bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 15
Job 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 16 →
1
ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:
2
“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?
3
ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?
4
ඔබ දේව භක්තිය ඉවත ලා දෙවිඳුන් ඉදිරියෙහි භාවනා නවත්වා ඇත.
5
ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි. චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.
6
ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ; මම නොවෙමි. ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.
7
“මෙලොව උපන් පළමු වන මිනිසා ඔබ යයි ඔබ සිතන්නෙහි ද? ඔබ කඳු හෙල්වලට පෙර බිහි වුණෙහි ද?
8
දෙවිඳුන්ගේ රහස් මන්ත්රණවලට ඔබ සවන් දී ඇද් ද? මිනිස් ප්රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද?
9
අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද? අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?
10
ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.
11
දෙවිඳාණන් ඔබ සවනතට මෘදු ලෙස කොඳුරා කියන අස්වැසිලි වදන් ඔබ අගේ නොකරන්නෙහි ද?
12
ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද? ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?
13
දෙවිඳුන්ට විරුද්ධ ව නැඟී සිට මෙවැනි වචන ඔබ දොඩන්නේ මන් ද?
14
පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද? මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?
15
දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක; සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.
16
එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?
17
“මට සවන් දෙන්න. මම කරුණු පහදා දෙමි. අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි.
18
ප්රාඥයෝ සිය මුතුන්මිත්තන්ගෙන් අසා දැනගත් දෙය නොවළහා පවසති.
19
දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි; පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ.
20
දුෂ්ටයා ජීවිතයේ සියලු දවස්වල ද සාහසිකයා දිවි ඇති තාක් ද දුක් වේදනාවෙන් පෙළෙනු ඇත.
21
බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි. සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.
22
අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.
23
ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.
24
අඳුරු දවස ඔහු බිය ගන්වයි. සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.
25
මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය; සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.
26
සිය දැවැන්ත පලිහ ඔසවාගෙන හිතුවක්කාරකමින් එතුමන්ට විරුද්ධ ව දිව ගියේ ය.
27
ඔහුට තරබාරුකමින් පිපුණ මුහුණක් ද තරකමින් නෙරා ගිය තුනටියක් ද ඇත.
28
ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය; ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය; ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.
29
එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය; ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත.
30
ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.
31
දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි. මෙසේ දුෂ්ටකම ඔහුගේ දුර්විපාකය වනු ඇත.
32
ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.
33
ඔහු, පැසෙන්නට පෙර ගෙඩි වැටී යන මිදි වැලක් ද මල් පර වී වැටෙන ඔලීව ගසක් ද වැනි ය.
34
මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත. අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.
35
අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය. මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42