bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 48
Jeremiah 48
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 47
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 49 →
1
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.
2
මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය.
3
නාස්තියත්, මහා විනාශයත් නිසා කෑමොරගැසීමේ හඬක් හොරොතයිම් කෙරෙන් නික්මෙන්නේ ය.
4
“මෝවබ් විනාශ කරනු ලැබී ය. එහි කුඩා දරුවන්ගේ බෙරිහන් දීම සෝයාර් දක්වා ඇසේ.
5
“ලුහිත්ට යන උඩහ පාරේ හැඩුම් පිට හැඩුම් නඟින්නේ ය. එසේ ය, හොරොතයිම්ට බැස යන පාරේ විනාශයේ දුක්ඛිත අඳෝනාව ඇසෙන්නේ ය.
6
“ ‘හනික, පණ බේරාගන්න පිණිස කාන්තාරයේ වල් බූරුවන් මෙන් දුවන්නැ’යි ඔව්හු කියති.
7
“එම්බා මෝවබ්! නුඹ නුඹේ බලකොටු හා සම්පත කෙරෙහි නුඹේ විශ්වාසය තැබූ බැවින් නුඹත් ගෙනයනු ලබන්නෙහි ය. කෙමොෂ් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එකට වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.
8
“සියලු නගරවලට විනාශකයා පැමිණෙන්නේ ය. කිසි ම නගරයක් නොගැළවෙන්නේ ය. ස්වාමීන් වන මා කී ලෙස මිටියාවත ද තැනිතලාව ද නැතිනාස්ති වන්නේ ය.
9
“මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.”
10
සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
11
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.
12
“එබැවින් මෝවබ් ජාතිය මිදියුස මෙන් වත් කර, හළාදමන පිණිස සෙනඟක් එවන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු මිදියුස බඳුන් හිස් කොට ඒවා කැබෙලි කොට දමන්නෝ ය.
13
ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.
14
“මෝවබ් ජනයෙනි, නුඹලා ‘වීරයෝ ය’යි ද ‘යුද්ධයෙහි දක්ෂ හේවායෝ ය’යි ද තමන් ගැන ම පුරසාරම් දොඩන්නේ මන් ද?
15
“මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.
16
“මෝවබ් රටේ විනාශය ළඟ ය. එහි විපත්තිය විගස පැමිණෙන්නේ ය.
17
“මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.
18
“අහෝ; දීබොන්හි වැසියෙනි! නුඹලාගේ තේජසින් බැස අවුත් බිම දූවිල්ලෙහි හිඳ ගන්න. මන්ද, මෝවබ් විනාශ කළ සතුරා නුඹලාට විරුද්ධ ව පැමිණ නුඹලාගේ බලකොටු විනාශ කරනු ඇත.
19
“අහෝ, අරෝයෙරේහි වැසියෙනි! මඟ රැක බලා සිට, කුමක් සිදු වුණා දැ යි ගැළවී පලා යන ස්ත්‍රී පුරුෂයන්ගෙන් අසන්න.
20
“ඔවුන් පිළිතුරු දෙමින්, ‘මෝවබ් බිඳ හෙළනු ලැබූ බැවින් එය ලජ්ජාවට පත් වී ඇත; ඒ ගැන හඬා වැලපෙන්න. මෝවබ් විනාශ කරනු ලැබී යයි අර්ණොන් ගං ඉවුරු දිගේ ප්‍රකාශ කරන්නැ’යි කියනු ඇත.
21
“තැනිතලාවේ පිහිටි, හොලොන් ද ජහශා ද මෙපායත් ද
22
දීබොන් ද නෙබෝ ද බෙත්-දිබ්ලාතයිම් ද
23
කිරියාතයිම් ද බෙත්-ගාමුල් ද බෙත්-මෙයෝන් ද
24
කෙරියෝත් ද බොශ්රා ද යන නගර පිටත්, ළඟපාත හා ඈත ඇති මෝවබ් දේශයේ සියලු ම නගර පිටත් විනිශ්චය පැමිණ තිබේ.
25
මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
26
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!
27
මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.
28
අහෝ මෝවබ් වැසියෙනි! නගර අත්හැර පර්වතවල වාසය කරන්න. ගුහා විවර පැතිවල කැදලි සාදන පරෙවියා මෙන් වන්න.
29
මෝවබ් ඉතා අහංකාරී ය. එහි වැසියන්ගේ උඩඟුකමත්, ආඩම්බරයත්, උදාරකමත්, අහංකාරයත් ගැන මා අසා ඇත.
30
ඔවුන්ගේ අභිමානය ගැන සමිඳුන් වන මම අසා ඇත්තෙමි. ඔවුන්ගේ පාරට්ටුවත්, ඔවුන්ගේ ක්‍රියාවලියත් නිෂ්ඵල ය.
31
එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි.
32
ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි. එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත. එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.
33
මෝවබ් දේශයේ සරු කෙත්වලින් ප්‍රීති සන්තෝෂය පහ වී ගොස් ඇත. මිදි මිරිකන යන්ත්‍රවල මිදියුස සිඳී යන්නට මම සැලැස්වීමි. මිදි පල මිරිකා, මිදියුස සාදන්නන් නඟන ඝෝෂාව ප්‍රීති නාදයක් නොවේ.
34
“හෙෂ්බොන්හි හා එලෙයාලේහි සෙනඟ මොරගසති. ඔවුන්ගේ මොරහඬ ජහශ් දක්වා ඇසේ; ශෝවර්හි ජනයාට එය ඇසේ. හොරොනායිම් හා එග්ලත්-ෂෙලීෂිය ද දක්වාත් ඇසේ. නිම්රිම්හි ජලය පවා හිඳී ගොස් ඇත.
35
මෝවබ්හි ගිරිකුළු දේවාලයන්හි පූජා කරන්නා ද තමාගේ දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නා ද මම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
36
“ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන ද කීර්-හෙරෙස් ගැන ද නළාවක් මෙන් දුක් හඬ නඟයි. මන්ද, ඔවුන් උපදවාගත් සම්පත් නැති වී ගොස් ඇත.
37
සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත.
38
මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
39
බලන්න, මෝවබ් සුණු විසුණු වී තිබෙන හැටි! අහෝ! එහි සෙනඟ වැලපෙන හැටි! මෝවබ් ලජ්ජාවෙන් පිටුපා සිටින හැටි! මෙසේ මෝවබ් එය වටකර සිටි සියල්ලන්ට සරදමට හා භීතියට කරුණක් වී ඇත.”
40
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි.
41
නගර සතුරාට අසු වනු ඇත; බලකොටු අල්ලා ගනු ලැබේ; මෝවබ්හි හේවායන්ගේ සිත ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් වන්නේ ය.
42
මෝවබ් තමන් උසස් ලෙස සැලකූ බැවින්, මින්පසු ජාතියක් ව නොසිටින ලෙස විනාශ කරනු ලබන්නේ ය.
43
අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
44
භීතිය කෙරෙන් පලා යන්නා බොරු වළේ වැටේ; බොරු වළෙන් ගොඩ වන්නා මලපතට අසු වේ. මන්ද, මෝවබ්ට දඬුවම් දෙන අවුරුද්ද තුළ මේ සියලු විපත් ඔවුන්ට පමුණුවනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
45
පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත.
46
අහෝ, මෝවබ්! නුඹට වන විපතක මහත! කෙමොෂ්හි සෙනඟ විනාශ වී ඇත. නුඹේ දරුදැරියෝ වහල්කමට ගෙනයනු ලැබූ හ.
47
එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”
← Chapter 47
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 49 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52