bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 44
Jeremiah 44
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 45 →
1
මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
2
“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මා ජෙරුසලමටත්, ජුදාහි සියලු නගරවලටත් පැමිණෙවූ සියලු විපත්ති නුඹලා දුටුවහු ය. බලන්න, අද ඒවා නටබුන් වී තිබේ. කිසිවෙක් එහි නොවසති.
3
එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.
4
මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.
5
එහෙත්, නුඹලා සවන් දුන්නේ වත්, සිතට ගත්තේ වත් නැත. අන් දෙවිවරුන්ට පූජා කිරීමේ දුෂ්ට පිළිවෙත නුඹලා අත්හැරියේ නැත.
6
ඒ නිසා මාගේ උදහස ද කෝපය ද ජුදාහි නගර පිටත්, ජෙරුසලමේ වීදිවලත් වගුරුවා මම ඒවා ගිනි ලෑවෙමි. ඒවා නැතිනාස්ති වී තිබෙන අයුරු අද වුව ද දක්නට ලැබේ.
7
“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවියන් වහන්සේ වන මම නුඹලාගෙන් මෙසේ ප්රශ්න කරමි: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස, නුඹලාගේ පුරුෂයන් ද ස්ත්රීන් ද ළදරුවන් ද කිරි දරුවන් ද ජුදෙව්වරුන් අතරෙන් සිඳදැමීමට කාරණය වන මේ මහත් නපුර කෙළේ මන් ද?
8
නුඹලා පදිංචි වන පිණිස පැමිණි මිසර දේශයේ දී, නුඹලාගේ පිළිමවලට හා අන් දෙවිවරුන්ට කරන පූජා කරණකොටගෙන මා කෝප කරවන්නේ මන් ද? මේ හේතුවෙන් සියල්ලන් විසින් නුඹලා අත්හරිනු ලැබ, මිහි පිට හැම ජාතීන් ඉදිරියෙහි නුඹලා නින්දාවටත්, සාපයටත් ගොදුරු වන්නහු ය.
9
ජුදා දේශයෙහිත්, ජෙරුසලමේ වීදිවලත් කරන ලද නුඹලාගේ පියවරුන්ගේ දුෂ්ටකම් ද ජුදාහි රජවරුන්ගේ දුෂ්ටකම් ද ඔවුන්ගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාගේ ම දුෂ්ටකම් ද නුඹලාගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාට අමතක වී තිබේ ද?
10
නුඹලා අද දවස දක්වා ම යටත් වුණේ වත්, ගරුබිය පෑවේ වත්, මා නුඹලා සහ නුඹලාගේ පියවරුන් ඉදිරියෙහි තබන ලද මාගේ අණපණත් ද නියෝග ද ප්රකාරයට හැසුරුණේ වත් නැත.
11
“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.
12
මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.
13
මම ජෙරුසලමට දඬුවම් කළ පරිදි මිසර දේශයෙහි වාසය කරන්නන්ටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි.
14
මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”
15
එවිට තමන්ගේ භාර්යාවන් අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දත් සියලු පුරුෂයෝ ද මහා ජනකායක් ව ළඟ සිටි සියලු ස්ත්රීහු ද මිසර දේශයේ පත්රෝස්හි විසූ මුළු සෙනඟ ද ජෙරමියාට මෙසේ කී හ:
16
“ඔබ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි ඔබට කන් නොදෙන්නෙමු.
17
අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.
18
එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”
19
ස්ත්රීවරු තවදුරටත් කතා කරමින්, “අප අහස් රැජින නම් දේවතාවියගේ ස්වරූපය අනුව රසකැවිලි සාදා ඈට පූජා කර, සුවඳ දුම් ඔප්පු කර, පානීය පූජා වැගිරෙවූ විට, එසේ කිරීමට අපේ පුරුෂයන්ගේ අනුමතය අපට නොලැබිණි දැ”යි ප්රශ්න කළහ.
20
එවිට ජෙරමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත්, ස්ත්රීන්ටත් එනම්, ඔහුට ඒ උත්තර දුන් මුළු ජනතාවට කතා කොට,
21
“ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද?
22
එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;
23
ඔබ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණපණත් ද නියෝග ද ශික්ෂා පද ද අනුව නොහැසිර, සුවඳ දුම් පුද කළ නිසාත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසාත් අද දකින්නට ලැබෙන මේ මුළු විපත්තිය ඔබට පැමිණ තිබේ යැ”යි කීවේ ය.
24
තවද, ජෙරමියා මුළු සෙනඟටත්, සියලු ස්ත්රීන්ටත් කතා කොට, “මිසර දේශයේ සිටින ජුදාවරුනි, සමිඳාණන් වහන්සේගේ වචන අසන්න.
25
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ ‘අහස් රැජින නම් දේවතාවියට අප බාර හාර වූ ප්රකාර සුවඳ දුම් ඔප්පු කොට ඈට පානීය පූජා අපි පුද කරමු’යි කියමින් නුඹලා ද නුඹලාගේ භාර්යාවෝ ද පොරොන්දු වූ ලෙස ඒවා ඉෂ්ට කළහ. හොඳයි, ඒවා ස්ථිර කර ඉෂ්ට කරන්න.
26
එබැවින් මිසර දේශයෙහි වසන සියලු ජුදාවරුනි, ස්වාමීන් වන මා මාගේ පරාක්රමවත් නාමයෙන් මිසර දේශයේ වසන සියලු ජුදෙව්වරුන්ට කියන දේට සවන් දෙන්න. මින්පසු, කිසි කලක නුඹලාගෙන් කිසිවෙකුට ‘මම ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දිවුරමි’ යන දිවුරුම් පාඨය කියා දිවිරීමට මම ඉඩ නොදෙන්නෙමි.
27
නුඹලාට සැපත නොව, විපත පැමිණෙන ලෙස මම වගබලාගන්නෙමි. මිසර දේශයෙහි සිටින සියලු ම ජුදෙව්වරු නැත්තට ම නැති වන තුරු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය.
28
එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.
29
නුඹලාගේ විපත ප්රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි.
30
මා විසින් ජුදාහි රජු වූ ශෙදෙකියා ඔහුගේ ප්රාණය හානි කරන්නට සෙවූ ඔහුගේ සතුරා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් අතට පාවා දුන් ලෙස, මිසරයේ රජ වූ පාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතට ද ඔහුගේ ප්රාණය හානි කරන්නට සොයන්නන් අතට ද පාවා දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 45 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52