගේ අතට පාවා දෙනු ලැබ ඔහු ඉදිරියේ මුහුණට මුහුණ ලා කතා කරන්නේ ය.
5
ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
6
තවද, ජෙරමියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි කී ය.
7
“නුඹේ පියාගේ සොහොයුරු වන ෂල්ලුම්ගේ පුත් හනමෙල් නුඹ ළඟට අවුත්, ‘අනාතොත්හි තිබෙන කෙත මිලේට ගන්න; මන්ද, එය මිලේට ගැනීමට අයිතිය ඇති කිට්ටු ම ඥාතිවරයා නුඹ ය’යි කියනු ඇත.”
8
සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.
9
එබැවින් මම, අනාතොත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගෙන් මිලේට ගෙන, එහි මිල වන රිදී කාසි දහහතක් ඔහුට කිරා දිනිමි.
10
මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් කිරා ඔහුට මිල දිනිමි.
11
මම නියමයන් හා කොන්දේසි සටහන් කර තිබුණු මුද්‍රාව තැබූ ඔප්පුව ද විවෘත පිටපත ද රැගෙන,
12
මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියේ දී ද ඔප්පුවට අත්සන් තැබූ සාක්ෂිකරුවන් ඉදිරියේ දී ද හිරගෙයි මළුවේ හිඳගෙන උන් සියලු ජුදෙව්වරුන් ඉදිරියේ දී ද මිලේට ගැනීමේ ඔප්පුව මයසේයාගේ පුත් වන නේරියාගේ පුත් බාරුක්ට මම දිනිමි.
13
ඔවුන් සියල්ලන් ඉදිරියේ මම බාරුක්ට අණ කරමින්,
14
‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ඔප්පු එනම්, මුද්‍රාව තැබූ මිලේට ගැනීමේ ඔප්පුවත්, විවෘත ඔප්පුවත් රැගෙන, බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්නට නියම කර ඇත.
15
මන්ද, ගෙවල් ද කෙත් ද මිදි වතු ද නැවත මේ දේශයෙහි මිලේට ගනු ඇතැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේකැ’යි කීවෙමි.
16
මිලේට ගැනීමේ මේ ඔප්පුව නේරියාගේ පුත් බාරුක්ට මා භාර දුන් පසු, මම සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි:
17
“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.
18
ඔබ වහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වන සේක; පියවරුන්ගේ දුෂ්ටකම නිසා ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ට ප්‍රතිවිපාක දෙන සේක. ඔබ වහන්සේ මහෝත්තම පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ය, ඔබ වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.
19
ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.
20
මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය.
21
අපේ සතුරන් බිය ගැන්වූ හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔබේ බලයත්, පරාක්‍රමයත් මෙහෙයවා ඔබේ සෙනඟ මිසර දේශයෙන් පිටතට ගෙනා සේක.
22
ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුරුම් දී පොරොන්දු වූ ලෙස කිරි ද මී පැණි ද උතුරා යන දේශයක් වන මේ දේශය ඔබ ඔවුන්ට දුන් සේක.
23
ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපණත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.
24
“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.
25
අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.”
26
එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:
27
“මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද?
28
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. බලව, මම මේ නගරය බබිලෝනිවරුන්ගේ අතටත්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත් පවරා දෙමි. ඔහු මේ නගරය අල්ලාගන්නේ ය.
29
මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.
30
ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
31
මේ නගරය ගොඩනැඟුව දා පටන් අද දක්වා මාගේ උදහසත්, මාගේ කෝපයත් ඉපදවීමට එය හේතුවක් විය. ඒ නිසා මා ඉදිරියෙන් එය නැති කිරීමට මම තීරණය කෙළෙමි.
32
එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය.
33
ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.
34
මාගේ නාමයෙන් හැඳින්වෙන මාලිගාව කෙලෙසන පිණිස ඔව්හු පිළිකුල් ලෙස හැසුරුණෝ ය.
35
ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.
36
“එහෙත් දැන්, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද බබිලෝනියේ රජු අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ නගරය ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
37
‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි.
38
ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
39
ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි.
40
මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.
41
එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.
42
“ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි.
43
මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.
44
බෙන්ජමින්ගේ දේශයෙහිත්, ජෙරුසලම අසල ස්ථානවලත්, ජුදාහි නගරවලත් කඳු රටේ නගරවලත්, පහත රටේ නගරවලත්, දකුණු දිශාවේ නගරවලත් කෙත් මිලේට ගෙන, සාක්ෂිකාරයන් ඉදිරියෙහි ඔප්පු අත්සන් කොට මුද්‍රා කරනු ලබන්නේ ය. මක්නිසා ද, මම ඔවුන්ගේ සෞභාග්‍යය යළි උදා කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.”
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52