bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jeremiah 40
Jeremiah 40
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 41 →
1
රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන් ජෙරමියා අල්ලා රාමායෙන් නිදහස් කර හරිනු ලැබූ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. බබිලෝනියට ගෙන යන පිණිස ජෙරුසලමෙන් ද ජුදා රටෙන් ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ජෙරමියා ද දම්වැල්වලින් බැඳ තබන ලදී.
2
රැකවල් සේනාවේ අධිපතියා ජෙරමියා තමා වෙත ගෙන්වාගෙන ඔහුට මෙසේ කීවේ ය: “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ මේ දේශයට විරුද්ධ ව මේ විපත්තිය ප්‍රකාශ කළ සේක.
3
සමිඳාණන් වහන්සේ ඒ ප්‍රකාශය ඉටු කරමින් උන් වහන්සේ වදාළ ලෙස කළ සේක; නුඹලා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කොට, උන් වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලා වෙත පැමිණියේ ය.
4
ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් මම අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති නම් එන්න. මම ඔබ හොඳට බලාගන්නෙමි. එහෙත්, මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති තැන්නම්, නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහි ය. ඔබ යන්න කැමැති ලෙස හොඳ යයි පෙනෙන ඕනෑ තැනකට යන්න.”
5
ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටිය දී, නෙබුසරදාන් ඔහු අමතා “බබිලෝනියේ රජු ජුදා නගරයේ ආණ්ඩුකාරකමට පත් කළ, ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු සමඟ සෙනඟ අතරෙහි වාසය කරන්න. නැත්නම් ඔබට යන්න පහසු යයි පෙනෙන කොතැනට නමුත් යන්නැ”යි කීවේ ය. තවද, රැකවලුන්ගේ අධිපතියා ඔහුට සෑහෙන ආහාරත්, තෑග්ගකුත් දී ඔහු යන්නට හැරියේ ය.
6
ජෙරමියා මිශ්පා නගරයේ සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා ළගට ගොස්, දේශයේ ඉතිරි ව සිටි සෙනඟ අතරේ ඔහු සමඟ වාසය කෙළේ ය.
7
පිටිසර සිටි සේනාවල අධිපතීහු ද ඔවුන්ගේ සෙනඟ ද බබිලෝනියේ රජ අහිකාම්ගේ පුත් ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත් කළ බවත්, බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳු වූවන්ගෙන් පුරුෂයන් ද ස්ත්‍රීන් ද දරුවන් ද ඔහුට භාර කළ බවත් ඇසූ විට
8
නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.
9
එවිට ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ සෙනඟටත් දිවුරුම් දෙමින් කතා කොට, “බබිලෝනිවරුන්ට සේවය කරන්නට බිය නොවන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය.
10
මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.
11
එසේ ම මෝවබ්හි ද අම්මොන් පුත්‍රයන් අතරේ ද ඒදොම්හි ද අනිකුත් සෑම රටවල ද සිටි සියලු ජුදෙව්වරුන්ට බබිලෝනියේ රජු ජුදෙව්වරුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගිය බව ද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළ බව ද ආරංචි විය.
12
එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.
13
ඉන්පසු කාරේයාගේ පුත් ජොහානාන් ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහු ද මිශ්පාහි ගෙදලියා ළඟට අවුත්,
14
“අම්මොන් පුත්‍රයන්ගේ රජ වූ බයලිස් ඔබ මරන්නට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් එවූ බව ඔබ දන්නෙහි දැ”යි ඇසූ හ. එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන් විශ්වාස කෙළේ නැත.
15
එකල කාරේයාගේ පුත් ජොහානාන් මිශ්පාහි දී ගෙදලියාට රහසින් කතා කොට, “මා ගොස් කිසිවෙකු නොදැනුවත් ව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේ වා. ඔබව මරන්නට ඉඩ දෙන්නේ කුමට ද? එසේ වුවහොත්, ඔබ වෙත රැස් ව සිටින සියලු ජුදෙව්වරුන් විසිර යනු ඇත. ජුදාහි ඉතිරි ව සිටින සියලු දෙනා විනාශ වනු ඇතැ”යි කීවේ ය.
16
එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කාරේයාගේ පුත් ජොහානාන් අමතා, “ඔබ මේ දේ නොකළ යුතු ය. ඉෂ්මායෙල් ගැන ඔබ කියන දේ සැබෑවක් නොවේ ය”යි කී ය.
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 41 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52