bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 36
Jeremiah 36
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 37 →
1
ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:
2
“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.
3
මා ජුදා වංශයට කරන්නට අදහස් කරන සියලු විපත්ති ගැන සමහර විට ඔවුන් අසා, ඔවුන්ගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ අපරාධයත්, පාපයත් කමා කරන්නෙමි.”
4
එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.
5
ජෙරමියා බාරුක්ට අණ කරමින් මෙසේ කීවේ ය: “මා හිරඅඩස්සි වී සිටින බැවින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමට මට නොහැකි ය.
6
එබැවින් ඔබ ඇතුළු වී, ඔබ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන්, සමිඳාණන් වහන්සේගේ වචන, උපවාස දවසේ දී සෙනඟ අසන පිණිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි දී කියවන්න. තම තමන්ගේ නගරවලින් එන සියලු ජුදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.
7
සමහර විට ඔවුන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්නලව් කොට, යාච්ඤා කොට, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. මන්ද, සමිඳාණන් වහන්සේ මේ සෙනඟට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන උදහස සහ කෝපය ඉමහත් ය.”
8
නේරියාගේ පුත් බාරුක් ද දිවැසිවරයා වූ ජෙරමියා තමාට අණ කළ සියල්ල ලෙස කරමින්, සමිඳාණන් වහන්සේගේ වචන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පොතෙන් කියෙව්වේ ය.
9
තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ.
10
එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.
11
ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා සමිඳාණන් වහන්සේගේ සියලු වචන පොතෙන් කියවනු ඇසූ කල,
12
ඔහු ලේකම්ගේ ඇතුළු ගෙට බැස රජ ගෙදරට ගියේ ය. එහි සියලු අධිපතියන් වන එලිෂාමා ලේකම් ද ෂෙමායාගේ පුත් දෙලායා ද අක්බෝර්ගේ පුත් එල්නාතාන් ද ෂාපාන්ගේ පුත් ගෙමරියා ද හනනියාගේ පුත් ශෙදෙකියා ද අනික් සියලු අධිපතියෝ ද වාඩි වී සිටියහ.
13
එවිට සෙනඟට ඇසෙන පිණිස බාරුක් පොත කියවන විට තමා ඇසූ සියලු වචන මීකායා ඔවුන්ට දැන්වී ය.
14
එවිට සියලු අධිපතීහු ද කුෂීගේ පුත් ෂෙලෙමියාගේ පුත් නෙතනියාගේ පුත් ජෙහුදී, බාරුක් ළඟට යවමින්, සෙනඟට ඇසෙන පිණිස ඔහු කියෙවූ පොත රැගෙන එන ලෙස කියා යැව්වෝ ය. නේරියාගේ පුත් බාරුක් පොත අතින් ගෙන ඔවුන් වෙත පැමිණියේ ය.
15
ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය.
16
තවද, ඔව්හු ඒ සියලු වචන අසා, බියපත් වී, එකිනෙකා දෙසට හැරී, “අප ඇසූ මේ සියලු වචන අපි සැබැවින් රජුට දන්වන්නෙමු”යි බාරුක්ට කීවෝ ය.
17
තවද, ඔව්හු බාරුක් අමතා, “ඔබ මේ සියලු වචන ලියුවේ කෙසේ දැ යි අපට කියන්න; ඒවා ජෙරමියාගේ මුවින් ම ඔබ ඇසුවෙහි දැ”යි විමසූ හ.
18
බාරුක් පිළිතුරු දෙමින්, “ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය.
19
එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය.
20
එවිට නිලධාරීහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයි පොත තබා රජු ළඟට මළුවට ගොස් රජු අසා සිටිය දී ඒ සියලු වචන කීවෝ ය.
21
රජතුමා පොත ගෙනෙන්නට ජෙහුදී යැවී ය. ඔහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයින් එය ගෙනවුත් රජුටත්, රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස එය කියෙව්වේ ය.
22
එය නව වන මාසය විය; රජ සිසිර විමානයේ සිටියේ ය. ඔහු ඉදිරියේ ගිනි භාජනයෙහි ගිනි දැල්වෙමින් තිබිණි.
23
ජෙහුදී පොතෙන් තීරු තුන හතරක් කියෙවූ කල රජ තෙමේ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේ ය. එවිට භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දැවී ගියේ ය.
24
එහෙත්, රජ වත්, මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝ වත් බියපත් නො වූ හ; දුකින් තමන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝ ය.
25
තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය.
26
රජ වනාහි ලේකම් තැන වන බාරුක් සහ දිවැසිවරයා වන ජෙරමියා අල්ලාගෙන එන ලෙස රාජ පුත් ජෙරාමෙයෙල්ටත්, අශ්‍රීයෙල්ගේ පුත් සෙරායාටත්, අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාටත් අණ කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් සඟවා ලූ සේක.
27
බාරුක් ජෙරමියාගේ මුවින් ඇසූ වචන සටහන් කළ පොත රජතුමා පුළුස්සාදැමූ පසු, සමිඳාණන් වහන්සේ යළිත් ජෙරමියාට කතා කොට,
28
“තවත් පොතක් ගෙන, ජුදාහි රජු වූ ජෙහෝයාකිම් දවා ලූ පළමු පොතේ තිබූ සියලු වචන එහි ලියන්නැ”යි වදාළ සේක.
29
“ජුදාහි ජෙහෝයාකිම් රජු ගැන මෙසේ කියන්නැ”යි ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක. “බබිලෝනියේ රජ අවුත් මේ දේශය විනාශ කර, මෙතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද පහ කරදමන්නේ ය කියා නුඹ මේ පොතෙහි ලියුවේ කුමක් නිසා දැ යි අසමින් නුඹ ඒ පොත පුළුස්සා දැමුවෙහි ය.
30
එබැවින් ස්වාමීන් වන මම ජුදාහි රජු වන ජෙහෝයාකිම් වන නුඹට මෙසේ කියමි. දාවිත්ගේ සිංහාසනයෙහි හිඳගැනීමට කිසි ම කෙනෙක් නුඹේ මතුපරම්පරාවෙන් නොපැමිණෙන්නේ ය. නුඹේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත්, රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේ ය.
31
මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”
32
එවිට ජෙරමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත් බාරුක් නම් ඔහුගේ ලේකම්ට දුන්නේ ය. ඔහු ද ජුදාහි රජු වූ ජෙහෝයාකිම් ගින්නෙන් දවාදැමූ පොතේ සියලු වචන ජෙරමියාගේ මුවින් අසාගෙන එහි ලිව්වේ ය. ඒ පොතට තවත් බොහෝ වචන ද එකතු කරන ලද්දේ ය.
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 37 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52